මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

කාලය ගෙවී යද්දී යම්කිසි වස්තුවක් හෝ පුද්ගලයෙක් සතුව පවතින්නේ එකම අනන්‍යතාව ද යන්න තීරණය කිරීමේ ගැටළුව දීර්ග කාලයක් තිස්සේ දාර්ශනිකයන් වෙහෙසුවකි. අලුතින් මිටක් සවි කළ යුතුව තිබෙන පරණ පොරවක් ගැන සිතන්න; කලක් ගතවෙද්දී පොරවට දැන් අළුතින් තලයක් සවි කිරීමට අවශ්‍යවේ. මෙය ඉටු කළ පසු ඊට අළුත් පොරවක් යයි කිව හැකි ක්‍රමයක් ඇත්නම් එය කුමක් ද?

අචේතනික වස්තු පමණක් නොව මනුෂ්‍ය ප්‍රාණින් සම්බන්ධයෙන් ද එවැනි ප්‍රශ්න නැගිය හැකිය. මා සතුව තවමත් තිබෙන්නේ මෙයට වසර තිහකට පෙර පැවතී DNA ම වුව ද, මගේ සිරුරේ සෛල සියල්ලම පාහේ අලුත් වූ ඒවාය. එදා මා සිටි ස්වරුපයට යම් සමානකමක් තිබුණේ වී නමුත් මාගේ ස්වරුපය තවදුරටත් එදා ස්වරුපයම නොවේ. එලෙසම, මාගේ අදහස් උදහස් සහ මාගේ චර්යාවන්ද මාගේ තරුණ කාලයේ ඒවාට වඩා වෙනස්ය. මා තවමත් එකම පුද්ගලයා වන්නේ කුමන අර්ථයකින් ද? පුද්ගලයෙකුගේ සිතුවිලි, මතකයන් සහ අත්දැකීම් වලින් ඔබ්බට “තථ්‍යය අස්මිතාවක් ” (substantial self) ගැන පරිකල්පනය කිරීම මුලාවක් යයි සමහර දාර්ශනිකයන් නිගමනය කරනවා විය හැකිය.ඇතැම්විට, අස්මිතාව(self) රැඳෙන්නේ ක්‍රියාදාමය තුළ මිස, හරය(substance) තුළ නොවනවා විය හැකිය.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Identity යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න