මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
යාන්ත්‍ර විද්‍යාව යනු මන්දාකිණි(galactic) පරිමාණයෙන් වේවා, අනුපරමාණුක(subatomic) පරිමාණයෙන් වේවා වස්තුන්ගේ චලනය විස්තර කෙරෙන භෞතික විද්‍යාවේ ශාඛාවයි. චලන වර්ග බොහොමයක් — ග්‍රහ ලෝකයක කක්ෂගත ගමනේ සිට කාලතුවක්කුවක උණ්ඩයක පාරචක්‍රය දක්වා වූ චලන වර්ග බොහොමයක් ඉංග්‍රීසි ජාතික මහා භෞතිකඥ හා ගණිතඥ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්(1642 -1727) විසින් සුත්‍රගත කෙරුණු චලනයේ නීති තුනෙන් සහ ගුරුත්වාකර්ෂණ නිතිය මගින් විස්තර කළ හැකිවේ.

නිව්ටන්ගේ නියාමයන් මගින් අවරාධිත වන්නේ බලය පිලිබඳ සංකල්පයයි. බලය යනු වස්තුවක ප්‍රවෙගයෙහි විපර්යාසයේ සීඝ්‍රතාව වෙනස් කළ හැකි ඕනෑම දෙයකි. මෙකි විපර්යාසයේ සීඝ්‍රතාව ඒකාකාර දිශාවකට සිදුවන ත්වරණය(acceleration) හෝ මන්දනය(deceleration) හා සම්බන්ධවිය හැකිය. එසේ නැතහොත්, චලනයෙහි දිශාව වෙනස්වීම හා සම්බන්ධ විය හැකිය.
නිව්ටන්ගේ පළමු නියමයෙන් කියෑවෙන්නේ යම් බාහිර බලයක් නොයෙදෙන තාක් කල් වස්තුවක් නිශ්චලතාවයේ හෝ එකාකාර ප්‍රවේගයකින් සෘජු රේඛාවක් ඔස්සේ ගමන් කරන බවයි. එම වස්තුව නිශ්චලතාවයේ පවතින්නට හෝ එකාකාර ප්‍රවේගයකින් ගමන් කිරීමට තිබෙන ප්‍රවනතාව එහි අවස්ථිතියයි. එමෙන්ම මෙය වස්තුවේ ස්කන්ධය මත රඳා පවතී. වස්තුවක් මත ක්‍රියාකරන බලය එම අංශුවේ ගම්‍යතාවය(ස්කන්ධය සහ එහි ප්‍රවෙගයෙහි ඵලය) මත නිර්මිත වෙනස්වීමට සමානුපාතික වන බව මෙම දෙවැනි නියමයෙන් කියවෙයි.
තුන්වෙනි නියමයෙන් කියවෙන්නේ සෑම ක්‍රියාවකම බලය සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් මගින් තුල්‍යවන බවයි. ගුරුත්වාකර්ෂණය පිලිබඳ නිව්ටන්ගේ නියමයෙන් කියවෙන්නේ විශ්වයේ සෑම ස්කන්ධයක්ම අනෙක් ස්කන්ධයක් මතම බලයක් යොදවන බවයි. එමෙන්ම මෙම බලය ඒවායේ ස්කන්ධවල ඵලයට සෘජුවම අනුපාතිකවනවා මෙන්ම එම ස්කන්ධ අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම වශයෙන් අනුපාතික වන බවයි. ගුරුත්වය ගත්කල එයම ස්වභාවයෙහි(nature) මුලික බල අතුරෙන් එකක් වන අතර තවමත් වබෝධ කරගෙන ඇත්තේ අර්ධ වශයෙනි.

ඒවායේ භාවිකථන බලය මෙන්ම ප්‍රායෝගිකව යොදාගැනීම යන අර්ථයෙන් ගත් කල නිව්ටන්ගේ නියමයන් මහත් සේ සාර්ථකය. කෙසේවතත්, සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම්වාදය අපට පෙන්වා දෙන්නේ එම නියමයන් ආලෝකයේ වේගයට ලංවන ප්‍රවෙගයන්හිදීවත් අනුපරමාණුක පරිමානයේදීවත් නොයෙදෙන බවයි.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Newtonian mechanics යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න