මාතෘකාව ශී‍්‍ර ලංකාවේ කලක් ජනපි‍්‍රය ගීතයක කොටසකින් සකස්කර ගත්තේ වුවද අප අද තතු මගින් කතා කිරීමට යන්නේ ගීත ගැන නොව ගැඹුරු මුහුදින් සොයාගත් ගුප්ත මත්ස්‍යයෙකු ගැනයි. මුහුදු මතුපිටින් අඩි 8000කට වැඩියෙන් ගැඹුරු මුහුදෙන් සොයා ගනු ලැබූ මේ මත්ස්‍යයා නව විශේෂයක් විය හැකි යයි විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ දඟලන සුළු සත්වයා ගොළුබෙලි(snailfish) මත්ස්‍යයෙකු වන අතර Liparidae පවුලට අයත් යයි සැලකේ. මුහුදේ එතරම් ගැඹුරින් සොයා ගනු ලැබූ මත්ස්‍යයෙකු හැටියට බලාපොරොත්තු නොවන ආකාරයට මේ ගොළුබෙලි මත්ස්‍යයා බුහුටිය. මේ මත්ස්‍යයා ගැඹුරු සාගරයේ සිටින සතුන්ට වඩා අපට සිහිපත් කරන්නේ කාප් වර්ගයේ කුඩා මිරිදිය මාළු වර්ගයක් වන මිනෝවන්ය.
ස්නෙල්ෆිෂ් හෙවත් ගොළුබෙලි මත්ස්‍යයන් යනු ඇත්තටම විශේෂ 350ක් ඇතුළත් විශාල (මත්ස්‍ය) ප‍්‍රවර්ගයකට පොදුවේ යෙදෙන නාමයකි. ගති ලක්ෂණ ගතහොත් ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ, විශාල ඇස් සහ කුඩා, සිහින් සිරුරක් හැටියට ක‍්‍රමයෙන් හීනවී යන හිසක් මගිනි. ඇ.එ. ජනපදයේ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ සාගර ගවේෂණ හා පර්යේෂණ කාර්යාලය මගින් මුලින්ම මේ මත්ස්‍යා සොයා ගනු ලැබුවේ පසුගිය ජූලි 28 දා ය. අගෝස්තු 2 දා නිකුත් කළ වීඩියෝ පටය අනුව මේ නව ගොළුබෙලි විශේෂයක් යයි විශ්වාස කෙරේ. “මේ මිහිතලය මත කිසිවකු මේ සතා දැක තිබුණේ නැහැ” යයි වීඩියෝ පටයේ අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම් සාමාජිකයෙක් පවසයි.
කාණ්ඩයක් ලෙස ගතහොත් ගොළුබෙලි මසුන් ලොව පුරා පුළුල්ව පැතිරුණු එමෙන්ම සාගරයේ සෑම මට්ටමක ගැඹුරින් දැක ගත හැකි විශේෂයෙකි. මේ විශේෂයේ මත්ස්‍යයෙකු 2014 දී විද්‍යාඥයන්ට පුදුමයට පත් කළේ මුහුදයට මීටර 8143 ක(ඒ කියන්නේ සැතැපුම් පහකට වඩා) ගැඹුරින් සොයාගත හැකි වූ අවස්ථාවේදීය. ලොව වඩාත්ම ගැඹුරෙහි ජීවත්වන මත්ස්‍යා ලෙස මේ විශේෂය වාර්තාවක් තබයි.

ස්නේල්ෆිෂ් මසුන්ට, ඇතුන් 1600කු කුඩා මෝටරියක වහළය මත හිට ගත් විට ඇතිවන පීඩනය තරම් පීඩනයක් දරා ගැනීමට හැකි යයි ගණන් බලා ඇත. මේ අලූතෙන් සොයාගත් මත්ස්‍යයා සම්පූර්ණයෙන්ම අලූත්, සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත විශේෂයක් යයි පර්යේෂකයෝ ප‍්‍රකාශ කරති.
ඇ.එ. ජ.යේ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ Okeanos Explorer නැව මගින් කි‍්‍රයාත්මක කළ දිය යට ගවේෂණ චාරිකාවේදී නිරීක්ෂිත විශේෂ බොහොමයකින් එකකි, ස්නේල්ෆිෂ්. හොනළුලූ සිට ගමන් ඇරඹූ මේ ගවේෂණ චාරිකාවේදී ශාන්තිකර දුරස්ථ කොදෙව් සාගර ජාතික සිහිවටනයෙහි ජොන්ස්ටන් අතොල (Jonston Atoll) කලාපය සමීක්ෂණය කෙරෙණි. මෙය ලොව විශාලතම සාගර රක්ෂිතය බවට පත් කිරීමේ අරමුණ ඇතිව බැරැක් ඔබාමා පරිපාලනය යටතේ පුළුල් කරණු ප‍්‍රදේශයකි. සාගර ගවේෂණ චාරිකාව දැන් අවසන් වී ඇති අතර එක්කාසු කෙරුණු දත්ත ඉන් අනතුරුව පර්යේෂණ කණ්ඩායම මගින් විශ්ලේෂණය කර සම්පිණ්ඩනය කරුණු ඇත. කොරල්පර වළල්ලකින් සෑදුනු මේ අතොල් කලාපයෙන් 99%ක්ම ගැඹුරු ජලයෙන් යුක්ත වන අතර මෙය විද්‍යාඥයන්ට මෙතෙක් ඒ හැටි අවබෝධයක් ලබා ගෙන නොමැති කලාපයකි.

මේ අතර, මස් බුදින අද්භූත සාගර සත්වයෙකු ගැන ඕස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වෙයි. කතාව පටන් ගන්නේ 16 හැවිරිදි සෑම් කැනිශේ නැමැති ළමයා මෙල්බන් රෝහලකට පාදයෙන් ලේ ගලන තුවාල සහිතව ඇතුළත් කිරීමෙන් පසුවය. පාපන්දු කී‍්‍රඩාවේ යෙදුණු ඔහු දෙපා වෙහෙස නිවාගැනීම පිණිස සාගර ජලයෙහි දෙපා රුවා ගෙන ගත කර ඇත. පාදවල පොපියන, හිරිවැටුණු ගතියක් සෑම්ට දැනුනද ඔහු සිතා ඇත්තේ සීතල සාගර ජලය නිසා එම ගතිය ඇතිවන්නට ඇත කියාය. එහෙත් ඔහු දියෙන් ගොඩට එන්නේ දෙපයෙහි ලේ වැගිරෙන තුවාල සහිතවය. මුලින් අදහස් කෙරුණේ මුහුදු උකුණන්(Sea lice) ඊට වගකිව යුතු බවයි. මුහුදු උකුණන් යන්න (ජල්ලි වැනි සිරුරක් සහිත මුහුදු සීලෝමාන්ත‍්‍ර-ධරයෙක් වන) ලොඩියන්ගේ සම, රුධිරය හෝ කීටයන් මත යැපෙන පරපෝෂිත, කුඩා කවචයන් විස්තර කිරීමට පුළුල් ලෙස යෙදෙන නාමයකි. මොවුන් බහුලව දක්නට ලැබෙන්නේ මත්ස්‍යයන්ගේ ඇගෙහි ඇළී සිටිමින්ය. මුහුදු උකුණන් විශාල සංඛ්‍යාවක් එකතු වූ විට මත්ස්‍යයන්ට හානි පැමිණිය හැකිය. ඕස්ටේ‍්‍රලියාවේ සිට ෆොලිරිඩා දක්වා ලොව පුරා මුහුදු වෙරළ තීරයේ මොවුන් දැකිය හැකි අතර නාන ඇඳුම් අතරින් රිංගා පුද්ගලයින්ට ද මොවුහු හානි පමුනුවති.

මුල් සැකය ස්නේල්ෆිෂ් වෙත යොමු වුවද පසුව සිදු කෙරුණු පරීක්ෂණවලින් පසුව සෑම් කැනිශේගේ අබාධයට වගකිව යුත්තේ වැලි මැක්කන් හෝ මුහුදු මැක්කන් යනුවෙන් හඳුන්වනු ලබන ඇම්ෆිපොඩාවන්(amphipods) බවට මතයක් ඉදිරිපත් විය. ස්නේල්ෆිෂ් සහ මුහුදු මැක්කන් පටලවා ගැනීම සුලබව සිදුවන වැරැද්දක් බව ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ස්මිත්සෝනියානු ජාතික කෞතුකාගාරයේ අපෘෂ්ඨවංශික සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පර්යේෂණ සත්වවිද්‍යාගාරයේ අපෘෂ්ඨවංශික සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන, පර්යේෂණ සත්වවිද්‍යාඥයෙකු වන ජොන් නොරෙන්බර්ග් පවසයි. ඇම්ෆිපෝඩාවන් බහුතරයක් ශාකභක්ෂක වන නමුත් සර්ව භක්ෂක කසළ ශෝධකයන්ද සිටින බව නොරෙන්බර්ග් අදහසයි. මුහුදු මැක්කන් පිළිබඳ මතය සමුද්‍ර විද්‍යාඥවරියක වන ජෙනිෆර් වෝකර්-ස්මිත් ද සනාථ කරයි. ඇය අදහස් කරන්නේ එක්කෝ කොලූවාගේ පාදයේ යම් කැපුමක් හෝ තුවාලයක් තිබෙන්නට ඇත නැතිනම් මළ මත්ස්‍යයෙකුගේ කුණපයක් අසල කොලූවා රැඳී සිටින්නට ඇත යනුවෙනි. සිදුවීම වාර්තා වූ ප‍්‍රදේශයේ සාමාන්‍යයෙන් මේ මැක්කන් බහුල බවයි වෝකර්-ස්මිත් කියා සිටින්නේ.
සිද්ධියට වගකිව යුත්තේ මුහුදු මැක්කන් යයි අනුමාන කළ හැකි වුවද තවත් සැකයක්ද ඇතිවේ. පරීක්ෂණයට අදාළ වීඩියෝවෙන් පෙනී යන්නේ අදාළ ප‍්‍රදේශයේ මුහුදු මැක්කන් බහුලව සිටීම පමණකැයි නොරෙන් බර්ග් පෙන්වා දෙයි. “අමු මස්වලට ඇදී එන සතුන් බොහොමයක් මුහුදේ සිටිනවා” යයි නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ඇල්ස්ටෙයාර් පුවරේ කියා සිටියි.
National Geographic හි පළවූ Ghostly Deep-Sea Fish Discovered යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න