අඩු ගුරුත්ව තත්ත්වයන් යටතේ විනාඩි ගණනක් පමණක් ගතකිරීම, අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශගාමින් සහ ඔවුන්ගේ චර්යාවන් කෙරෙහි බලපෑ හැකි ආකාරයන්ගෙන් ඔවුන්ගේ මොළ වෙනස් කළ හැකිය. අඩු ගුරුත්වයක දී මොලයේ වෙනස්කම් කොපමණ ඉක්මණින් ඇතිවන්නේ දැයි සොයා බැලීමට බෙල්ජියමේ ඇන්ට්වර්ප් විශ්ව විද්‍යාලයේ ෆ්ලොරිස් වයට්ස් සහ ඔහුගේ සගයන් ට අවශ්‍ය වූ අතර ඔවුහු පුද්ගලයන් 28 දෙනෙකු පාරවලයික ගුවන්ගමනකට යාමට ඔන්න මෙන්න කියා තිබිය දී සහ එවැනි ගමනක් නිම කළ වහාම, ඔවුනගේ මොළ පරිලෝකනය කර හෙවත් ස්කෑන් කර බැලුහ. පැය තුනක වැනි කාලයක් අහසේ ගත කරමින් යෙදෙන එවැනි පාරවලයික ගුවන්ගමන් බර අඩුවීමේ කෙටි කාලචේද නිර්මාණය කරයි. එවැනි ගුවන් ගමනක නොයෙදෙන පාලක කණ්ඩායමක මොළ ද එලෙසම ඔවුහු පරීකෂා කළහ.

ගුවන් ගමනේ යෙදුණු පරික්ෂාවට ලක් කල කණ්ඩායම අහසේ ගත කළ මුලු කාලයේ දී අඩු ගුරුත්වයට පාත්‍ර වුයේ සම්පුර්ණ වශයෙන් විනාඩි දහයක වේලාවක් පමණක් වුව ද ඉන් ක්ෂණික බලපෑම් ඇති වූ බව පර්යේෂකයන්ට පෙනිගියේය. මෙහි දී අපේ සිරුරේ සහ සිරුර පරිසරය තුල ස්ථාන ගත ව ඇති ආකාරය පිලිබඳ අනුරුපයක් ගොඩ නගා ගැනීමට අපට උපකාර වන මොළයෙහි කලාපවල ක්‍රියාකාරිත්වය අඩුවීම නිරීක්ෂණය විය.
මහා පොලවේ දී මේ ‘ශාරීරික ස්ව-සවිඥාකත්ව’(bodily self-consciousness) සංවේදීතාව අප නිර්මාණය කරන්නේ සමබරතාව, චලනය සහ දර්ශනය ඇතුළුව විවිධ පද්ධතිවලට අදාළ තොරතුරු එක්කර ගැනීමෙනි. අඩු ගුර්ත්වයේදී මෙම පණිවුඩ වෙනස්වේ. එහි ප්‍රතිපලයක් ලෙස සංවේද අවගැලපුමක් ඇතිවේ. අවුල්සහගත වීමට මොළය අකමැති නිසා සමහරවිට මෙයට විසදුම් වශයෙන් එහි ඇතැම් කලාප ක්‍රියා විරහිත කරනවා විය හැකිය. සාමාන්‍ය මාදිලි ජාලයේ සම්බන්ධතාවල ද අඩුවීමක් ඇතිවන බව පර්යේෂකයෝ සොයා ගත්හ.

වර්තමාන අභ්‍යවකාශගාමින්ට නම් මේවා ප්‍රශ්න නොවන්නට පුළුවනැයි වයට්ස් පවසයි. මන්ද පුහුණු කිරීම් හමුවේ මොලය මෙවැනි වෙනස්කම්වලට අනුගතාවන හෙයිනි. එහෙත් මේ කාරනා අනාගත අඟහරූ චාරිකා වල දී අදාළවිය හැකිය. අඟහරු මත ගොඩ බැසි විගස අභ්‍යාවකාෂගාමින්ට ගුරුත්වයේ වෙනස්කම් වලට මුහුණ දිමට සිදුවන් හෙයිනි. එපමණක් නොව අනාගතයේ අභ්‍යවකාශයේ සංචාරකයන් වශයෙන් ගමන් කරන්නන් හට ද මෙය බල පෑ හැකි බව වයට්ස් පෙන්වාදෙයි.
New Scientist International Edition(November 4th, 2017), හි Space can change your brain in minutes යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න