මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

අදේවවාදය යනු දෙවියන්ගේ හෝ වෙනත් අධ්‍යාත්මික ප්‍රාණියෙකුගේ පැවැත්ම ප්‍රතික්ශේප කිරීමයි. අදේවවාදයට පක්ෂව ඇති වඩාත් සුලබම තර්කය වනුයේ එවැනි ප්‍රා ණියෙකුගේ  හෝ ප්‍රාණින්ගේ පැවැත්මක් ඇති බවට සාක්ෂි නොමැත යන්නය. මේ ආස්ථානය පුළුල්ව ගත් කල දාර්ශනික භෞතිකවාදය(philosophical materialism) හා  සමග සම්පාතවේ. තවද, නිරීක්ෂණය කළ හැකි  විශ්වය පැහැදිලි කිරීම සඳහා තවදුරටත් දිව්‍යමය මැවුම්කරුවෙකු  අවශ්‍ය නොවන බව ප්‍රදර්ශනය කළ විද්‍යාව මගින් එම ආස්ථානය  ප්‍රතිසාධනය හෙවත් වෙර ගැන්වීම කර ඇත.

(තර්කානුසාරී යථානුභුතවාදින්- logical positivists- වැනි) විවිධ  නුතන දර්ශනවාදීන් තර්ක කරන්නේ දෙවියන් පිලිබඳ සංකල්පය, පරික්ෂාවට ලක් කළ නොහැකි හෙයින්, (එම සංකල්පය) අර්ථවිරහිත  බවයි. සුප්‍රකට ජර්මානු ජාතික දර්ශනවාදියෙකුවන ෆෙඩ්රික් නීට්ෂේ  කියා සිටි ප්‍රකට කියමනක් වනුයේ “දෙවියන් මිය ගොස් ඇත” යන්නයි”.

අදේවවාදය යනු අඥෙයවාදය(agnosticism)ම  නොවේ;  අඥෙයවාදය කියා සිටින්නේ දෙවියන් සිටි ද නැත් ද  යන්න තීරණය කිරීම පිණිස ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. අඥෙයවාදින්ට අනුව දෙවියන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නය හුදෙක්ම පිළිතුරක් සැපයිය හැක්කකි. උග්‍ර භාක්තිවාදින් (fideists) ප්‍රකාශ කරන්නේ බුද්ධි විචාරය හා භක්තිය අතර කිසිම සම්බන්ධයක්  නැති බවයි. දෙවියන්ගේ පැවැත්ම යන්න අර්ථ විග්‍රහයෙන්ම පාහේ ඔප්පුකළ නොහැකිය යන්න ඔවුහු තදින් කියා සිටිති.  

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Atheism කොටස ඇසුරෙනි

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending