මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

සංකල්පයක්  ලෙස ගත් කලශ්‍රද්ධාව හෙවත් භක්තිය විශ්වාසය යන්න සමග එකක් මත එකක් වැටීම හෙවත් අතිපිහිත වීම සිදුවුණත් එය විශ්වාසය හා අනන්‍ය නොවේ. මනෝවිද්‍යාවේ දී විශ්වාසය ඥානය හා විසංසන්දනය කෙරේ: යම් දෙයක් එසේ විය යුතු බව අප විශ්වාස කරන්නේ යයි අප පවසන විට, අප එය දන්නා බව පැවසීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය අප සතුව නැත. දෙවියන් පිලිබඳ විශ්වාසය වැටෙන්නේ මෙම ගණයටයි. තවද, අප ශ්‍රද්ධාව හෙවත් භක්තිය යන්නෙන් බොහෝ විට අදහස් කරන්නේ ද මෙයමයි — එනම්, ඔප්පු කිරීම හෝ සාක්ෂ්‍ය අවශ්‍ය නොවන  දැඩි එමෙන්ම අචල පරිඥානයක්.

Image result for faith

ක්‍රිස්තියානි දෙවවේදයේ හෙවත් දේව ධර්මයේ දී භක්තිය යන්නෙන් හඟවන්නේ දෙවියන් කෙරෙහි මෙන්ම දෙවියන්ගේ ක්‍රියා සහ පොරොන්දු මත ඇති අධික පිළිගැනීම හෙවත් දැඩි විශ්වාසයයි. එය, ශාන්ත පාවුළු දක්වන පරිදි ‘ඇදහිල්ල වනාහි බලාපොරොත්තුවන දේ  පිලිබඳ සහතිකය වේ. අදෘශ්‍යමාන දේ පිලිබඳ පැහැදිමය’(හෙබ්‍රෙව් 11:1). ශ්‍රද්ධාව සැලකෙන්නේ දෙවියන්ගේ ප්‍රසාදය  විද්‍යාමානවීමක් ලෙසය. මේ හා සමාන අදහසක් ඉස්ලාම් ධර්මයේ ද දැකිය හැකිය: ‘කුමන ආත්මයක් හෝ අල්ලාහ්ගේ දයාව නොමැතිව විශ්වාසය තැබිය නොහැක’(කුරානය 10:100).

Image result for Quintus Septimius Florens Tertullianus

‘ස්වභාවික දේවවාදීන්’ කියා සිටින්නේ දෙවියන්ගේ පැවැත්ම පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් බුද්ධිය මගින් නිගමනය කල හැකි බවයි. විසංසන්දනාත්මකව, ‘භක්තිවාදින්’ දරන මතය වන්නේ ආගමික ඇදහීම තනිකරම ශ්‍රද්ධාව හෙවත් භක්තිය මත පදනම් වන බවයි. භක්තිවාදයේ අතිශය අන්තගාමි අනුවාදය,  Quintus Septimius Florens Tertullianus යන ලතින් නාමයෙන් හැඳින්වූ මුල් යූගයේ ක්‍රිස්තියානි දෙවවෙදියෙකු වූ ටර්ටුලියන් (ක්‍රි.ව.160 – 240) ‘එය අශක්‍ය(විය නොහැකි) හෙයින් එය ස්ථිරයි’(Certum estquia impossibile est)  යනුවෙන් ‘කායයස්තවිම’(ශරීරයකින් ලොව පහළවීම) සාධාරනීකරණය කරමින් සිදුකල කියමනෙහි අන්තර්ගතය. භාක්තිවාදින්ට අනුව ශ්‍රද්ධාව, ගුඪ අත්දැකීම මගින්, ආනුශ්‍රවිකය(revelation) මගින්, සහ අහේතුක හෙවත් අවිචාරි වීම(irrational) පිණිස මිනිසුන්ට ඇති උවමනාව මගින් යුක්තිමත් කෙරේ.

පුද්ගලයකුගේ ගැලවීම තීරණය කිරීමේදී ‘ක්‍රියාවන්’(පුණ්‍ය ක්‍රියා) වෙනුවට ශ්‍රද්ධාවෙහි සාපේක්ෂ වැදගත්කම ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉමහත් වාද විවාද වලට තුඩුදුන්නේය. (බයිබලයෙහි) ජාකොබ්තුමා වෙත යැවු හසුනෙහි ‘ක්‍රියාවලින් තොර විශ්වාසයක් නිෂ්ඵල’ යයි අපි කියවා ඇත්තෙමු.

කෙසේවෙතත්, ක්‍රිස්තියානි දෙවවේදයෙහි කියා සිටින්නේ පශ්චාත්තාපී වන පව්කාරයෙකුට හෝ පව්කාරියකට දේව දයාවෙන් ගැලවීම ලැබිය හැකි බවයි. මෙය ප්‍රොතෙස්තන්ත රෙපරමාදු දහමෙහි විශේෂයෙන් වැදගත් අංගයක් වන අතර මාටින් ලුතර් එය හුවා දැක්වුයේ මෙලෙසයි: ‘පව්කාරයෙකුව, දැඩිව  පාපයෙහි නියැලෙන්න; එහෙත්  වඩාත් දැඩිව ශ්‍රද්ධාව ඇතිකරගෙන  ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රිතිමත්වන්න’

Big ideas in brief (Quercus, 2013) Faith නම් ග්‍රන්ථයේ කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending