ගෝලීය වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවමින් බිළාලයන් බලයට පත්වීම කරා ගිය ගමනේ වඩාත්ම පුළුල් සිතියම සකස් කිරීමට විද්‍යාඥයෝ වසර නව දහසක බළල් ජාන යොදාගනිමින් සමත්වෙති.

නුතන බිළාලයන් සියල්ල එක් තනි වල් බළල් විශේෂයකින් පැවත එන්නන්ය: එම විශේෂය Felis silvestris lybica නම් වේ. පුරාවිද්‍යාත්මක අධ්‍යයන සලකන පර්යේෂකයෙන් අදහස් කරන්නේ F. s. lybica ගේ රාජ්‍යාධිපත්‍යය ආරම්භවන්නේ නුතන තුර්කියේ සිට ලෙබනනය දක්වා පහළට දිවෙන භුමි භාගයකිනි. මෙයට වසර දස දහසකට පමණ පෙර ගොවීන් ධාන්‍ය ගබඩා කිරීමට පටන් ගත් අවස්ථාවේ හිරිහැරකාරි මියෝ ඒ කරා ඇදී එන්නට පටන් ගත්හ. එහිදී ගොවීන්ට පෙනී ගියේ මේ ගැටළුව ලිහීමට බළලුන්ට උපකාර කළ හැකිබවයි!
එහෙත් බිළාල විශේෂයේ ආධිපත්‍යය පැතිර ගියේ එහි පමණක් නොවේ. F. s. lybica පුරාතන ඊජිප්තුව ද පාලනය කළේය. ඔවුහු, බළල් මමිවරුන්ගේ සිට පිළිරූ, සිතුවම් ආදී වශයෙන් සංස්කෘතික කෘති අතරේ සිය පියසටහන් ඉතිරි කර තැබූහ. පර්යේෂකයන්ට අවශ්‍යව ඇත්තේ එකිනෙකින් වෙන්ව පිහිටා තිබු මෙකි බිලාල-ධානි දෙක අද බිළාලයන් ගෝලීය වශයෙන් ලබාගෙන ඇති සාර්ථකත්වයට මග පාඩුවේ කෙසේද යන්න දැනගැනීමටයි.
මෙය නුතන බිළාල ජාන පමණක්ම යොදා ගෙන සොයා දැන ගත හැක්කක් නොවේ. ලොව පුරාම නුතන බළලුන්ගේ ජාන කීටු(gene pools) පුදුම එලවන සුළු ආකාරයට සමානය. එයට බලපෑවේ මානව සංචාරකයන් පසුපස වැටි ගමන් කරමින් ඒ ගිය සෑම තැනකදී ම අන්තර් අභිජනනයේ දෙමිනි. “ඔස්ට්‍රේලියාවේ වේවා, එසේත් නැතිනම් ඇමෙරිකාවේ සිටීනා හෝ යුරෝපයේ වේවා නුතන ගෘහාශ්‍රීත බළලුන් එක සමානය” යයි ප්‍රංශයේ යාක් මොනෝ ආයතනයේ පුරා-ජාන විද්‍යාඥ මෙන්ම අධ්‍යයනයේ කතෘවරියක ද වන ඉවා මරියා ගයිගල් පවසයි.

ඉතින් ඒ අනුව, බළලුන් සාමුහිකව බලවත් වූ අකාරය සෙවීමේ දී පර්යේෂක කණ්ඩායම ලොව පුරා සිටි පුරාතන බළලුන්ගේ ජාන වෙත ඇස් යොමු කළහ. වසර 9,000 ක ජාන දත්ත හාරා අවුස්සා බලන කල්හි පර්යේෂකයන්ට පෙනී ගියේ මානව-බිළාල සහජීවනයේ එකිනෙකින් වෙනස් වූ රැළි හෙවත් තරංග දෙකක් තිබී ඇති බවයි. ලොව පුරා ව්‍යාප්ත වීමේ දී ඉන් එක රැල්ලක් බිළාලයන් ගොවින් හා මිත්‍ර වීමයි. අනෙක, වයිකින්වරු හා සහජීවනයයි. මේ සම්බන්ධතා ක්‍රමයෙන් ගොඩ නැගීමේ දී, හිලෑකිරිමක් සිදු වුයේ නම් එය සිදුවුයේ බෙහෙවින් පසු කලෙක බව ද පෙනී ගිය කරුණකි.

ප්‍රමාණවත් තරම සාම්පල සොයා ගැනීමේ අරමුණින් පර්යේෂකයෝ ලොව වටා සෙසු විද්‍යාඥයන්ගේ පිහිට පැතුයේ බිළාල අස්ථි සහ දත් සොයා ගැනීමටය. අස්ථි සහ දත්වල දැඩි බව සහ ස්ථාවර බව සලකන විට ප්‍රයෝජනයට ගත හැකි DNA ඒවායේ තිබීමේ හැකියාව වැඩිය. දළ වශයෙන් වසර නව දහසක කාල පරාසයක් ඇතුළත පුරාණ බළලුන්ගේ ඇට සැකිලි 200කට වැඩි ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට පර්යේෂකයන්ට හැකි විය. ඒ අතරතුර සංසන්දනය කිරීමේ අරමුණ ඇතිව නුතන බළලුන්ගේ සාම්පල ද එකතු කර ගත් අතර ඔවුහු මේ සෑම සාම්පලයකම මයිටකොන්ඩ‍්‍රිය DNA පරික්ෂා කර බැලුහ. මයිටකොන්ඩ‍්‍රිය DNA යනු මවගෙන් දරුවාට පැවරෙන සෑම සෛලයකම ඇති ජානමය ද්‍රව්‍යයයි. එය පරිණාමය පිරික්සීමේ දී ප්‍රයෝජනවත් වන්නකි.
පුරාවිද්‍යාත්මක සහ මානව ඓතිහාසික වාර්තා සමග මේ ජානමය තොරතුරු එක්කිරීමෙන් බිළාලයන් සාර්ථකත්වය කරා ගිය ගමන් මග තෝරා බේරා ගැනීමට පර්යේෂකයෝ සමත් වුහ. බළලුන් මෑත පෙරදිග ගොවින් හා හාද වීමෙන් අනතුරුව සහ ගොවින්ට බළලුන්ගේ ප්‍රයෝජනය පෙනියාමෙන් පසුව බළලුන් ද කෘෂිකාර්මික ව්‍යාපාරයේ ගමන් මගෙහි දැකිය හැකි විය. මෙයට වසර දහස් ගණනකට පසුව කලින් ද සන්ධාන කළ දෙවෙනි රැල්ලේ බිළාල සමුහය ඊජිප්තුවේ දී මිනිවුන් සමග සහවාසයෙන් කල් ගෙවීම ආරම්භ කළහ. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළිවන අන්දමට ඒ අඩු තරමින් ක්‍රි: පු: 4 වැනි සිය වසේ දී වත්ය. එහෙත් DNA පෙන්නුම් කරන්නේ රෝම යුගයේ දී ඊජිප්තු බිළාලයන් ව්‍යාප්ත වීම ආරම්භ වී මධ්‍යධරණිය හරහා මෑත පෙරදිග බළලුන් හැ මිශ්‍ර වෙමින් බොල්තික් ප්‍රදේශ වෙත පැතිරී ගිය බවයි. 13 වැනි සිය වසේ දී තරම ඔවුහු යුරෝපය හරහා යමින් අග්නිදිග ආසියාව වෙත ව්‍යාප්ත වුහ.
බිළාලයන් ජයග්‍රාහි උපාය මාර්ගයක් සොයා ගත්තාක් සේය: අපිදු මිනිසුන් සමග ම සිටිමු! වයිකින් යුගය ආරම්භ වීමෙන් පසුව ඊජිප්ත්තු බළලුන්ගේ ව්‍යාප්තිය තවත් තියුණු විය. බාගදා ඒ, කරදකාරි සතුන් පාලනය කර ගැනීමට උදව් දෙමින් වෙළඳ මං ඔස්සේ මින්සුන් සමග නව නැගී ගමන් කල බළලුන්ගේ ජනප්‍රිය බව නිසා වන්නට ඇත. “මුෂික වර්ගයේ සතුන් ආහාර කා විනාශ කර දානවා පමණක් නොවෙයි කඹ ද විනාශ කරකරලා නැවියන් ව්‍යසන වලට පත් කරනවා.” යයි අධ්‍යනයේ කතුවරයෙකු ද වන අණුක ජීව විද්‍යාඥ තියරි ග‍්‍රැනේ කියා සිටියි. මිනිසුන් සමග සිටිමින් ඔවුනට සහයවෙමින් සිදු කළ බිළාලයන්ගේ ඉදිරි ගමන එතැනින් නතර වන්නේ නැත: වසර දහස් ගණනාවක් තිස්සේ මේ ලෝමධාරිහු මිනිසුන් යන ඕනෑම තැනක ඔවුන් පසුපස යමින් ඇන්ටාක්ටිකාව හැර අන් සෑම මහාද්විපයක්ම ජය ගත්හ.






ප්‍රතිචාරයක් ලබාදෙන්න