මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

දර්ශනවාදීන් නිගමනයට පැමිණෙන වඩාත් අභියෝගාත්මක ආස්ථාන බොහොමයක් විවේචනයට ලක්වන්නේ ඒවා ‘වැටහෙන නුවණ’ට පටහැනි වන්නේය යන පදනම යටතේය. අප බාහිර ලෝකය සෘජුව ප්‍රග්‍රහණය කරන බව, එමෙන්ම අප දකින්නේ යම්  දේවල ස්වභාවය කෙබඳු දැයි යන්න බව අපට කියන්නේ ‘වැටහෙන නුවණ’යි. නිදසුනක් දක්වතොත් පරම යථාර්ථය  ඉන්ද්‍රියයන් මගින් ග්‍රහනය කළ නොහැකිය යනුවෙන් ප්ලේටෝ දැක්වූ අදහස නිෂ්ප්‍රභ කිරීමට මෙලෙස ‘වැටහෙන නුවණ’ උපයෝගී කරගනු ලැබේ.

තෝමස් රීඩ්
ඩේවිඩ් හියුම්

බාහිර ලෝකය සහ මනුෂ්‍ය ආත්මය සම්බන්ධයෙන් ඩේවිඩ් හියුම් දක්වන අතිශය සංශයවාදී බව තවත් ස්කොට්ලන්ත ජාතිකයෙකු වන, ‘වැටහෙන නුවණ’ ගුරු කුලයේ නිර්මාතෘ තෝමස් රීඩ්(1710 – 96) විසින් හෙළා දකිනු ලබන්නේ යුග (කාලවල) සහ ජාතීන්ගේ, උගතුන්ගේ සහ නුගතුන්ගේ එකඟතාව මගින් ඒවායේ පැවැත්ම ඉබේටම පැහැදිලි වන්නේය යන පදනම මතය. මෙය සාක්ෂි මත ස්ථාපනය වුවක් යයි සැලකීම උගහටය. ඒ වෙනුවට හුදෙක් සම්ප්‍රදායේ අධිකාරයට සහ අචේතනික අගතියට  අනුකුලතාව  පළකිරීමකි. ප්‍රතිභාසය හෙවත් දෘෂ්‍යමානය රවටන සුළුය. ඇරත්, වැටහෙන නුවණ හෙවත් පොදු චින්තනය අපට කියන්නේ පොළව පැතලිය, එමෙන්ම සුර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන්නේය යන්න මිස එහි අනික් පැත්ත නොවේ.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  Common sense යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending