මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

අනන්තය යනු නිමක් හෝ සීමාවක් නොමැති ඕනෑම ප්‍රමාණයකි — එය එක්කෝ ඉතා විශාල හෝ නැතිනම් ඉතා කුඩා විය හැකියි.  මනුෂ්‍යන්ගේ මනසින් ග්‍රහණය කිරීමට අසීරු සංකල්ප අතුරින් එකක්  ලෙස අනන්තය යන සංකල්පය දැක්විය හැකියි. කාලය සහ අවකාශය සම්බන්ධයෙන් සලකද්දී විශේෂයෙන්ම අනන්තය යන්න ග්‍රහණය කිරීම අසීරුය. “සදහටම” යන්න  සිතින් මවා ගැනීමවත් කළ නොහැකි තරම්ය. එසේවුවද,  අවකාශයෙහි මායිමක් හෝ කාලයෙහි අවසානයක් පිලිබඳ  මතිය ඒ හා   සමානවම නිශ්චිතව තක්සේරු කළ නොහැකිය: (විශ්වයෙහි) මායිමට එහා ඇත්තේ කුමක් ද  එහෙමත් නැතිනම් කාලය අවසන් වුවාට පසුව සිදුවන්නේ කුමක් ද යන්න ගැන අපි නිරතුරුව විමසන්නෙමු.  භෞතික විද්‍යාඥයන් සහ විශ්ව න්‍යාය විද්‍යාඥයන් ද තවමත් තීරණාත්මක  පිළිතුරු සොයා ගත යුතුව ඇත.

ගණිතයේ දී අත්‍යණුකයන්(infinitesimals) — ඒ කියන්නේ අපරිමිතව කුඩා එහෙත් ශුන්‍යයට වැඩි ප්‍රමාණයන්–  අත්‍යණුකයන් පිලිබඳ සංකල්පය, දහහත් වැනි සියවසේ දී වැඩි දියුණු කරන ලද කලනය(calculus) සඳහා අත්‍යවශ්‍යය. ඊට ශතවර්ෂ දෙකකට පසුව, ජර්මානු ජාතික ජෝර්ජ් කැන්ටර්(1845 – 1918) පේනවා දුන්නේ සියලුම ප්‍රකෘති සංඛ්‍යා (ගණින)  කාණ්ඩය,  හුදු ඉරට්ට ප්‍රකෘති සංඛ්‍යා කාණ්ඩයට(set of just the even natural numbers) වඩා විශාල බව පෙන්වා දුන්නේය,  ඒ අනුව විවිධ අනන්තයන් ඇත; ඉන් සමහරක් අනෙක් ඒවාට වඩා විශාලය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Infinity යන කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending