ක්ෂුද්‍ර ජීවිහු හැම තැනකම සිටිති. අපේ අමාශයේ, අපේ සමෙහි. ඔව්, ඒ විතරක් නොවෙයි අහසේ පවා සිටිති. ජල වාෂ්ප හා අණු හෙවත් අංශු සමගින් වලාකුළුවල ද සජීවී බැක්ටීරියා අඩංගු වේ. එපමණක් නොවෙයි ඇතැම් ගුවන් ගත ක්ෂුද්‍ර ජිවීන් සතුව සුපිරි බලයක්ද ඇත. ජලය, අයිස් ලෙස මිදීමට ලක් කිරීමේ හැකියාව ඒවාට ඇත. අනතුරුව මෙම හේතුව නිසා අහසින් පොළවට වැසි වැටේ. ඒ කෙලෙසද? දුවිලි අංශු මෙන්ම කුඩා ඛනිජ කැබලි හෝ ක්ෂුද්‍ර ජීවීන් වටකරගෙන, මිදුණු කැටිති සැදුනු විට ඒවා පහළට වැටෙද්දී දිය වි යමින් එක්කෝ වැහි බිඳු බවට පත්වේ. නැතහොත් හිම සාදන පියලි ලෙස සෑදෙයි. මෙයින් පෙනී යන්නේ කුඩා ජීව ස්වරූප වර්ෂාවට මග පාදන බවකි. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ කොපමණක්ද යන්නයි.

“අපි මේ ක්ෂුද්‍රජීවීන්ගෙන් වලාකුළක් පිරෙව්වොත්, ඒවා මගින් මිදීම වගේම වර්ෂණයට මග පාදන කි‍්‍රයාදාමය නිර්මාණය වන්න පුළුවනි” යයි ෆ්ලොරිඩා සරවියේ බ්‍රෙන්ට් කි‍්‍රස්ටිනර් පවසයි, “ඒත් ඉතින් අප නොදන්නා කාරණය තමයි බලපෑම් කරන්න තරම් සංඛ්‍යාවක් සිටිත්ද යන්න” වායුගෝලීය බැක්ටීරියා හදාරන කි‍්‍රස්ටනර් සහ ඔහුගේ සගයන් පිරිස මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේ අරමුණින් සාම්පල සෙවීමේ මෙහෙයුම් සඳහා කාලගුණ බැලූන් හා අහස් යානා යවති. අහසේ මෙලෙස ගත කරන ක්ෂුද්‍ර ජීවීන් වැසි වැසීමේ කි‍්‍රයාදාමයෙන් යම් වාසියක් සලසා ගන්නේද? යන්න ගැන ද මෙම මෙහෙයුම් මගින් කිසියම් එළියක් ලැබෙතැයි අපේක්ෂා කෙරේ. නව, නැවුම් මත වැසි වැටීමට සැලැස්වීමට පෙර දිගු දුරක් ගමන් කිරීම පිණිස මේ ජීවීන් වලාකුළු යොදා ගන්නවා විය හැකියි.

Popular Science July/August 2017 හි පළවූ do bacteria make it rain? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න