මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

අප භාෂාව යොදා ගන්නා ආකාරය බොහෝ විට අපව යොමු කරන්නේ වැරදි අවබෝධයට හෙවත් වැරදි ප්‍රගහනයකටයි. මේ කාරණය තහවුරු කිරීමට යෝග්‍ය අවස්තාවක් හැටියට ‘යහපත’ හෙවත්  ‘හොඳ’ යන වචනය යොදාගැනීම ගෙනහැර පෑ හැකිය. මේ වචනය අපි විවිධ ආකාර ගණනාවකින්ම යොදන්නෙමු.  වඩාත් බහුලව යොදා ගනු ලබන්නේ විශේෂණ පදයක් ලෙසය. අපි ‘යහපත්’ පුද්ගලයෙකු හෝ ‘යහපත්’ ක්‍රියාවක් ගැන එසේත් නැතිනම් ‘හොඳ’ චිත්‍රපටියක්, ‘හොඳ’ මෝටර් රියක් ගැන යනාදී වශයෙන් කතා කරන්නෙමු. බැලු බැල්මට නැතිනම් මතු පිටීන් බැලු කල ඉන් හැඟවෙන්නේ ‘යහපත්’ හෙවත් ‘හොඳ’ හැටියට අප දක්වන සෑම දෙයක් සතුවම කිසියම් ගුණයක් — ‘යහපත් බවක්’ ඇත යන්නයි. එසේ වතුදු, පොදුවේ ගත් කල මේවායේ වැදගත් නොවන නෛසර්ගික හෙවත් අන්තරස්ථ ගුණයක් ගැබ්වන බව පැහැදිලිය. යම් පුද්ගලයෙකු හෝ ක්‍රියාවක් හෝ යහපත් යයි පැවසීමෙන් අප කරන්නේ සදාචාර විනිශ්චයකි(a moral judgment): චිත්‍රපටයක් හොඳ යයි පැවසීමෙන් අප කරන්නේ සංවේද්‍ය විනිශ්චයකි (an aesthetic judgment); එමෙන්ම, මෝටර් රියක් හොඳ යයි පවසන විට අප කරන්නේ එහි  කාර්යිකත්වය(functionality), සුවපහසුව හෝ පිරිමැස්ම ආදී දේවල් ගැන පැසසීමය.

කෙසේ වතදු, මේවා සියල්ල මොනයම් ආකාරයකින් හෝ මනුෂ්‍යයන්ගේ ඇතැම් ඕනෑකම් සංසිඳුවන හෙයින් පොදුවේ ඒවායේ යම් බහිස්ත හෙවත්  පරායත්ත ගුණයක්(extrinsic property) තිබිය හැකිය. යහපත්  යන වචනය යොදා ගැනීම යනු හුදු අපගේ  අනුමැතිය පල කිරීමක් මිස යම් අන්දමක ගුණයක් හැඟවීමක් දක්වන්නේය යන්න ඇතැම් දාර්ශනිකයෝ ප්‍රතික්ෂේප කරති. දාර්ශනික කතිකාවල දී යහපත් යන්න නාම පදයක්(a noun) ලෙස ද  යොදා ගැනේ. තවද, ‘අන්තරස්ථ ගුණ’ හෙවත් ‘ආවේනික ගුණ’ සහ ‘පරායත්ත ගුණ’ යන්න දාර්ශනිකයෝ බොහෝ විට වෙන්කොට හඳුනා ගනිති.  සෞඛ්‍යය යනු, එහි වටිනා කම නිසාම ලුහු බැඳ යන අන්තරස්ථ ගුණයක් පිලිබඳ  නිදසුනක් හැටියට ද  මුදල් යනු එහි ඵල නිසාම  අවධානය යොමු කරන  පරායත්ත ගුණයක් ලෙස ද ඇරිස්ටෝටල් දැක්විය.

ඇරිස්ටෝටල්

සමහර දාර්ශනිකයන් මෙන්ම දෙවධර්මධරයන් ‘වැඩිම යහපත’(the greatest good) ගැන කතා කර ඇත. යහපත යන්න ප්ලේටෝ සංකල්ප ගත කරගත්තේ වියුක්ත, අභෞතික ස්වරුපයක් ලෙසිනි. මනුෂ්‍යයන්ට ඉහළම යහපත වනාහි යහපත් ජිවිතයක් හෝ යහ-පැවැත්ම ළඟා කරගැනීමේ මාර්ගයක් ලෙස සද්ගුණය භාවිත කිරීමක් ලෙසටයි ඇරිස්ටෝටල් දැක්කේ. අනෙකුත් චින්තකයෝ වැඩිම යහපත විවිධාකාරයෙන් සංකල්ප ගත කර ගනිති. දෙවියන්ගේ අරමුණ ඉෂ්ටප්‍රාප්ත කර ගැනීම හෝ ආදරය හෝ සංතෘෂ්ටිය හෝ සුඛය හෝ අන් අය සමග මෙන්ම ස්වභාවය(nature) සමග සුසංයෝගයෙන් ජීවත්වීම හෝ  ඒවාට නිදසුන්ය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Good යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending