මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සැපත හෙවත් සුඛය(Happiness) පරම යහපත ලෙස(greatest good) ඇතැම් දර්ශනවාදීන් විසින් දක්වනු ලැබඇත. එහෙත් ‘සැපත හෙවත් සුඛය’ යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ කිම? පුරාතන ග්‍රීසියේ උපත ලද පරම සුඛවාදය() නම් මතවාදයේ දී සුඛය, බොහෝ කොට සොම්නස හෙවත් සතුට(pleasure) හා සම්බන්ධ කර සැලකේ. මිට ප්‍රතිවිරෝධිව, ඇරිස්ටෝටල් ඇතුළු තවත් අය සුඛය යහපත් ජිවිතයක් ගතකිරීම හා සම්බන්ධ කර සලකති. චින්තාවෙහි දී මෙන්ම සද්ගුණ ක්‍රියාවන්ට මග පෙන්වීමක් ලෙස ද ප්‍රතිභානය හෙවත් වැටහෙන නුවණ (reason) යොදා ගැනීම යහපත් ජිවිතයක් ගෙවීමට ඇතුලත්ය.

සැපත හෙවත් සුඛය පිළිබඳ අර්ථ නිරුපන දෙකම උපයෝගිතාවාදයේ (utilitarianism) අරමුණ අතරේ දැකිය හැකිය. “උපරිම පිරිසකගේ පරම සුඛය’ සැලසීම එම අරමුනයි. මෙය, බොහෝ දේශපාලඥයන් ද සිය අභිමතාර්ථය ලෙස කියා පාන්නකි. එමෙන්ම, ‘සුඛය හඹා යාම(අනුසරණය)’ ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙහි මුලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ඇතුලත් කර ඇත. කෙසේවෙතත්, සුඛය හඹා යාම ම නොසතුටට මුලයක්(ප්‍රභවයක්) බවයි ඇතැම් අය කියා සිටින්නේ. සමහරු සුඛය, සන්තුෂ්ටිය(නිසල සතුට) සමග ද, එමෙන්ම සන්තුෂ්ටිය ගැති බව සමග ද සම්බන්ධ කරති: ඌරෙකු සිය අසුචි කුපයෙහි සුඛයෙන් පසු වුවත් ගැති බවෙන් මිදී නැත.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Happiness යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න