පෘථිවියේ භ්‍රමණයෙහි වාරිකව සිදුවන මන්දගාමීත්වය හේතු කරගෙන ලබන වසරේදී දරුණු භූමි කම්පා සංඛ්‍යාවෙහි දැඩි වැඩිවීමක් ඇති වෙතැයි විද්‍යාඥයෝ කියා සිටිති. ලොව පුරා දරුණු ව්‍යසන පමුණුවන මාදිලියේ භූමි කම්පාවල විශාල වැඩිවීමක් වැඩිවෙතැයි යනුවෙන් තමයි ඔවුන් අනතුරු හඟවන්නේ. පෘථිවියේ භ්‍රමණයේ වේගයෙහි විචල්‍යතාවන් හේතුවෙන් තීව්‍ර භූකම්පන ක්‍රියාකාරීත්වයකට(seismic activity), විශේෂයෙන්ම විශාල ජනගහනයක් ඇති නිවර්තන ප්‍රදේශවල එවන් ක්‍රියාකාරිත්වයකට මුල පිරීමට මග පාදනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
පෘථිවි භ්‍රමණයේ එවැනි දෝලනයන් ඉතා සුළුය. දවසේ දිග වෙනස්වන්නේ මිලි තත්පරයකින් (තත්පරයකින් දහසකින් පංගුවක්) පමණය. එසේ වුවද භ්‍රමණයේ එවැනි සුළු වෙනස්කම් වලින් පවා භූගත ශක්තිය විශාල ප්‍රමාණයක් මුදා හැරිය හැකි බවයි ඔවුන් තර්ක කරන්නේ. පෘථිවියේ භ්‍රමණය සහ භූ කම්පන ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය පසුගිය ඔක්තෝබරයේ ඇමරිකාවේ භූ විද්‍යාත්මක සංගමයේ රැස්වීමේ දී ඉදිරිපත් කෙරුනු වාර්තාවක සඳහන් වේ. වාර්තාව, කොලරාඩෝ සරසවියේ රොජර් බිල්හැම් සහ මොන්ටානා සරසවියේ රෙබෙකා බෙන්ඩික් එක්ව සකස් කළ එකකි.

පෘථිවියේ භ්‍රමණය සහ භූ කම්පන ක්‍රියාකාරිත්වය අතර සහසම්බන්ධය දැඩියි. ඒකෙන් හැඟවෙන්නේ ඉදිරි වසරේදී මහා භූකම්පන සංඛ්‍යාව ඉහළ යන බවයි” යනුවෙන් බිල්හැම් කියා සිටී. සිය අධ්‍යයනයේදී බිල්හැම් සහ බෙන්ඩික් යන දෙදෙනා 1900 සිට සිදුවූ 7ක පරිමාවේ හෝ ඊට වැඩි විශාලත්වයක භූමිකම්පා ගැන සොයා බැලූහ. “ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රධාන පෙළේ භූමිකම්පා සියල්ල හොඳින් වාර්තා කර තිබෙන නිසා අපට අධ්‍යයනය කිරීම සඳහා හොද වාර්තාවක් ලැබුණා” යැයි බිල්හැම් ප්‍රකාශ කරයි.

මෙහිදී ඔවුනට වෙනත් කාල හා සසඳන විට මහා කම්පන සංඛ්‍යාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි වූ අවධි පහක් හඳුනා ගන්නට ලැබුණි. “එම කාලඡේදවලදී එක වසරකට තීව්‍ර භූකම්පන 25 සිට 30 දක්වා තිබුණා. අනෙකුත් වකවානුවල සාමාන්‍යයෙන් වසරකට භූකම්පා පහළොවක් පමණ ථංඖඔ අත්වි තිබෙන්නේ” බිල්හැම් කියයි. මේ අනුව, තීව්‍ර භූ කම්පන ක්‍රියාකාරිත්වය පවතින කාලවකවානු සහ අනෙකුත් සාධක අතර සහසම්බන්ධයක් ඇත්දැයි පර්යේෂකයෝ සොයා බැලූහ. මෙහිදී හෙළි වූයේ පෘථිවියේ භ්‍රමණය යාන්තමින් මන්දගාමී වන විට ඉන් අනතුරුව භූ කම්පන සංඛ්‍යාව ඉහළ යන වකවානු පැමිණෙන බවයි. “ඇත්තටම පෘථිවියේ භ්‍රමණය යාන්තමට වෙනස් වෙනවා තමයි. සමහර අවස්ථාවල දවසකට මිලි තත්පරයක් විතර. වෙනස් වන ප්‍රමාණය පරමාණු ඝටික යොදාගෙන ඉතාමත් නිවැරදිව මැන බැලිය හැකියි” බිල්හැම් කියා සිටී. මෙය ඇත්තටම සරලයි, පැහැදිලියි. පෘථිවිය අපට අනාගත භූ කම්පනය ගැන වසර 5ක කල්තියා දැනුම් දීමක් සිදු කරන්නේ. පසුගිය ශතක එකහමාරක් ඇතුළත පෘථිවියෙහි භ්‍රමණය මන්දගාමී වූ පස් අවුරුද්දකට කිට්ටු කාලඡේද ගණනාවක්ම සොයා ගැනීමට බිල්හැම් සහ බෙන්ඩික් සමත්වූහ. වඩාත් වැදගත්ම කාරණය වන්නේ මෙම කාලයඡේදවලින් පසුව තීව්‍ර භූ කම්පන සංඛ්‍යාව ඉහළ යාමයි.

මේ සහසම්බන්ධය අද දිනයේ අපට තවත් වැදගත් වන්නේ පෘථිවියේ වාරිකව සිදුවන මන්දගාමීවීම්වලින් එකක් මෙයට වසර හතරකට වැඩි කාලයකට පෙර ආරම්භ වී තිබීමයි. මෙයින් ගම්‍ය වන දේ පැහැදිලියි” බිල්හැම් පෙන්වා දෙයි, “ඉදිරි වසරේදී දරුණු භූමි කම්පා සංඛ්‍යාවෙහි සැලකිය යුතු ඉහළ යාමක් දැකගන්නට ලැබේවි. මේ වසරේ එක අතකට නරකම නැහැ. තවම වසර තුළ ඇති වුණේ දරුණු භූ කම්පන හයක් පමණයි. 2018 පටන් ගත්තාට පසුව අපට වසරකට විස්සක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්”.
සුළුවෙන් වුවත් දවසේ දිග අඩුවීම(ඒ කියන්නේ පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමේ ප්‍රතිඵලය) භූ කම්පන වලට සම්බන්ධ වෙන්නේ කුමක් නිසාද යන්න නිශ්චිතවම කීමට අපහසුය. විද්‍යාඥයන් නම් කල්පනා කරන්නේ පෘථිවියේ හරයේ (Earth’s core) හැසිරීමෙහි සුළු විපර්යාසයන් හේතුවෙන් මෙකී ආචරන (බලපෑම්) හේතු වන බවයි. මීට අදාළව තවත් කාරණාවක් වන්නේ අතිරේකව ඇති වෙතැයි අපේක්ෂා කරන භූ කම්පන කොයිබ සිදුවේදැයි පුරෝකථනය කිරීමට ඇති අපහසුතාවයි. බිල්හැම් ප්‍රකාශ කරන්නේ දවසේ දිගට ප්‍රතිචාර වශයෙන් ඇතිවන භූ කම්පන බහුතරය සමකය ආසන්නයේ සිදු වන බවක් පර්යේෂක කණ්ඩායමට පෙනී ගොස් ඇතැයි යනුවෙනි. පෘථිවියේ නිවර්තන කලාපවල බිලියනයක පමණ ජනතාව ජීවත්වෙති.
(භූ කම්පන ගැන thathu හි නොවැම්බර 16 පළවූ ලිපිය මෙතැන ක්ලික් කර කියවන්න)
www.theguardian.com(world/2017/nov/18/2018) හි පළවූ Upsurge in big earthquakes predicted for 2018 as Earth rotation slows යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න