මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

දහනවවන සියවසේ මුල වනතුරුත් චුම්භකත්වය(magnetism)  සහ විද්‍යුතය(electricity)  ගැන හරියාකාර අවබෝධයක් නොවිය. මේ කියන අවධියේ සිදු කළ අත්හදාබැලීම් හෙවත් සම්පරික්ෂණ පෙළක්  මගින් පෙන්නුම් කළේ  විදුලි ධාරාවක් තඹ රැහනක් දිගේ ගලායන විට අහල පහළ චුම්භක මාලිමාවක කටු කෙරෙහි බලපෑමක් ඇතිවෙන බවයි.  චුම්භකත්වය සහ විද්‍යුතය යන දෙකම යම් දුරකදී එකිනෙක කෙරෙහි බලපෑ හැකි බලයන් දෙකක් බව ඉන් පැහැදිලි විය. වෙනස්වන චුම්භක ක්ෂේත්‍රයකට රැහනක් යොමු කළහොත් එම රැහැනෙහි විදුලි ධාරාවක් ප්‍රේරණය වන බව ඉංග්‍රීසි ජාතික භෞතිකඥ මයිකල් ෆැරඩේ(1791 – 1867) ප්‍රදර්ශනය කළේය.

Image result for Electromagnetism

චුම්භකත්වය සහ විද්‍යුතය යනු එක් තනි  විද්‍යුත් චුම්බකත්ව බලයක විද්‍යාමානවිමක් හෙවත් ප්‍රකාශනයක් බවත් විද්‍යුත් දෝලන(electrical oscillations) මගින් විද්යුත් චුම්බක තරංග ජනනය කල හැකි බවත්  දහනවවන සියවසේ පසු කලෙක,  ස්කොට්ලන්ත ජාතික භෞතිකඥ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් (1831 – 1879) යෝජනා  කළේය. ඔහු ඉදිරිපත් කළ සිද්ධාන්ත මේ පිළිබඳ තව දුරටත් සිදු කෙරුණු පර්යේෂණවල දී සප්‍රමාණ කෙරුණු අතර රේඩියෝ තරංග වල සිට දෘශ්‍යමාන ආලෝකය හරහා X කිරණ දක්වා සියලු ආකාර සංසිද්ධි ස්වරූපයෙන් විද්යුත් චුම්බකත්ව වන බව හෙළිවිය.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Electromagnetism යන කොටස ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending