මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්

අදහස යන වචනය විවිධ අර්ථ ගන්නේ විය හැකියි. මනසෙහි අන්තර්ගතවන ඕනෑම දෙයකට හෝ චින්තාව හෝ යම් දෙයක මානසික නිරූපනය හෝ යම් දෙයක් කිරීමේ සැලැස්ම නැතිනම් අභිලාශය හෝ කිසියම් දෙයක් පොදු ආකාරයකට ඒ කියන්නේ සංකල්පයක් හෝ ප්‍රවර්ගයක් ලෙස ස්වභාව නිරුපනය කිරීම හෝ අදහස යනුවෙන් සඳහන් කළ හැකිය.

ප්ලේටෝ සැලකුවේ, යථාර්ථය අභෞතික සාමාන්‍යන්ගෙන්(immaterial universals) සමන්විත වන බවයි. ඔහු ඒවා හැඳින්වුයේ ආකාර(Forms) හෝ අදහස්(Ideas) හැටියටයි. මේවා මනස හෙවත් චිත්තයට බාහිර විය. එසේ වුව ද, පරමාදර්ශවාදී දාර්ශනිකයන්ට(idealist philosophers) නම් මනස ඇතුළත  හටගන්නා අදහස් වලින් වෙන්වූ බාහිර යථාර්ථයක් නොවිය.

හේතුවාදීන්(Rationalists) කියා සිටින්නේ අප ඇතැම් සහජ කල්පනයන්(innate ideas) සහිතව උප්පත්තිය ලබන බවත් ඒවායින් සකල දැනුම අපෝහනය(නිගමනය) කළ හැකි බවත්ය. ආනුභුතවාදියෝ (empiricists) එවන් සහජ කල්පනයන් ප්‍රතික්ෂේප කරති. ඔවුන් අදහන්නේ,  මනස කල්පනයන් අත්පත් කරගන්නේ  බාහිර ලෝකයේ අත්දැකීම් තුළින් බවයි. අදහස් හෙවත් කල්පනයන් යනු ප්‍රායෝගික ගැටළු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා වූ මෙවලම් වලට වඩා වැඩියමක් නොවන්නේය යන මතය උපකරණීයවාදීහු (Instrumentalists) දරති. (උපකරණීයවාදය යනු, ප්‍රයෝගිකප්‍රතිඵලවාදයේ ම (Pragmatism)තවත් ස්වරූපයකි. එය ඇමරිකානු දර්ශනවාදියෙකු වන ජෝන් ඩිවී(1859-1952) විසින් වැඩි දියුණු කරණ ලද්දකි.   මේ ගැන ඉදිරි thathu සංකල්ප සාර සංග්‍රහයකින් විස්තර දැක් වනු ඇත – සංස්කාරක).

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ  ideas යන කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending