මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for Zeno of Citium

ස්ටොයිකවාදය(Stoicism) යනු ක්‍රි.පු. 300 කාලයේ පුරාණ ග්‍රීසියේ දී සිටියම් හි සෙනෝ විසින් ආරම්භ කරන ලද දර්ශනවාදී සම්ප්‍රදායකි. සෙනෝ සිය උගැන්වීම් සිදු කළ ඇතන්ස් හි ඇගොරා(agora) හෙවත් සභා මණ්ඩපයේ කොටසක් වන Stoa Poikile  ‘සිතුවම් කළ බරාඳය(painted porch)’ යන්නෙන් ස්ටොයිකවාදය යන නම ලැබී ඇත. ස්ටොයික් අනුගාමිකයන්ගේ බලපෑම වර්තමානයේ අද දක්වාත් පැතිරෙයි– වර්තමානයේ පවා ඉංග්‍රීසි භාෂාවේ stoical යන්න යොදන්නේ මැසිවිල්ලක් නොමැතිව අභාග්‍යය විඳ දරාගෙන සිටීමේ ආකල්පය හැඟවීමටයි.

Related image

මුලිකව තවත් ආචාරධාර්මි ගුරුකුලයක් වන ශ්වනවාදින්ගේ හෙවත් නරුමවාදින්ගේ(Cynics) ආභාෂය ලබමින්  ස්ටොයිකවාදීහු ප්‍රඥාව හා සද්ගුණය මත මහා බරක් තැබුහ. ඒ ගුණ එකිනෙක හා දැඩිලෙස අනන්‍ය විය. ස්ටොයිකවාදීන්ගේ ආචාරධර්ම උකහා ගත්තේ ඔවුන්ගේ පාරභෞතික විද්‍යාවෙනි. ඔවුහු සර්වෙශ්වරවාදින්(pantheists) හා භෞතිකවාදීන් වුහ: ඔවුන් දෙවියන් හඳුනාගත්තේ සාධාරණය යන්න සමගයි. එය විශ්වයේ පාදක මුලධර්මය ලෙස සැලකිණ.  මිනිස්සු දිව්‍යමය ගින්න භුක්ති වින්දහ. බුද්ධිමත් මිනිසා ස්වභාවය සමග සුසංගතව ජීවත්වූ අතර හොඳ නරක දෙකම උපේක්ෂාවෙන් පිළිගත්තේය.

නුතන සංවේද්‍යතාවන් සමග සසඳද්දී ඇතැම් විටක ස්ටොයිකවාදීන්ගේ අචාර ධර්ම අනුකම්පා විරහිත මෙන්ම බොහෝදුරට අමානුෂික බවක් දිස්වේ. නිදසුනක් දක්වන්නේ නම්, තම දරුවා දියේ ගිලෙන බව දකින  ස්ටොයිකවාදී ප්‍රඥායා දරුවා ගලවා ගැනීමට උත්සාහ දරයි. එහෙත් ඔහුගේ තැත වැරදි ගොස් දරුවා මිය ගිය ද ඔහුට පසුතැවිල්ලක් හෝ දුකක් නොදැනේ. තමන්ට කළ හැකි උපරිමය කළ බව දන්නා ඔහු දරුවාගේ මරණය දෙවියන්ගේ සැලැස්මෙහි කොටසක් සේ හඳුනාගෙන සිදුවුයේ, සිදුවිය හැකි හොඳම දෙය ලෙස සලකයි.

සියලුම මනුෂ්‍යයන් සහෝදරයන් සේ සැලකු මුල්කාලයේ ස්ටොයිකවාදීහු වහල් ක්‍රමය හෙළාදුටහ. ක්‍රිස්තු පූර්ව ප්‍රථම සියවසේ පමණ සිට රෝම සමාජයේ ප්‍රභු පෙලැන්තිය විසින් ස්ටොයිකවාදය වැළඳ ගනු ලැබූ අතර යුතුකම හෙවත් වගකීම ගැන වැඩි අවධානයක් යොමු කෙරිණ.

Image result for Marcus Aurelius

කැපිපෙනෙන රෝම ස්ටොයිකවාදීන් අතර නාට්‍ය රචක සෙනෙකා(ක්‍රි.පු. 4 සිට ක්‍රි.ව. 65 දක්වා) සහ මාක්ස් අවුරෙලියස් අධිරාජයා(ක්‍රි.ව. 121-180) දැක්විය හැකිය. අවුරෙලියස් විසින් රචිත Meditations හි, ‘මිනිසුන් සිටින්නේ එකිනෙකා වෙනුවෙනුයි; එක්කෝ ඔවුන් දැනුවත්කරන්න නැතිනම් ඉවසා දරා සිටින්න’ සහ ‘ඔබගේ සෑම ක්‍රියාවක්ම, වදනක්ම හා සිතුවිල්ලක්ම ඕනෑම මොහොතක මෙලොව හැර පියා යාමට කැපව සිටින්නෙකුගේ(ඒවා) බඳු විය යුතුය’  වැනි ආප්ත පද ඇතුලත්විය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Stoicism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending