මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

දර්ශනවාදයේ දී භෞතිකවාදය යනුවෙන් දැක්වෙන්නේ, භෞතික ද්‍රව්‍යයෙන් තොර වෙන කිසියම් දෙයක් නොපවතින බව කියැවෙන ධර්මයයි. මනස නැතිනම් චිත්තය වුව ද ඉතිහාසය මෙන්ම තනිකරම භෞතික නියමයන් අනුව විස්තර කළ හැකිය — නිදසුනක් දක්වන්නේ නම්, ඓතිහාසික වර්ධනයන් වනාහි අන්ධ ආර්ථික බලවේගයන්ගේ ප්‍රතිඵලයක් ලෙස නිරුපණය කරන අපෝහක භෞතිකවාදයක් කාල් මාක්ස් ඉදිරිපත් කළේය. මේ ආකාරයට, භෞතිකවාදය යනු විඥානවාදයෙහි හෙවත් පරමාදර්ශවාදයෙහි ප්‍රතිවිරුද්ධ දර්ශනයයි.

යථාර්ථය පිලිබඳ ආදිතම භෞතිකවාදී සටහන ඉදිරිපත් කරනු ලැබුවේ ග්‍රීක දර්ශනවාදී යෙකුවන ඩිමොක්රටිස් (ක්‍රි.පු. 460 – 370) විසින්. ඔහු කියා සිටියේ ලෝකය කුඩා අංශු වලින් සෑදී ඇතිබවයි. මෙම අංශු හඳුන්වනු ලැබුවේ පරමාණු(atoms) යනුවෙනි. මේ අදහස මුලින්ම ඉදිරිපකෙරුණු විද්‍යාත්මක සිද්ධාන්ත අතරින් එකකි. කෙසේවෙතත්, විද්‍යාව ඉදිරියටයද්දී සොයාගනු ලැබුවේ භෞතික ලෝකය, නිදසුනක් ලෙස භෞතික ද්‍රව්‍යයෙන් පමණක් නොව ක්ෂේත්‍ර සහ බලවේගයන් ගෙන් සැදුම් ගෙන ඇති බවයි. එහෙයින්, භෞතිකවාදී දාර්ශනිකයන්ට යථාර්ථය පිලිබඳ සිය අර්ථ විග්‍රහයන්, විද්‍යාත්මක ක්‍රමයෙන් ඉගෙන ගත හැකි සියල්ල ද ඇතුලත් කර ගත හැකි වෙන අයුරු සංශෝධනය කිරීමට සිදුවිය. මෙය යථානුභුතවාදය(positivism) ට සමීප වුවකි. ඒ පිලිබඳව සංකල්ප සාර සංග්‍රහයකින් ඉදිරියේ දී කතා කරමු.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Materialism කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න