මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for Jeremy Bentham

උපයෝගිතාවාදය යනු  ඉංග්‍රීසි ජාතික  දර්ශනවාදියෙකු සහ ප්‍රතිශෝධකයෙකු වූ ජෙරමි බෙන්තම්(1748 – 1832) විසින් කල්පනාකාරීව සැලසුම්කරණ ලද ප්‍රායෝගික ආචාරධර්ම පද්ධතියකි. “සදාචාරයේ සහ නීති සම්පාදනයේ  අඩිතාලම වැඩිම සංඛ්‍යාවක වැඩිම යහපත වන්නේය” යන්න ඔහුගේ ප්‍රකට කියමනකි.  මේ අනුව උපයෝගිතාවාදය එක්තරා අන්දමක සුඛපරමවාදයකි. (thathu සුඛපරමවාදය ගැන පලකළ ලිපිය මෙතනින් කියවන්න). ක්‍රියාවක් නිසා හටගන්නා සොම්නස හා දොම්නස සංඛ්‍යාත්මකව දැක්විය හැකිය එමෙන්ම එමගින් එම ක්‍රියාව යහපත් ද අයහපත් ද යනුවෙන් තිරණය වෙන්නේය යන්න අවධාරණය කරමින් බෙන්තම් ‘සදාචාර ගණිත ක්‍රමයක්’(moral calculus)  වැඩිදියුණු කළේය.

Image result for ohn Stuart Mill

කෙසේවෙතත්, ඉංග්‍රීසි ජාතික දර්ශනවාදීයෙකු වු ජෝන් ස්ටුවට් මිල්(1806 – 73) නම් උපයෝගිතාවාදය පිලිබඳ බෙන්තම් ගේ අනුවාදය හෙවත් අදහස බෙහෙවින් නොමේරූ එකක් ලෙස සැලකුවේය. මිල්,  සුඛ්වෙදනාවේ ගුණාත්මක බව ගැන අවධානය දැක්විය. ඔහු මහා මැ වටිනාකමක් එක් කළේ ‘ප්‍රඥාවෙන් ලැබෙන, වින්දනයෙන් හා පරිකල්පනයෙන් ලැබෙන, එමෙන්ම සදාචාරමය මනෝභාවයන්ගෙන් ලැබෙන සුඛාස්වාදය’ මතය.  තවද, ජෝන් ස්ටුවට් මිල් අනම්‍යශීලි බෙන්තම්වාදී කලනය සංශෝධනය කළේ බහුතරයේ අයිතිය වෙනුවට පුද්ගල අයිතිය වෙනුවෙන් පෙනී සිටිමෙනි. ස්වාභාවික ආභාසයක්(naturalistic fallacy) යනුවෙන් ඇතැමුන්ගේ විවේචනයට ලක් වුවත්, උපයෝගිතාවාදය සමාජ පිළිවෙත් කෙරෙහි තවදුරටත් මහා බලපෑම් ඇතිකරයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Utilitarianism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

 

 

One response to “සංකල්ප සාර සංග්‍රහය 62: උපයෝගිතාවාදය (Utilitarianism)”

  1. ස්තුතියි . මගේ නිදහස් කාලය මා thathu.com සමඟ ගත කරමි. කදිමයි. සරලයි ඒ වගේම රසවත් .
    ඔබට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending