මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for antisthenes

අද , ශ්වනයා හෙවත් ‘නරුමයා’  යනුවෙන්  සැලකෙන්නේ අනුන් ගැන  නපුරක්ම, නරකක්ම හිතන්නෙකි. එමෙන්ම හැමදෙයක්ම අයහපත්ව අවසන්වෙතැයි විශ්වාශ කරන්නෙකි. එපමණක් නොව, තම අභීමතාර්ථ හඹා යාමේදී  සදාචාර ප්‍රතිපත්තිවලට ගරුනොකරන අයට ද මෙම වදන යෙදේ. “cynic” යන වචනය බිඳි විත් ඇත්තේ ග්‍රීක ‘kunikos’(සුනඛ සමාන) යන්නෙනි. තව ද අවඥාසහගත “Cynics” යන්න පුරාණ ග්‍රීසියේ සොක්‍රටීස්ගේ අනුගාමිකයෙකු වූ  ඇන්ටිස්තින්ස් (ක්‍රි.පු.  444 පමණ සිට 366 දක්වා)) විසින් ආරම්භ කරන ලද දාර්ශනික ගුරුකුලයට ද යෙදීන.

 

නරුමවාදීන්ව, සිය සමකාලීනයන් විසින්   සුනඛයන්ට සමාන කරනු ලබන්නේ  බොහෝවිට ඔවුන්(නරුමවාදීන්) විසින් සාම්ප්‍රදායානුකුල සමාජ අගයන් ප්‍රතික්ෂේප කරනු ලැබීම සැලකිල්ලට ගෙනය. එම සමාජ අගයන් වෙනුවට ඔවුන් විසින් අනුදකිනු ලැබුවේ දැඩි තාපස ව්‍රතයකි(strict asceticism). ඔවුන් විසින් විශ්වාස කරනු ලැබුවේ සුඛවිහරණය, සුවපහසුව සහ ධනසම්පත් හැරපියා ස්වභාවය (nature) සමග සහජීවනයෙන් ගත කිරීම තුළ සද්ගුණය දැකිය හැකි යයි යනුවෙනි.

Related image

ශ්වනයන් අතුරෙන් වඩාත් සුප්‍රකට අයෙකු වූ දයෝගෙනස්(ක්‍රි.පු. 412 සිට 323 දක්වා) හැඳින්වීමට යොදා ගනු ලැබුවේ “සුනඛයා” යන අන්වර්ථ නාමයයි. ඔහු එය කෙතරම් බරපතල ලෙස කරපින්නා ගත්තේද යත්, නිර්වස්ත්‍රව විදී දිගේ සැරිසැරූවේය; එලිපිට  මලපහ කළේය; පළාතේ වෙළඳපොලෙහි බැරලයක් හෝ බක්කියක් තුලට වී වකුටු ගැසී නිදාගත්තේය; එපමණක් නොව,  සද්ගුණ මාර්ගයෙන්  බැහැරවුවන් සේ  ඔහු සැලකු අයට  බුරා පැන්නේය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Cynicism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending