ඔටුවන් ගැන කතා කරන කොට අපට නිතැනින්ම මතක් වෙන්නේ ඔවුන්ගේ පිට උඩ ඇති මොල්ලියි.  අපට මැවෙන චිත්ත රුපයේ මොල්ලි සහිත සතෙක් සිටියත් සමහරුන්ගේ හිතට, එක මොල්ලියක් සහිත සතෙක් මැවෙන්න පුළුවන්. සමහරුන්ට පෙනෙන්නේ මොල්ලි දෙකක්. ඇත්තටම  ඔටුවන්ට ඇත්තේ මොල්ලි එකක් ද? දෙකක් ද?

මේ ගැටලුවට මුල්වන්නේ ඔටුවන් වර්ග දෙකක් සිටීමයි. ඩරොමිඩරි(Dromedary) නමින් හඳුන්වන්නේ අරාබි ඔටුවන්ය. අප්‍රිකාවේ සහ මැද පෙරදිග සුලබ මේ ඔටුවන්ට ඇත්තේ එක් මොල්ලියකි. අනෙක් අතට, බැක්ටිරියන්(Bactrian) ඔටුවන් මොල්ලි දෙකක සහිතය.  ඔවුන් මොන්ගෝලියාවේ ගෝබි කාන්තාරයට ආජන්මයි නැතිනම් ආවේනිකයි.

ඩරොමිඩරි ඔටුවන් සහ බැක්ටිරියන් ඔටුවන් වෙනස් වන්නේ ඔවුනට ඇති මොල්ලි සංඛ්‍යාවෙන් පමණක් නොවෙයි.  නිදසුනක් ගත්තොත් බැක්ටිරියන් ඔටුවන්ට  සෑම ශිත සෘතුවකදීම ඝනකම ලෝම ‘කබායක්’ වැඩේ. අනතුරුව සෑම වසන්තයකදිම එම ලෝම  කබාය හැලි යයි. මෙසේ සිදුවන්නේ ඔවුන් වාසය කරන ගෝබි කාන්තාරයෙහි අත්දකින අතිශය අන්ත උෂ්ණත්ව විවිධත්වයන්ට ඔරොත්තු දීම පිණිසයි.

අනෙක් අතට, ඩරොමිඩරි ඔටුවන්ට මුලු වසර පුරාම ඇත්තේ එකම දිගක් සහිත ලෝමය. මෙම වර්ගයේ ඔටුවන් වනගතව දැකිය නොහැකි වුවත්, ‘වල්’ බැක්ටිරියන් ඔටුවන් එක්තරා සංඛ්‍යාවක්  තවමත් ගෝබි කාන්තාරයෙහි නිදැල්ලේ  වසති.

ඔටුවන් වහා කිපෙන සුළු සත්ව විශේෂයක් ලෙස සාමාන්‍යයෙන් සැලකේ. ඒ ලක්ෂණය අතින් ගත්ත ද මේ දෙවර්ගය අතර වෙනසක් දැකිය හැකිය. ‘කුකුල්’ කේන්ති කාරයින් නැතිනම් ඉක්මන් කෙන්තිකාරයින් ලෙස සැලකෙන්නේ  ඩරොමිඩරි ඔටුවන්ය. එම වර්ගය හා සසඳන විට බැක්ටිරියන් ඔටුවන් සාපෙක්ෂාව මෘදු ගතියෙන් යුක්තයි.

කොහොමවුණත්,   මේ ලිපියේ මතෘකාවෙන් ඇසු ප්‍රශ්නයට දැන් පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් නේ?

World of Science (Tell Me Why) හි පළවූ  How are Bactrian camels different from dromedary camels? යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending