මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

ලෝකය දෙවියන්ගේ නියමය අනුව සැකසුනක් යනුවෙන් බොහෝ ජනයාගේ සිත්සතන් තුල තිබු අචල විශ්වාසය දහනව වන සියවස ගතවෙද්දී,  හීන වන්නට විය. මේ සියල්ලෙහි ආරම්භය සලකුණු වන්නේ , බයිබලයේ සඳහන් වුවාට වඩා පෘථිවිය බොහෝ සේ පෞරාණික බව භුවිද්‍යාඥයන් විසින්  සොයා ගනු ලැබීමත් සමගය. තවද, දැනට නෂ්ටප්‍රාප්තව ඇති බොහෝ සත්ව විශේෂ මේ පෘථිවිය මත කලක් ජීවත්ව සිට ඇති බව ෆොසිල උපයෝගී කරගනිමින් ඔවුහු පෙන්වා දුන්හ.

දෙවියන් විසින් ඒ ඇසිල්ලේ සතුන් මැව්වා වෙනුවට, ස්වභාවික වරණය(natural selection) තුලින් සජීවී සතුන් පරිණාමය වූ ආකාරය ඉන් අනතුරුව චාල්ස් ඩාවින්(1809 – 82) පෙන්වා දුන්නේය. සිතන්නට  හැකියාවක් තිබු බොහෝ දෙනාට, ඩාවින්ගේ තර්ක ඉවත දැමීමට  නොහැකි වූ අතර ඔහුගේ මතවලින් ගම්‍ය වූ දෑ භීතිය දනවන්නක් විය. බොහෝ දෙනා සිත් තුල ජනිතව තිබු බිය මුර්තිමත් කරමින් ජර්මන් ජාතික ෆියද්රිෂ් නිට්ස්ශේ 1882 දී කියා සිටියේ ‘දෙවියන් මිය ගොස් ඇති’ බවයි.

ජීවිතය සම්බන්ධයෙන් දෙවියන් වගකිව යුතු නොවන්නේ නම්, එවිට ජිවිතයට දිව්‍යමය අරමුණක් හෝ බාගවිට කිසියම්ම අරමුණක් නොමැතිව යයි. පැවැත්මට අර්ථයක් සෙවීමට පොදුවේ මිනිසුන්ගේ ඇති පෙළඹීම විද්‍යාවේඅකුටිල කරුණු කාරනා දැක්වීම ඉදිරියේ වැලකී ගියේය. මිනිසුන්ට තව දුරටත්, ‘අප මෙලොව පහලව ඇත්තේ මන්ද?’ යනුවෙන් නිරතුරුව නගන  ප්‍රශ්නය ඇසිය නොහැකි විය. මෙම ගැටුමෙහි ප්‍රතිපලය වුයේ විශ්වය අර්ථවිරහිතය, අවිචාරිය යන සැක සංකාව ඇතිවීමයි– එනම් අභූතයයි.  මානව වර්ගයා අර්බුදයකට මුහුණ පැ වගක් පෙනෙන්නට තිබුණි. එවන් අභූත විශ්වයක දී කෙසේ ක්‍රියා කළ යූතු ද යන ගැටලුව   අස්තිත්වවාදය හෙවත් සාංදෘෂ්ටිකවාදය(existentialism) යනුවෙන් හඳුන්වනු ලබන දාර්ශනික ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් දැක්වූ  කටයුතු අතුරෙන් එකකි.

සාංදෘෂ්ටිකවාදය සහ අභූතය පිලිබඳ මතියෙහි මුලයන් පිහිටා ඇත්තේ දහ නවවන සියවසේ වුව ද, බටහිර චින්තනයෙහි ඒවා සුවිශේෂී ආකාරයෙන් ප්‍රබලව මුල් බැසගත්තේ දෙවන මහා ලෝක සංග්‍රාමයෙන් පසුවය. ‘මහා සමුලඝාතනය’යනුවෙන් ප්‍රකට, දෙවන ලෝක සංග‍්‍රාමයේදී නට්සීන් සිදු කළමහා යුදෙව් ඝාතනය මිනිසුන්ට තම සහෝදර මිනිසුන් කෙරෙහි කෙතරම් අමානුෂික විය හැකිද යන්න පෙන්නුම් කල අතර  හිරෝෂිමා සහ නාගසාකි මත පරමාණු බෝම්බ හෙලීම මනුෂ්‍යයන් මුළු මනුෂ්‍ය සංහතියම විනාස කර දැමීමේ හැකියාව පිලිබඳ අනාගත දැක්මක්(දෘෂ්ටියක්) ඉදිරි පත් කෙරිණ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉස්මතු වූ බලාපොරොත්තු රහිතබව, කාංසාව සහ වික්ෂිප්තය, සාහිත්‍යයෙහි ‘අභුතවාදී’ ප්‍රවනතාවකට තුඩු දුන්නේය. සැමුවෙල් බෙකට් විසින් රචිත ‘Waiting for Godot(1953)’ (මෙය ‘ගොඩෝ එනකන්’ යනුවෙන් අප රටෙහි ද රඟදැක්විණ) නාට්‍යයෙහි මෙම ප්‍රවනතාව මුර්තිමත් කෙරිණ. මෙහි එන චරිත දෙකක්, තුන්වන්නෙකු එනතුරු නිමක් නැතිව බලා සිටිති. හඟවනසුලු ලෙස ‘ගොඩෝ’ යනුවෙන් නම් කෙරුණු එම තුන්වැන්නා කිසි දින පැමිණෙන්නේ නැත.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ   The absurd කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending