මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සදාචාර නපුර සමන්විතවනු ලබන්නේ,  මනුෂ්‍යයන් සදාචාර විරෝධී  අන්දමට ක්‍රියා කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නාවූ වේදනාව සහ දුක්පිඩාව මගිනි. මිට ප්‍රතිවිරුද්ධව, ලෙඩරෝග හෝ ස්වභාවික විපත්ති වැනි දේවල  ප්‍රතිඵලයක් ලෙස ‘ස්වාභාවික නපුර’ ඇතිවේ.  දේවවේදයේ දී නපුර ලෙස සලකනු ලබන්නේ යක්ෂයා විසින් පුද්ගලාරෝපණය කරනු ලබන වියුක්ත එහෙත් සැබෑ දෙයක් (තථ්‍ය ස්ථිතියක්) හැටියටය; එය තමයි නපුරු දේ, පුද්ගලයන් සහ ක්‍රියාවන් වල සම්භවය හා අනුප්‍රාණය. (දෙවියනට අකිකරුවිම හේතුවෙන් මිහිපිට පාරාදිසියෙන් හෙවත් ඊඩන් උද්‍යානයෙන්  ආදම් සහ ඒවා) පලවාහැරලු අවස්ථාවෙන් පසුව පව්කාරබව මිනිස් ස්වාභාවයට පත්විය.  සර්වබලධාරී, ගුණවන්ත දෙවියෙකු මිහිපිට නපුර පැවතීමට ඉඩ දෙන්නේ මන්ද යන්න දීර්ඝ කාලයක තිස්සේ දෙවධර්මධරයන් වෙහෙසට පත්කරන්නකි.

යහපත සහ නපුර?

කෙසේවෙතත්, සදාචාර දර්ශනවාදීන් වඩාත් උනන්දුවක් දක්වන්නේ නපුර ලෙස සැලකිය හැක්කේ කුමක්ද යන්න ගැනය. නිදසුනක් ගතහොත්, (නට්සිවාදය පරාද කිරීම වැනි?) යහපත් ප්‍රතිඵල ගෙන ආවේ වී නමුත් (ඝාතන වැනි) ඇතැම් ක්‍රියාවන්,  කවදාටත් වැරදි දේවල්ය. වෙනත් වචන වලින් සැලකුවොත්, උපාය හේතුවෙන් උපේය සාධාරණ වේද?    (ends justify means). ඒ ආකාරයටම කිසිවෙකු යහපතක් කිරීමේ චේතනාවෙන් යුක්තව, යම් ක්‍රියාවක් සිදු කරන විට අනාධ්‍යාශිව(නොසිතාම)   යම් නපුරු හෙවත් දුෂ්ට  ක්‍රියාවක් සිදු කළොත් එවන් අය දුෂ්ටයන්ම ද?

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ EVIL යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending