ඔහයිඕ, මිචිගන් සහ කැනඩාවේ ඔන්ටාරියෝ හි ජනතාවට පසුගිය අගහරුවාදා,  එනම් 2018 ජනවාරි 16 දා  රාත්‍රි අහසේ අපුරු දර්ශනයක් දැක බලා ගත හැකි විය: ඒ, උල්කාවක් අහසේ ඇදී යන ආකාරයයි. (වායු ගෝලයේ දී ඝර්ෂණය වී ආලෝකයක් නිකුත් කරමින් දහනය වන කුඩා කැබලි  උල්කා(meteor)ලෙස හැඳින්වේ).

Did Michigan Meteor Really Cause an Earthquake?

ගිනිකොන දිග මිචිගන් හි හරියටම රාත්‍රී 8.09ට මහා හඬක් සහිතව පොළොව දෙදරනු  දැනී ගිය බව සිය ගණන් ජනතාව වාර්තා කර සිටියහ. “ජනතාව එය විස්තර කළේ දැඩි ගැඹුරු හඬක් හැටියටයි.  භූකම්පමාන(seismometers) මගින් සොයාගනු ලබන්නට ඇත්තේ එය විය හැකිය”යි ජාතික භූමිකම්පා තොරතුරු මධ්‍යස්ථානය(National Earthquake Information Center NEIC) හි භුභෞතිකඥ ජෝම් බෙලිනි කියා සිටියි. භූකම්පමාන, භුමිකම්පා නොවන කම්පන වාර්තා කිරීම අරුමයක් නොවේ යයි ඔහු පෙන්වාදෙයි. නිදසුනකට, අකුණු කුනාටු ගිගුරුම්, බර ඉඳිකිරීම්, මහාමාර්ගයේ බර ට්‍රක්රථ ධාවනයෙන් පවා එන කම්පන එම උපකරණ වල සටහන් වේ.

පංච මහා විල් කලාපයේ පිහිටි,  මිචිගන් ජනපදයේ භූමිකම්පා අතිශය විරලය. ඇ.එ. ජ. භූවිද්‍යා සමීක්ෂණය මෙම ජනපදයේ භූකම්පන සටන් කර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව, 1973 සිට එහි වාර්තාවී ඇත්තේ හුදෙක් භූකම්පන හතරක් පමණකි: 1994 දී  3.5ක විශාලත්වයේ, 2010  දී 2.5 සහ 2015  දී 3.3ක සහ 4.2ක විශාලත්වයේ භූ කම්පන වශයෙනි. 2015 දී සහ 2016 දී භුගත ආකර පිපිරීම් හේතුවෙන්ද පිලිවෙලින් 2.5ක සහ 2.7ක විශාලත්වයේ කම්පන වාර්තාවී ඇත, මේ අනුව මෙම සිද්ධිය සැබෑ භූමිකම්පාවක් නොවේ.

මෙම අවස්ථාවේ, බුල්කාවේ ගැඹුරු හඬ- එහි  ශබ්ද තරංග 2.0 විශාලත්වයේ  සිද්ධියක ලෙස ආසන්නයේ පිහිටි භූකම්පමානයක සටහන් වී තිබේ. එහෙත් මෙම මාපනය(measurement) අහස හරහා ගමන් කළ උල්කාව මගින් කොපමණ ශක්තියක්  මුදා හැරියේ ද යන්න නොදැක්වෙනබව බෙලිනි කියයි. “ අහසෙන් එන කම්පන සටහන් කර ගැනීමට හැකිවන අයුරින් භූකම්පමාන සකසා නැහැ” බෙලිනි වැඩිදුරත් දක්වයි, “අහසේ පිපිරිමකින් එන සැබෑ ශක්තිය  භූකම්පමානයකට දැනෙන පරිදි පරිවර්තනය කිරීමේ හැකියාවක් නැහැ”.

උල්කාවක්
උල්කාෂ්මයක්

මෙය උල්කාවක් හෝ උල්කාෂ්මයක් පොළොව කම්පා කිරීමට මග පෑදු ප්‍රථම අවස්තාව නොවේ.( උල්කා, පෘථිවි මතට ළඟාවිම පිණිස වායුගෝලය පසාරු කරගෙන ඒමට තරම් විශාල වූ විට උල්කාෂ්ම(meteorite) ලෙස දැක්වේ). ඇ.එ. ජ. භූවිද්‍යා සමීක්ෂණය දක්වන අන්දමට 2013  පෙබරවාරි 15 දා රුසියාව මත අහසේ  දිස්වූ  චෙලියබින්ස්ක් උල්කාව 4.2 ක  විශාලත්වයේ සිද්ධියක් ලෙස සටහන් විය.

 

Live Science හි පළවූ  Fireball Over Michigan: Did Meteor Really Cause an Earthquake? නම් ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending