ක්වොන්ටම් භෞතික විද්‍යාවේ දී  වර්ණාවලික්ෂණයේ විද්‍යාව යනු ද්‍රව්‍ය සහ වස්තුන් විකිරණය විමෝචනය කරන, අවශෝෂණය කරන සහ පරාවර්තනය කරන නිශ්චිත තරංග ආයාම විශ්ලේෂණයයි. එය අතිශය බලගතු මෙවලමකි. තරකා විද්‍යාවට පරිබාහිරව අද එය වෛද්‍ය පර්යේෂණ, ද්‍රව විද්‍යාව සහ රසායන විශ්ලේෂණය ඇතුළුව ක්ෂේත්‍ර පරාසයකම යොදා ගනු ලැබේ. නිදසුනක් ගතහොත්, විශ්වයේ සමස්ත පරමාණු අතුරෙන් හීලියම් යන මුල ද්‍රව්‍යය හතරෙන් එකක්  පමණ වන නමුත්  1868 වන තුරු ඒ ගැන දැන සිටියේ නැත. නැනෝමිටර(මීටරයකින් බිලියනයකින් එකක්) 588ක තරංග ආයාමයකින් පිට කරනු ලබන සුර්යාලෝකයෙහි කැපීපෙනෙන ‘හිඩැසක්’  එම වසරේදී නෝමන් ලොකියර් විසින් හඳුනා ගනු ලැබූ අතර එය ආලෝකය අවශෝෂණය කරන සුර්යයාගේ වායුගෝලයේ නව මුල ද්‍රව්‍යයක සනක්  බව වටහා ගත්තේය.

Image result for spectroscopy

පරමාණු මගින් විමෝචනය හෝ අවශෝෂණය කරනු ලබන ආලෝකයේ තරංග ආයාම ඒවායේ ව්‍යුහයට සමීපව සම්බන්ධ කර ඇත. එමන්ම, එහෙයින් ඉලෙක්ට්‍රෝන අතර විවිධ ශක්ති මට්ටම්වල දී සිදුවන ක්වොන්ටම් අන්තර්ක්‍රියා මගින් පාලිතය. වර්ණාවලික්ෂණයේ ශක්තිය ගෙන එන්නේ එම සාධකයි. ඒ අනුව, එය  ක්වොන්ටම් ලෝකයේ නොයෙකුත් අංග හෙළිකර ගැනීමට සහ අවබෝධ කර ගැනීමට උචිත පරීක්ෂණ ක්ෂේත්‍රයකි.

QUANTUM PHYSICS N MINUTES (Quercus) හි spectroscopy කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending