(සිරුරේ)සීනි හේතුකොටගෙන කෙනෙකුට ඇත්තටම හිස කැක්කුම ඇතිවිය හැකිද? මූලික වශයෙන්, ඉරුවාරදය ලෙස දැක්වෙන මීග්රේන් රෝගය (migraine හිසේ කැක්කුම) වෙනුවෙන් ආහාර සහ ආහාරවල අඩංගු අංග උපාංග සියයට 50 දක්වා දායක විය හැකි බව ශායනිකව පරික්ෂාවට ලක්කර තිබෙන්නෙකි. එපමණක් නොව සීනි සිරුරට ඇතුල්වීමද, හිස කැක්කුම ඇතිකරවන එක් හේතුවක් විය හැකියි. හැබැයි, සැනසීමකට තිබෙන කාරණය වන්නේ හිසේ කැක්කුමට බලපාන සාධක අතුරෙන් අපේ ආහාරමය පුරුදු යම් දුරකට අපටම පාලනය කරන්න හැකි වීමයි. මින් කියැවෙන්නේ අපේ ආහාර පුරුදු පාලනය කරගනිමින් සීනි ආහාරයට ගැනීම සීමා කිරීමෙන් හිස්කැක්කුම මග හරවා ගැනීමට පමණක් නොව අපගේ සාමාන්‍ය සෞඛ්‍යය ද යහපත්ව පවත්වාගෙන යාමට හැකිවෙන බවයි.

ඉතින්, සීනි හිසේ කැක්කුමට දායකවන්නේ කෙසේද යන්න දැන් අපි සලකා බලමු. සීනි, නිතර හිසේකැක්කුම ප‍්‍රවර්ධනය කරන සාධකයක් බව කලින් ද සඳහන් වුණානේ? මූලිකව ගතහොත් සීනි යනු රුධිර ග්ලූකෝස් බවට ඉක්මනින් පරිවර්තනය වන සරල කාබොහයිඩ්‍රේට් වර්ගයකි. සරල කාබොහයිඩ්‍රේට් හෝ ප‍්‍රසාදිත සිනි(refined sugar) ආහාර ගණනාවකම දැකිය හැකියි. පලතුරුවල පෘක්ටෝස්, පැණි කෑමවලට යොදන කෝන් සිරප්, කිරිවල ලැක්ටෝස් නිදසුන්ය. මේ අතර ධාන්‍ය පිටි, සහල්, ඕට්ස් පිටි ඇතුළු ආහාර බොහොමයක සංකීර්ණ කාබොහයිඩ්‍රේට් දැක ගත හැකිවේ. කොයි ආකාරයකින් හෝ සිරුර තුළට සීනි පැමිණීම පාලනය කරගැනීම ඇතැම් හිසේ කැක්කුම් මඟහරවා ගැනීමට මෙන්ම ඔබේ සමස්ත සෞඛ්‍ය තත්ත්වයටද යහපත් වේ.

ඉතින් කොහොමද හිසේ කැක්කුමට සීනි හේතුවන්නේ? ඔබේ සිරුරේ සෛලවලට ප‍්‍රමාණවත් ග්ලූකෝස් ප‍්‍රමාණයක් නොලැබුණොත් ඒවාට ආහාර සහ ඔක්සිජන් සැකසීමට නොහැකිවේ. මෙම ත්ත්තවය හඳුන්වනු ලබන්නේ මන්ද මධු රක්තය(hypoglycemia) ලෙසිනි. මිග්රේන්වලින් පෙළෙන ජනයා හදිසියෙන් ඉන් රෝගාතුර වීමට ඔන්න මෙන්න කියා තිබියදී, කාබොහයිඩ්‍රේට් සඳහා අධික ආශාවක් ඇතිවී තිබෙන බව වාර්තා වී ඇත. එය රුධිර සීනි පහළ වැටීමේ සංඥාවකි. සරල කාබොහයිඬේට් හෝ සීනි ඉහළ ප‍්‍රමාණයක් ලැබුණු විට මොළ සෛලවලින් ඔක්සිජන් නොලැබී හේතුවෙන් ධමනි ගැස්සීමට බල කෙරේ. මෙය තද බල වේදනාකාරී මස්පිඬු පෙරළීමට මග පෑදිය හැකියි. එම මස්පිඬු පෙරළීම, හිස කැක්කුම ලෙස දැක්වේ.
දිනපතා සීනි හෝ සරල කාබොහයිඩ්‍රේට් අධිකව ගැනීම ක්ලාන්තගතිය, අධික දහදිය ගැලීම, හිසකැක්කුම සහ දැනීමෙහි වෙනසක් ඇතිවීම පිණිස මග පෑදීය හැකිය. මෙය, කලින් ද සඳහන් කල පරිදි අපටම පාලනය කර ගත හැක්කකි. සිනි අධික ආහාර අනුභවය, ආහාර සීමා කිරීම මෙන්ම වුවමනාවට වඩා තදින් ආහාර වේල් අත්හැරීම යන මේවා මිනිසුන්ට හිසරදය හෝ මීග්රේන් සෑදීමට මග පෑදිය හැකිය. ආහාර වේල පරක්කුවීම හෝ ආහාරවේල අක‍්‍රමිකව ගැනීම ද වෙනසක් ඇති කිරීමට සමස්තය. මේ අවස්ථාවලදී සිදුවන්නේ රුධිර ග්ලූකෝස් මට්ටම පහළවැටීමය. ආහාර නොමැතිව යාමෙන් ඇතිවන හිසරද බොහෝ විට තදය; මද බමන ගතියකින් ද යුක්තය.
ආහාර වේලක් නොගැනීමෙන් ඇතිවන හිසරදය හා මිග්රේන් හිසරදයක ආරම්භක ලක්ෂණ සමානකමක් දක්වයි. උපවාසය නිසා හටගන්නා හිසරදයට හා මිග්රේන් හිසරදයට සැමවිටම හේතුවන්නේ මන්ද මධුරක්තයම නොවේ. නිදසුනක් දක්වන්නේ නම් උපවාස කරද්දී ශරීරයෙන් නිකුත් කෙරෙන ක්ලමථ හෝමෝන (stress-hormones) මගින් ද ඒවා හට ගැනීමට පුළුවන. එමෙන්ම විජලනයෙන් ද නිදි වැරීමෙන් ද එවාට මුල පිරේ.

අප අපේ ශරීරයේ අවශ්‍යතාවනට ප‍්‍රමාණවත් මට්ටමට කැලරි ලබා ගන්නේ නැතිනම් අපේ රුධිර ග්ලූකෝස් මට්ටම පහළ වැටේ. සීනි අධික ආහාර වේලක් ගැනීමෙන් ‘ප‍්‍රතික‍්‍රියා මන්ද මධුරක්තිය’ (reactive hypoglycaemia) ඇතිවේ. එය සිදුවන්නේ මෙසේය: මේ සිනි අධික ආහාරය නිසා රුධිර ග්ලූකෝස් හදිසියේ ඉහළ යාමෙන් ඉන්සියුලින් අධි නිෂ්පාදනයකට මුල පුරයි. එවිට ඉන් නැවත රුධිර ග්ලූකෝස් මට්ටම වුවමනාවට වඩා පහළ මට්ටමකට වැටේ. දියවැඩියා රෝගීන් වුවමනාවට වඩා ඉන්සියුලින් එන්නත් කර ගතහොත් සිදුවන්නේද මෙයමයි.
Actforlibraries.org වෙබ් අඩවියෙහි Can Sugar Cause Headaches සහ The Migraine Trust(UK) වෙබ් අඩවියෙහි Hypoglycaemia යන ලිපි ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න