මේ මිහිතලය මත ජිවය හට ගැනීමට මෙන්ම එය පවත්වා ගෙන යාමට ජලය අත්‍යවශ්‍යය. බොහෝ ජීවීන් ප‍්‍රධානකොටම සමන්විත වන්නේ ජලයෙහි නිදසුනක් ලෙස මිනිස් සිරුර සාමාන්‍යයෙන් සමන්විත වන්නේ අඩුතරමින් 65%ක් වත් ජලයෙනි.

භෞමික සත්ව හා ශාක හට ගැනීම හා බහුලත්වය බොහෝකොට තීරණය වන්නේ ගොඩබිමෙහි ජලය පැතිරී ඇති ආකාරය අනුවයි. කාන්තාර වැනි සුළු ජල ප‍්‍රමාණයක් ඇති පරිසරයන්හි සත්ව හෝ ශාක ජීවය හිඟය; නැතිනම් ඇත්තේම නැත. වැසි වනාන්තර වැනි ජලය බහුලව පවතින පරිසරයන්හි වෙන කොයිබටත් වඩා සත්ව හා හාක විශේෂ දක්නට ලැබේ. වැසිවනාන්තරවලින් ආවරණය වන්නේ පෘථිවියේ මතුපිටින් 6%ක් පමණකි. එසේ වුවද මෙතෙක් හඳුනාගෙන ඇති සත්ව හා ශාක විශේෂවලින් 50%ක් ඇත්තේ වැසි වනාන්තරවලය.
මතුපිට ජලය බෙදී ඇති ආකාරය

ජලය බොහෝ ද්‍රව්‍ය වර්ග ද්‍රාවනය කරයි. (දිය කරයි). එමෙන්ම ජලය, ගොඩ බිම හා මුහුද අතර රසායන ගෙන යන ප‍්‍රධානතම ප‍්‍රවාහනයෙකි.
මේ මිහිතලය මත තාපය ප‍්‍රවාහනය කරන වඩාත්ම බලවතා ජලයයි. නිවර්තන තාපය, සෞම්‍ය කලාපයට හා ධ‍්‍රැව ප‍්‍රදේශවලට ගෙන යන දැවැන්ත තාප අවශෝෂකයක් ලෙස කි‍්‍රයා කරයි.

කාලගුණය හා දේශගුණය නිර්මාණය වන්නේ වායුගෝලයේ ජලය තිබීම නිසාවෙනි. නිදසුනක් ගතහොත් වලාකුළු සෑදෙන්නේ දිය බිඳිත්ත මගිනි. ඒවා සූර්යාලෝකය හසුකරගෙන වර්ෂණය මුදාහරින අතර, එමෙන්ම පෘථිවිය වටා තාප පරිවරණ ස්ථරයක් ලෙස කි‍්‍රයාකරයි.
ජලය රත්වන්නේ හා සිසිල්වන්නේ සෙමිනි. එහෙයින් වෙරළබඩ ප‍්‍රදේශවල උෂ්ණත්වය විපර්යාස පාලනය කරයි.
ද්‍රව හෝ අයිස් යන ස්වරූපවලින් ගත්විට ජලය අපේ ග‍්‍රහලෝකයේ පෘෂ්ඨය හැඩ ගස්වන ඛාදනීය බලවේගයයි.
Marine Science: An Illustrated Guide to Science(2006) ග්‍රන්ථයෙහි Earth’s water යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න