මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
අවකාශය යන්න සාම්ප්‍රදායානුකුලව අර්ථ දැක්වෙන්නේ සියලු වස්තු ස්ථාන ගතව ඇති ඉමක් නැතුව පැතිරුණු විශාල ප්‍රදේශයක් හැටියටය. අවකාශය යන රාමුව තුළ සකල වස්තුවවල පිහිටීම ඒවා එකිනෙකට සාපේක්ෂව දුර සහ දිශාව දැක්විය හැකියි. විද්‍යාවේ මුලික ප්‍රමාණය අතරින් එකක් වන අවකාශය මනිනු ලබන්නේ මීටර මගිනි. නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව අනුව අවකාශයට රේඛිය මාන තුනක් සහිතය. එය නිරපේක්ෂ වන අතර අවකාශය තුල ඕනෑම ද්‍රව්‍යයකින් ස්වාධීනව පවතී. සාපේක්ෂතාවාදයට අනුව අවකාශය යනු හුදෙක් අවකාශ-කාල සන්තානයෙහි කොටසක් පමණකි. කාලය එහි සිව්වැනි මානයයි. එපමණක් නොව, සාපේක්ෂතාව අපට කියන්නේ අවකාශ-කාලය නිරපේක්ෂ නොවන බවයි. එහි අංශ දෙකටම, දැවැන්ත වස්තු වටා ඇති ගුරුත්ව ක්ෂේත්‍ර විකෘති කල හැකිය.

පුළුල්ව පිළිගැනෙන මහා පිපුරුම් න්‍යාය(Big Bang theory) උපග්‍රහණය කරන්නේ අවකාශ-කාලය මෙයට වසර බිලියන 13.7 කට පෙර හටගත් බවත් එතැන් පටන් එක දිගට(අඛණ්ඩව) ප්‍රසාරණය වන බවත්ය. න්‍යායාත්මකව සලකා බලන විට අවකාශය කල්පනය කරනු ලබන්නේ සීමාවක් නැති ලෙසයි. එහෙත් විශ්වය අපරිමිතද යන ගැටළුව තවදුරටත් විශ්ව න්‍යායවේදීන් වෙහෙසට පත්කරමින් තිබේ.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Space යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න