හරිහැටි නින්දක් නොලැබුණ විට ළමයින්ට ඇතිවෙන තද බල නොරිස්සුම් ගතිය ගැන කුඩා දරුවන් ඉන්න ගෙවල්වල අය දනීති. හේතුවක් ඇතිවත් නැතුවත් අඩන්න, රණ්ඩුවෙන්න තමයි, හදන්නේ. හැබැයි එහෙත් විද්‍යාඥයන් කියන අන්දමට නම් එය මෙම සුළු ‘කරදරයට‘ පමණක් සීමාවෙන්නේ නැහැ. පර්යේෂණවලින් සොයා ගෙන ඇති අන්දමට නින්ද අඩුවීම ළමුන්ගේ සෛලමය වයස්ගතවීම(cellular ageing) වේගවත් කරයි. මේ කි‍්‍රයාදාමය හේතුවෙන් දීර්ඝකාලීන බලපෑම් ඇති විය හැකියි.

ක්‍රෝමයෝමවල දෙපැත්තේ ඇති Telomeres නම් වැස්මවල් අපේ සෛල විභාජනය වන සෑම වාරයකදීම කෙටිවේ. ඒවා ඕනෑවට වඩා කෙටි වූ විට සිරුර අලූත් වැඩියාව හෝ පරිපූර්ණය කිරීමට විභාජණයවූ සෛලවලට නොහැකි වෙතැයි කල්පනා කෙරේ. මෙය සැලකෙන්නේ වයස් ගතවීමේ සළකුණක් ලෙසටය. වැඩිහිටියන් සම්බන්ධ කරගෙන සිදු කරුණු ලැබූ සුළු ප‍්‍රමාණයේ පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ නින්ද, Telomere වල දිගට සම්බන්ධයක් තිබිය හැකි බවයි.
මෙම කාරණාව ළමුන් සම්බන්ධයෙන්ද සාධාරණදැයි විමසීම පිණිස පි‍්‍රන්ස්ටන් සරසවියේ සාරා ජේම්ස් , ඩැනියෙල් නොටමෑන් සහ කණ්ඩායම දත්ත සමුදායක් පිරික්සා බැලූහ. නිදා ගැනීමට ගත කරන කාලය පිළිබඳව, ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල නව හැවිරිදි ළමුන් 1567ක් ආශ‍්‍රයෙන් එකතු කළ තොරතුරු ද මේ දත්ත සමුදායට ඇතුළත්ය. පර්යේෂණ කණ්ඩාය DNA සාම්පල එක් රැස් කරගත්තේ මෙම ළමුන්ගේ ඛේටයෙනි. (කෙළ) ඒවායින් ඔවුන්ගේ Telomere වල දිග මනිනු ලැබීය.

මෙහිදී ඔවුනට පෙනී ගියේ නින්ද අඩු ළමුන්ගේ Telomere කෙටි බවයි. සාරා ජේම්ස් කියන අන්දමට සෑම රාති‍්‍රයකම අඩුවෙන් නිදන එක් පැයකට Telomere වල දිග සියයට 1.5ක කෙටි වීමක් දක්නට හැකිය. කෙටි Telomeres, පිළිකාව, හෘදයාබාධ සහ ප‍්‍රජානන හානිය හා සම්බන්ධ කර ඇත. එහෙත්, මේ ළමයි ඒ කිසිදු රෝගයක සලකුණු නොදැක්වූ අතර එසේ වන්නට ඇත්තේ ඔවුන්ගේ කුඩා වයස නිසා විය හැකි යයි සැලකේ. කෙසේ වෙතත් ජීවිතයේ පසු කලෙක ඔවුනට මෙම රෝග හටගැනීමේ අධික අවදානමක් තිබේ. “මෙය සැලකිල්ලට යොමු කළ යුත්තක්” ජේම්ස් පවසන්නීය.
වැඩිහිටියන් සම්බන්ධ කරගෙන සිදු කළ ඇතැම් පර්යේෂණ දක්වන්නේ අඩුවෙන් නිදාගැනීම මෙන්ම ශරීර සෞඛ්‍යයට, අධික නින්ද ද හානි කර බවයි. එහෙත් අධ්‍යයනයට සම්බන්ධ ළමුන් ගැන සලකද්දී අඩුතරමින් සෛලමය වයස් ගතවීම සලකතොත් වඩාත් දිග Telomere වැඩිපුර නිදා ගැනිමටට සම්බන්ධබවයි.
වැඩිපුර නිදාගැනීමෙන් Telomere කෙටිවීම ආපස්සට හැරවිය හැකිද යන්න ගැන පර්යේෂණ කණ්ඩායමට යමක් පැවසිය නොහැකි වුවත් ප‍්‍රමාණවත් තරමින් නිදා ගැනීමේ අවශ්‍යතාව අධ්‍යයන මගින් නැවතත් සනාථ කර තිබේ. “මෙවැනි ළමුන්ට දිනකට පැය 9 සිට 11 දක්වා කාලයක් නිදාගැනීම සුදුසු ය” යි වර්තමානයේ නිර්දේශ කරන බව ජේම්ස් වැඩිදුරටත් කියා සිටියි.
New Scientist (8TH July, 2017) හි පළවූ Children who sleep less may age faster යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න