මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
තර්ක ශාස්ත්‍රය යනු තර්ක හොඳද නැතිනම් නරකද — ඒ කියන්නේ ඒවා වලංගු ද යන්න ගැන අවධානය යොමු කරන දර්ශන වාදයේ ශාකාවයි. තර්ක ශාස්ත්‍රය සැලකිලිමත් වෙන්නේ තර්කයක අන්තර්ගතය ගැන නොව එහි විධිමත් ගුණාංග සහ ව්‍යුහය ගැනයි.
තර්කයක් වලංගු වීමට නම් පිළිගත් පදනමකින් එය කාරණාවක් තහවුරු හෝ ඔප්පු කළයුතු වන්නේ (නිගමනයක්) පුර්වාවයන් හෙවත් තර්ක පදනම් පිළිගත්තේ නමුත් නිගමනය ප්‍රතික්ෂේප කිරීම අසංස්තිථික හෙවත් නොගැලපෙන ආකාරයකටය. පුර්වාවයන්ම වුව ආනුභාවික(empirical) නිරීක්ෂණ , කලින් ඉදිරිපත්වූ තර්කවල නිගමන මගින් හෝ ස්ථාපනය කළ හැක. කෙසේවෙතත්, පුර්වාවයන් නිගමන මත රඳා පැවතිය යුතු නොවේ. නැතිනම් වන්නේ තර්කය වෘත්තාකාරවීමයි.

“පියාපත් සහිත සියලු සත්වයන්ට පියෑඹිය හැකිය; සුකරයන්ට පියාපත් ඇත;එහෙයින් සුකරයන්ට පියෑඹිය හැකිය” යන්න විකාරයක් ලෙස පෙනී යා හැකිය. එසේ වුවත් පුර්වාවයන් දෙකම මෙන්ම නිගමනය ඇත්ත නොවුව ද ආකෘතීයව ගතහොත් එය වලංගු තර්කයකි. කාරනාව වන්නේ අප පුර්වාවයන් දෙකම පිළිගතහොත් අප අපටම වීසංවාදී වන්නේ නිගමනයෙහි සත්‍යතාව අප පිළිකෙව් කරන්නේ නම්ය. මෙම තර්කයේදී යොදා ගනු ලැබ ඇති ආකාරයේ තර්කනය හඳුන්වනු ලබන්නේ අනුමිතිය(deduction) ලෙසටය. අනුමිතියේ දී පොදු සිද්ධාන්තවලින් සුවිශේෂී සත්‍යයන් ව්‍යුත්පන්න කරගැනේ(මතු කර ගැනේ).
අනික් ප්‍රධාන තර්ක වර්ගය වනුයේ උද්ගමනය යි(induction). මෙහි දී සිදුවන්නේ සුවිශේෂිව නිරීක්ෂිත කරුණු වලින් පොදු සිද්ධාන්ත ව්‍යුත්පන්න කර ගැනීමයි. මෙම වර්ගයේ තර්කයකට නිදසුන් ලෙස “සුදු පැහැ නොවන හංසයෙක් මෙතෙක් කිසිවෙකු විසින් දකිනු ලැබ නැත; එහෙයින් සියලු හංසයෝ සුදු පැහැයෙන් යූක්තය” යන්න දැක්විය හැකිය. මෙය සාධාරණ තර්කයක් ලෙස ශත වර්ෂ ගණනනාවක් තිස්සේ පෙනී යන්නට ඇත. එහෙත් යූරෝපිය පදිංචිකරුවන් මුලින්ම ඔස්ට්‍රේලියාව ගවේෂණය කරද්දී ඔවුනට ඇත්තටම කළු හංසයින් සොයා ගත හැකිවීය.
උද්ගාමි තර්කන කිසි විටකත් නිගාමී තර්කන(වලංගු වන) ආකාරයට වලංගු විය නොහේ. නිගමනය කිසිවිටකත් පුර්වාවයන්හි ගම්‍ය වන්නේ නැත; පුර්වාවයන්ට පුළුවන් වන්නේ, නිගමනය සත්‍ය වීමේ හැකියාවට ආධාර විය හැකි සාක්ෂ්‍ය සැපයීම පමණකි. එය එසේ වන නමුදු, ඇත්තටම සැබෑ ලෝකයේදී අප ගන්නා තීන්දු තීරණ හා ක්‍රියා මාර්ග බොහොමයක්ම — විද්‍යාවේ වැඩිකොටසක දී මෙන්ම පදනම් වී ඇත්තේ උද්ගමනය මතයි.

ඉහත සංක්ෂේපිත කරනු ලැබ ඇති සාම්ප්‍රදායානුකුල තර්ක ශාස්ත්‍රය හඳුන් වනු ලබන්නේ ‘විධිමත් තර්ක ශාස්ත්‍රය’ යනුවෙනි. විසිවැනි සියවසේ මුල් යුගයේ සිට වර්ධනයන් ඇතිවී තිබෙන්නේ ගණිතයට වඩා සමීප ‘සංකේත’ තර්ක ශාස්ත්‍ර ක්ෂේත්‍රයෙහිය.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Logic and argument කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න