ලෝකඩ යුගයට අයත් ඉන්දු නදී ශිෂ්ඨාචාරය ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 5500 දී පමණය. එම ශිෂ්ඨාචාරයෙහි උච්ච අවස්ථාව සලකුණු වන්නේ ඊට වසර 2000 කට පමණ පසුවය. එනම් ක්‍රිස්තු පූර්ව 3500 දී පමණය. ඉන්දු නදී අතීත ශිෂ්ඨාචාරය ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය හා ගත් කල අතීත ලෝකයේ දියුණුම නාගරික ශිෂ්ඨාචාර මහා තොටිලි තුන ලෙස සැලකේ. ඉන්දු ප්‍රජාවන්, ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ සිට පාකිස්ථානය සහ නිරිත දිග ඉන්දියාව දක්වා පැතිර සිටියද එක් කාරණාවක් බොහෝ කාලයක් තිස්සේ පුරාවිද්‍යාඥයන්ට ප්‍රහෙලිකාවක් වශයෙන් පැවතිණ. මේ ලිපියෙන් සලකා බැලෙන්නේ ඒ ගැනයි.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් විශාලතම ජනාවාස පිහිටියේ එක පසෙකින් ඉන්දු නදිය ට ද අනෙක් පස යමුණා-ගංගා පද්ධතියටද සැලකිය යුතු දුරකින් මායිම්වය. ප්‍රහේලිකාව වූයේ මෙයයි. ලෝකඩ යුගයේ ජනාවාස සෑමවිටම පැන නැගුණේ ස්ථිර ගංගා ආසන්නයේ යන්න දැඩි විශ්වාසයට ගත් කාරණාවකි. විශ්වාසය පමණක් නොව ඊට ඕනෑ පදම් සාක්ෂි ද ඇත. ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයවල පමණක් නොව ඇතැම් ඉන්දීය නදී ප්‍රදේශවලද, ඕන පදම් මිරිදිය පැවතීම හේතුකොටගෙන කෘෂිකාර්මික සංවර්ධනය ඇති වූ අතර මිනිස් සංක්‍රමණයට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද මඟ පෑදිණි.

එසේ වුවද සමෘද්ධිමත්, පුරාණ ඉන්දු නදී ක්‍රියාකාරී කේන්ද්‍රීය ජන ජීවිතය පැවතියේ කිසිසේත්ම ප්‍රධාන ජල මූලයන් සමීපයේ නොවේ. දැන් පර්යේෂකයන් පිරිසක් මේ ප්‍රහේළිකාව විසඳීමට සමත්ව සිටින අතර එසේ කිරීමේදී මූලික උපකල්පන ගණනාවක්ම අභියෝගයට ලක් කර ඇත. ලක්කර ඇත ඉන්දියාවේ කාන්පුර් තාක්ෂණික ආයතනයේ පෘථිවි විද්‍යාඥ අජිත් සිං පර්යේෂණ කණ්ඩායම මෙහෙයවයි. මෙම උපකල්පිත අදහසක් වූයේ ප්‍රධාන නදියක ගමන් මගෙහි වෙනසක් සිදු වුවහොත් එහි මුල් ගමන් මාර්ගය ඔස්සේ පැවතී ජනාවාස අනිවාර්යයෙන්ම පරිහානියට ලක් වන්නේය යන්නයි. මේ ස්ථාවරයටම අදාළව උපකල්පනයක් වන්නේ ඕනෑම ප්‍රධාන පෙළේ ගංගාවක ඉතිහාසය අසල පිහිටි නගරය සහ මහ නගර වල ඉතිහාසය සමග කාල ක්‍රමානුගතව බැඳී පවතින බවයි.
විවිධ තාක්ෂණික ක්‍රම ගණනාවක් උපයෝගී කරගනිමින් සිං සහ කණ්ඩායම තීරණය කළේ ඇත්තටම ඉන්දු-නදී ජනාවාස පිහිටි බිම මධ්‍යයෙන් කලක් විශාල ගංගාවක් ගලා ගිය බවක් සහ එය සිදුවී ඇත්තේ එම ජනාවාස ගොඩනැගීමට වසර දහස් ගණනකට පෙර බවත්ය. මෙහිදී යොදාගනු ලැබූ තාක්ෂණික ක්‍රම අතර චන්ද්‍රිකා අනුරූප විශ්ලේෂණය ද, ප්‍රදේශයේ විවිධ වැලි ස්ථර වලින් ලබාගත් ගෝමේද (සර්කොන්=zircons) දිරායාමට අදාළ යුරේනියම් සිට ඊයම් දක්වා දත්ත විකේතනය ද අයත් විය.

ගමන් මග වෙනස් වුවද මෙම ගංගාව අදටත් පවතී. හිමාලයෙන් ගමන් අරඹන එය අද හඳුන්වනු ලබන්නේ සට්ලෙජ් යනුවෙනි. අවසාදිත විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ මෙයට වසර අටදාහකට පෙර එය (පසුකාලින) ජනාවාස ප්‍රදේශ හරහා ගලා ගිය ද හදිසියේම එහි ගමන් මග වෙනස් වී ඇති බවයි. එහෙත් ගමන් මග වෙනස් වීමට හේතුව පැහැදිලි නැත. සිං ඇතුළු පර්යේෂක කණ්ඩායම විශ්වාස කරන්නේ ඉන්දියානු ගිම්හානයේ ශක්තිය දීර්ඝ කාලයක් තිස්සේ හීන වීම ඊට මුල්වන්නට ඇති බවයි. කෙසේ වෙතත් එම ගංගාව, දල බෑවුමක් සහිත නිම්නයක් හරහා ගලායන දිය පාරක් බවට පත්වී අදටත් එලෙසම පවතී. ගඟ තිබූ තැනින් අතුරුදන් වෙද්දී භූ දර්ශන ‘පැල්ලමක්’ — පුරා දිය පාරක්(a paleochannel )— ඉතිරි කළේය. ශතවර්ෂ ගණනාවකට පසු මුල් ලෝකඩ යුගයේ ගොවීන්ට ජනාවාස පිහිටුවීම සඳහා ආකර්ෂණය වූයේ එයයි. ”නිම්නයේ කැටයමක් ලෙස සටහන් වී තිබූ පුරාණ ගංගාවේ ගමන් මග නාගරික සංවර්ධනය උදෙසා ඉතා උචිත ලෙස පෙනී යන්නට ඇත. මොකද කීවොත් හිමාලයේ ගංගා තීරයෙහි ඇළ මාර්ග හා සසඳන විට මෙය ස්ථාවර භාවයක් සැපයූ නිසයි. හිමාලය ඇළ මාර්ග මාර්ග තීරය නිරතුරු ව්‍යසනකාරී ගං වතුරවලට මෙන්ම ගංගා ගමන් මග ආංශිකව වෙනස් වීමට ලක්වනවා” යයි පර්යේෂකයෝ Nature Communications සඟරාවට වාර්තාවක් ලියමින් සඳහන් කරති. සට්ලේජ් ගඟෙහි ගමන් මග වෙනස් වීම ලෝකඩ යුගයේ ගොවීන්ට පාඩුවක් නොවූ ආකාරයකි!
පුරා දිය මග ඉතා සියුම් ආවාසදිතවලින් අර්ධ වශයෙන් පිරී ඇති බව පෙන්වා දෙන පර්යේෂකයන් කියා සිටින්නේ හිමාලයෙන් බැස යන මෝසම් වැසි ජලය ගලා බැසීම පිණිස ඇති වූ තාවකාලික කුඩා දියමංවල සියුම් රොන්මඩ තන්තුවලින් හටගත් ඒවා බවයි. වර්ෂ සහස්‍ර ගණන් ගතවෙද්දී අවසාදිත ස්ථරය ප්‍රදේශයේ මෝසම් බලවත් වීම හා දුර්වල වීම සාපේක්ෂව පිළිබිඹු කරයි. සහස්‍ර ගණනාවක අවසාදිත ස්තරය පිළිබිඹු කරන්නේ ප්‍රදේශයේ මෝසම් බලවත් වීම සහ දුර්වලවීම සිදුවූ ආකාරයයි.
මෙලෙස වසර දහස් ගණනක් ගතවෙද්දී ස්ථාවර භූමි භාගයක් ඇතිවෙයි. දේපළ හානි සහ වගා හානි පැමිණීමෙ අඩුම අවදානමක් සහිත නාගරික ජනාවාස වර්ධනය විය හැකියි. මේ සොයාගැනීම, අතීත ඉතිහාසයේ කේන්ද්‍රීය ඇදහිල්ලක් ඔළුවෙන් හිටවයි. “ගංගාවල ගතික ශක්තිය ඉන්දු නිම්න වාස භූමි පැතිරීම පාලනය කළ සාධකයක්. මෙතෙක් විස්වාස කළේ ගංගා ආශ්‍රිතව නාගරික ශිෂ්ටාචාර දියුණු වුණේය යන්නයි. ඒත් අපේ සොයා ගැනීමෙන් තහවුරු කිරීමට අදහස් කළේ නාගරික ජනාවාස ඇතිවුණේ ගඟ ආසන්නවීම නිසා නොවේය, ගඟ ඈත්වීම නිසාය යන මතයයි” සිං පෙන්වා දෙයි.
Cosmos හි පල වූ In ancient India, a river didn’t run through it යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න