සමහර මාළුන්ට පාටක් නැති ලේ තියෙන්නේ ඇයි?

රතු රුධිර සෛල නොමැති ඇන්ටාක්ටිකාවේ අයිස් මත්ස්‍යයින්ට(icefish) ඇත්තේ වර්ණයකින් තොර රුධිරයයි. එමෙන්ම, ඔක්සිජන් ගෙනයන හෙමොග්ලොබින් ද ඔවුනට නොමැත. මෙයට හේතුවන්නට ඇත්තේ සමහරවිට ජාන විකෘතියක් විය හැකියි. ඔවුන්ගේ රුධිරයෙහි ගෙනයන්නේ රතු රුධිරය මගින් ගෙනයනවාට වඩා සියයට 90ක් අඩු ඔක්සිජන් ප්‍රමාණයකි. ඔවුන්ගේ පැවැත්මට අර්ධ වශයෙන් හේතුවන්නේ අධිශීත ඇන්ටාක්ටික් ජලයෙහි ඔක්සිජන් බහුල වීමයි. අයිස් මත්ස්‍යයින්ට සුවිසාල හෘදය වස්තු ඇති අතර ඒවා ඔවුන්ගේ ශරීරය පුරා විශාල රුධිර ප්‍රමාණයක් පොම්ප කරයි. ඉන් ඔවුන්ගේ ඔක්සිජන් සැපයුම සහතික වේ. මෙම මත්ස්‍යයින්ගේ රුධිරයෙහි ඇති දිය මිදීම වලක්වන ස්වභාවය ඔවුන්ව සීතලේ මිදීමෙන් වැළකේ(දකුණුදිග සාගරය සෙල්සියස් අංශක සෘණ 2ට බසී). එසේ වුවද, මේ මසුන් සීතලට කොපමණ හොඳින් අනුගත වී ඇත් ද කියතහොත් දිගටම උණුසුම් වේගෙන යන ලෝකයක් තුල ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිතය.

නිකුත් කළාට පසුව රොකට්ටුවක්, පරාවලයික මගක් ගන්නේ ඇයි?
සියලුම ප්‍රක්ෂිප්තයන්(projectiles) හෙවත් විදිනු ලබන දෑ, පරාවලය(parabola) යනුවෙන් හඳුන් වනු ලබන වක් වූ මගක් ගන්නේය යනුවෙන් පාසල් සිසුන් ඉගෙන ගන්නේ බොහෝ කලක සිටය. මෙහි දී පැහැදිලි කර දෙනු ලබන්නේ ප්‍රක්ෂිප්තයන් ඉගිල යද්දී ඒවා යන දුර තිරස් අතට මෙන්ම සිරස් අතට ගමන් කළ ද ගුරූත්වයේ බලය ඇතිවන්නේ සිරස් ආකාරය කෙරෙහි පමණකි. එමගින් ප්‍රක්ෂිප්තයේ මග පරාවලයක බවට වක් කරයි(නවයි). එත් දිගු දුර රොකට්ටු සඳහා මෙම කාරනා මිට වඩා සංකීර්ණයය. නිදසුනක් දක්වන්නේ නම් වා ප්‍රතිරෝධය සැලකිල්ලට ගත යුතුයි. ඒ වුණත්, එම කාරනාව අමතක කළත් ප්‍රක්ෂිප්තයක් ඇත්තටම පරාවලයක මග ගන්නේ නැහැ. මන්ද, පෘථිවිය පැතලි නොවන නිසයි. මෙයින් කියවෙන්නේ ගුරුත්වය කෙලින්ම වස්තුවක් පහලට ඇද ගන්නේ නැත යන්නය. ඒ වෙනුවට එය එම වස්තුන් පෘථිවියේ මැදට ඇදගනියි. ප්‍රක්ෂිප්තය ආරම්භක ස්ථානයේ සිට ඉන් තවත් ඈතට ඇදෙද්දී එහි දිශාව වෙනස්වෙයි. විස්තරාත්මක ගණනය කිරීම් මගින් එවිට හෙලිවෙන්නේ සැබෑ ප්‍රක්ෂේප පථය පරාවලයක් නොව ඉලිප්සයක කොටසක් බවයි.


අස්වැසුම් ඔසු කෙනෙකුට හානිකර විය හැකිද?
placebo යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වනු ලබන්නේ ඔසු පිරික්සුම් වලදී ලබාදෙන ඖෂධ ගුණයක් නොමැති (එහෙත් රෝගියා ඒ බව නොදන්නා) අස්වැසුම් ඔසු වර්ගයකි. තමන් ගන්නේ සෞඛ්‍යමය වශයෙන් වාසිදායක ඖෂධයක් යනුවෙන් ඔබ හිතන විට ඇතිවන අස්වසුම්දායක ආචරණය හෙවත් බලපෑම හේතුවෙන් ධනාත්මක ප්‍රතිඵල අත්වීදින්නාක් මෙන්ම මෙහි සෘණාත්මක බලපෑමක් ගැන ද කියැවේ. ඉංග්‍රීසියෙන් එය දැක්වෙන්නේ nocebo යනුවෙනි. පරික්ෂාව සඳහා ලබාදෙන්නේ අස්වැසුම් ඔසුවක් වුවද එය ලබාගන්නා අය ඔසුව මගින් ඇතිවිය හැකි අතුරු ඵල ගැන කල්පනා කරන්නේ නම් වේදනාව, අධික රුධිර පීඩනය, කරකැවිල්ල, පලුදෑමිම වැනිහානිකර ප්‍රතිඵල නිර්මාණය විය හැකිවේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න