නව සහස‍්‍රකය ඇත්තටම පටන් ගත්තේ කවදාද?
1999 දෙසැම්බර් 31 දා සවස් වන විට ලොව පුරා ජනතාව ඇඟිලි ගැන ගැන බලා උන්නේ නව වසරක උදාව පමණක් නොවෙයි නව සහස‍්‍ර වර්ෂයක්(new millennium) උදාවද බලාපොරොත්තු වෙමිනුයි. නව වසරක උදාව සමග ඇතිවන සතුටට යටින් බියකුත් සැඟැවී තිබුණේ නව සහස‍්‍රකය උදාවත් සමග ලොව පුරා පරිගණක හා වෙනත් උපකරණ අවුල් වී ගොස් මහා ව්‍යසනයක් ඇතිවේ යැයි බියකුත් තිබුණු නිසාය. එය හුඹස් බියක් බව ඔප්පු වුණත් ඒ උදාවූයේ නව සහස‍්‍රකයක් නොවේ යයි සමහරු කීහ. ඔවුන්ගේ මතය වූයේ 2001 ජනවාරි 1 දා තුරු 21 වැනි සියවස උදා නොවන බවයි. අදටත් මේ ප‍්‍රශ්නය ගැන හරි ඇත්ත මෙන්ම කරුණු කාරණා නොදන්නා අය අප අතරේ සිටිති. ඉතින් කවුද හරි?

මේ ලිපියේ මාර්තෘකාවෙන් අසා ඇති ‘නව සහස‍්‍රකය ඇත්තටම පටන් ගත්තේ කවදාද?’ යන්නට සැබෑ පිළිතුර එහෙම නැතිනම් සහස‍්‍රකය ආරම්භ වන්නේ 2001, ජනවාරි 00:00:01ටය. කෙසේ වෙතත් මෙම දිනය පිළිගැනීමට අකමැති අය සිටිති. මන්ද, එය තර්කානුකූල නොවන වගක් පෙනී යන හෙයිනි. ඇත්ත වශයෙන්ම. ඔබ නිවැරදි පූර්වාවයක් හෙවත් තර්ක පදනමක් යොදා නොගතහොත් සහස‍්‍රකය ආරම්භ වූ දිනය 2000 ජනවාරි 01 නොව 2001 ජනවාරි 01 ලෙස පිළිගැනීම තර්කානුකූල නොවන බවක් පෙනී යයි. මේ ගැටලූව විසඳීමේදී ප‍්‍රධාන වශයෙන් පාදක වන සාධකයන් ලෙස ඓතිහාසික කාරණාවක් සහ සංඛ්‍යා වර්ගීකරණය – එනම් ආදි සංඛ්‍යාවක්(cardinal number = 1,2,3 ආදී)) ලෙස හෝ ක‍්‍රම සූචක සංඛ්‍යාවක් (ordinal number= 1 වන, 2වන, 3වන ) ලෙස හෝ වර්ගීකරණය බලපායි.

මෙහිදී පෙර දැක්වූ ප‍්‍රධාන සාධකයට අදාළ ඓතිහාසික කාරණාව වන්නේ, දින දර්ශනය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1 දී වීමය. මේ කාරණාවම වුවද අප සමහර අයට උපදේශාත්මකයි. මන්ද, අප (ධන සංඛ්‍යා ගණන් කිරීම ආරම්භ කරන්නේ බිංදුවෙන් වීමයි. දින දර්ශන වර්ෂය නියෝජනය වන්නේ බලාපොරොත්තු වූ නැතිනම් අපේක්ෂිත ස්වරූපයෙන් නොවේ. නිදසුනක් දක්වන්නේ නම් කි‍්‍ර.ව. 2000 යනු ඇත්තටම යේසුස් වහන්සේගේ උප්පත්තියෙන් 2000 වන වසර නොවේ. මෙයින් හැඟීයන්නේ වර්ෂය යනු ඇත්තටම ක‍්‍රම සූචක සංඛ්‍යාවක් (2000 වන, 2001 වන, 2002 වන ආදි වශයෙන්) වුවද අප එය නිරූපනය කරන්නේ ආදි සංඛ්‍යාවක් (2000, 2001 ආදි) වශයෙන් බවයි.
2001 ආරම්භයේ දී නව සහස‍්‍රකය පටන් ගැනීමේ පදනම ආදි සහ ක‍්‍රම සූචක සංඛ්‍යා අතර වෙනසයි. වර්ෂ ආදි සංඛ්‍යා නම් (ඒ කියන්නේ අනුක‍්‍රමය (sequence) හෝ ස්ථානය(position) වෙනුවටඅගය නියෝජනය කරන, 2000 ජනවාරි 1 දා නව සහස‍්‍රකයේ ආරම්භය වන්නට තිබුණි. කෙසේ වෙතත් වර්ෂ නියෝජනය කරන්නේ යම් කාණ්ඩයක අනුක‍්‍රමයකි(sequence in a set). එහෙයින්, 2000 දී දින දර්ශන වර්ෂය වෙනස් වුවද, යේසුස් වහන්සේගේ උත්පත්තියෙන් වසර 2000 සම්පූර්ණ වී යයි ඉන් අදහස් නොවේ. ඉන් කියැවෙන්නේ වසර 2000 සම්පූර්ණ කරන්නේ නැතිව ලෝකය එහි 2000 වැනි වසර ගත කරන බවයි; නැතිනම් ලෝකය එහි 2000 වැනි වසරෙහි පසුවන බවයි.
එහෙත්, 2000 වර්ෂයේ මහා ගාලගෝට්ටිය නැතිනම් රැවටිල්ලෙන් ගැලවීමක් නොවීය. යථාර්ථය ගැන අවබෝධයක් තිබුණ අයට වුවද වර්ෂයක ඉලක්කම් හතරම වෙනස් කිරීම තුළ කිසියම් විශේෂත්වයක් ගෙන ආවේය.අංක හතරෙහි මුල් අංකය 1 වෙනුවට 2 ලෙස වෙනස් විය. එයම වැදගත් සිදුවීමක් බවට සැක නැත.(1899, 1900 ලෙස වෙනස් වෙද්දී මුල් අංකය එලෙසම තිබිය දී වෙනස් වුයේ දෙවන අංක යයි; මන්ද වෙනස් වන්නේ සියවස වීම නිසාවෙනි). එහෙයින් මහා උත්සවාකාරයෙන් නව වසර මෙන්ම නව සහස‍්‍රකයද 2000 ජනවාරි 1 දා සැමරිණ. මේ ප‍්‍රශ්නයට අදාළ ඓතිහාසික සාධක හෝ ඊට ආදි සහ ක‍්‍රම සූචක සංඛ්‍යාවල ගැලපීම ගැන ඇතැමුන්ට වගක් නැත. තවත් සමහරු සංඛ්‍යාවල වෙනසින් සතුටට පත්වූවාසේය.
Act For Libraries හි පළවූ When did the Millennium Begin යන ලිපිය ඇසුරෙනි
0 යනුවෙන් වර්ෂයක් නැත්තේ ඇයි?

දැනට අප වර්ෂ ගණන් කිරීම සඳහා භාවිත කරන ක‍්‍රමය නිර්මාණය කළේ 6 වැනි සියවසේ දී ඩයිනෝසියස් එක්සිගුයස් (Dionysius Exiguus) නම් විද්වතා විසිනි. වසර දැක්වීම සඳහා යොදා ගැනුනේ රෝම ඉලක්කම්ය. එහෙත් 0 සඳහා රෝම ඉලක්කමක් නොවීය. එහෙයින් කි‍්‍ර.ව. 1 ට පෙර වසර වූයේ කි‍්‍ර.පූ. 1යි. අතර තුර කි‍්‍ර.ව. 0ක් නොවීය. වසර අනුක‍්‍රමය දැක්වුවහොත් කි‍්‍ර.පූ. 3, කි‍්‍ර.පූ. 2, කි‍්‍ර.පූ. 1 ඉන් අනතුරුව කි‍්‍ර.ව. 1 කි‍්‍ර.ව.2 කි‍්‍ර.ව.3 වශයෙනි.
සියවස් සඳහා ආරම්භක දින
| Century-No. | First Day | Last Day |
| 1st | 1st of January 1 | 31st of December 100 |
| 2nd | 1st of January 101 | 31st of December 200 |
| 16th | 1st of January 1501 | 31st of December 1600 |
| 17th | 1st of January 1601 | 31st of December 1700 |
| 18th | 1st of January 1701 | 31st of December 1800 |
| 19th | 1st of January 1801 | 31st of December 1900 |
| 20th | 1st of January 1901 | 31st of December 2000 |
| 21st. | 1st of January 2001 | 31st of December 2100 |
| 22nd | 1st of January 2101 | 31st of December 2200 |
සහස්‍ර ආරම්භක දින
| Millennium-No. | First Day | Last Day |
| 1st | 1st of January 1 | 31st of December 1000 |
| 2nd | 1st of January 1001 | 31st of December 2000 |
| 3rd | 1st of January 2001 | 31st of December 3000 |
| 4th | 1st of January 3001 | 31st of December 4000 |
timeanddate.com ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න