උල්කාෂ්ම විල් මතට කඩා වැටීම හේතුවෙන් පෘථිවිය මත ජීවය හට ගත් බවට සාක්ෂි ඉස්මතු වෙයි.
මෙයට වසර බිලියන 4.1 කට පමණ පෙර පෘථිවියේ වූ කුඩා, උණුසුම් ජල කඩිතිවලට උල්කාෂ්ම ඇදවැටීමෙන් මේ මිහිතලය මත ජීවය හට ගත් බව කියැවෙන අදහස බොහෝ කාලයක් තිස්සේ පැවත එන්නෙකි. සිත් කළඹවන නව අධ්‍යනයක් මගින් මේ ආදි කල්පිත අදහසට නව ජවයක් වැඩි පිළිගැනීමක් එක් කිරීමට සමත්ව තිබේ.
මුල්කාලීන පෘථිවි පරිසරය තුළට අභ්‍යවකාශයේ පාෂාණ මගින් නියුක්ලියෝටයිඩ (nucleotides) වැනි අත්‍යවශ්‍ය කාබනික කොටස් ගෙන එන්නට ඇතැයි තම පර්යේෂක කණ්ඩායම සිදුකළ ගණන් බැලීම්වලින් පෙනීයන්නේ යැයි කැනඩාවේ මැක්මාස්ටර් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥයකු වන බෙන්.කේ.ඩී. පියර්ස් කියා සිටියි. ජල කඩිතිවල ජල මට්ටම උස් පහත් වෙද්දී ඇතිවන තෙත් සහ වියළි චක්‍ර සංයෝජනය එම ජල කඩිතිවල පෝෂක ගහන මඩ පසෙහි මූලික අණුක තැනුම් ඒකක බන්ධනය කරන්නට ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මෙය ස්වයං පිටපත් ඇති කරන රයිබෝනියුක්ලියැක් අම්ලය (අපට වඩාත් හුරුපුරුදු ලෙස දක්වතොත් RNA) සෑදීමට මග පාදන්නට ඇතැයි යනුවෙනි. පෘථිවි ග්‍රහයා මත මුල්ම ජීව වර්ගය RNA කියලයි බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. එවැනි සොයාගැනීම්, චාල්ස් ඩාවින්ගේ සිද්ධාන්තවලට පිටිවහලක් වෙයි. එපමණක් නොව එම සොයා ගැනීම් පදනම්ව ඇත්තේ රසායන විද්‍යාව, භූ විද්‍යාව, ජීව විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාව මගින් පෝෂිත සාක්ෂි පාදක ගණනය කිරීම් මත ය. ඒවා කාරණා කිහිපයක් සැලකිල්ලට ගත්තේ ය. ජීවය හටගත්තේ පෘථිවිය හැඩගැසෙමින් තිබූ ඒ මුල් අවධියේදී යන්න ඉන් එක් කාරණාවකි. එම සොයාගැනීම පදනම්ව ඇත්තේ, පෘථිවිය ආරක්ෂා කරන ඕසෝන් ස්ථරය නොතිබුණු කාලවකවානුවකදීය. එමෙන්ම, මහද්වීප සාගරයෙන් මතුව එන සමයකදීය. මේ කාරණා තුනම නියුක්ලියෝටයිඩවල පැවැත්මට තර්ජනයක් විය හැකි දේවල්ය.
/DNA-RNA-58dacf2e5f9b584683a1c375.jpg)
ඉතින් අධ්‍යයනය පෙන්වා දෙන්නේ එවකට පෘථිවිය මත තිබූ දහස් ගණන් දියකඩිති සාගරයට වඩා ජීවය හට ගැනීමේ ක්‍රියාදාමයට හිතකර වූ බවයි. (සත්ව හා ශාක සෛල වල ජානමය තොරතුරු රැගත් රසායනික වන) ඩියොක්සිරයිබොනියුක්ලියෙක් අම්ලය හෙවත් අපට පුරුදු අන්දමට කියනවා නම් DNA පරිණාමය වීමට පෙර ලෝකය පුරාවටම පවතින්නට ඇත්තේ RNA-පාදක ජීවය විය හැකි යයි ද අධ්‍යයනය නිගමනය කරයි. ජීවයේ ප්‍රථම අංගයක් ලෙස ඉස්මතු වීමට නොහැකි තරමට DNA සංකීර්ණය. “ඒ හින්ද ජීවය පටන් ගන්න ඇත්තේ වෙනත් යමකින්. ඒ වෙනත් යමක් වන්නේ RNA” යයි අධ්‍යයනයේ සම විද්‍යාඥ රැල්ෆ් පුඩ්රිස් ප්‍රකාශ කරයි.
All About Space 71 – 2017 UK හි පළවූ ‘Cosmic splash’ started life on Earth යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න