මනුෂ්‍යයන් හමුවේ පියුමා සතුන් ප්‍රතිචාර දක්වන්නේ  විලෝපියන් හමුවේ ගොදුරු සතුන් ප්‍රතිචාර දක්වන ආකාරයෙනි.

මිනිස්සු මාංශභක්ෂක විශාල සතුන් මරා දමති. වෘකයන්, වලසුන්, සිංහයන්, කොටි, සහ  පියුමා ආදී සතුන් අයත් වන්නේ මේ ප්‍රවර්ගයටය. මේ සතුන් මරා දැමෙන්නේ වනගත දී ඔවුන්ගේ මර්ත්‍යතා අනුපාතය(mortality rate) මෙන් නව ගුණයකිනි. මේ කියන වර්ගයේ සතුන් සම්ප්‍රදායානුකුල අර්ථයකින් ගතහොත්  අපේ ගොදුරු සතුන් නොවන අතර එසේ වුවද ලෝකයේ විශාලතම මාංශභක්ෂක සතුන් සමහරක් මිනිසුන්ට ප්‍රතිචාර දක්වන්නේ ගොදුරු සතුන්(prey) විලෝපියන්ට ප්‍රතිචාර දක්වන විලාසයට  සමාන අන්දමකින් බව අලුත්ම අධ්‍යනයකින් හෙළිවෙයි. සැන්ටා ක්රුස් පියුමා ව්‍යාපෘතියේ(Santa Cruz Puma Project)  ජිව විද්‍යාඥයන් කියා සිටින්නේ කඳුකර සිංහයන් ලෙස හඳුන්වන බලගතු පියුමා පවා මනුෂ්‍යයන් ළඟ පාතක ඉන්නා විට  බිය ගතියක් දක්වන්න බවයි.

මේ නවතම අධ්‍යනය සඳහා පර්යේෂකයෝ, GPS  තාක්ෂණයේ කොලර් සවිකළ  ‘කඳුකර සිංහයන්’ 17දෙනෙකු ගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කළහ. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ මෙම සතුන්ගේ මුව දඩයම් භූමියයි. දැන් බර්ක්ලේ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන පරිසර විද්‍යඥ ජස්ටින් ඒ. ස්මිත් සහ ඇගේ කණ්ඩායම, චලනය අනුව ක්‍රියාකාරිවන  කැමරා ගොදුරු බිමෙහි කොටසක් කා දමා තිබු මුවෙකුගේ මළකුණක් වෙත  යොමු කරගෙන පරීක්ෂාකාරීව සිටියහ. සතුන් ආපසු පැමිණ  මලකුන් කා දැමීම අරඹත්ම කැමරා ක්‍රියාකාරී වුයේ අසළ සවි කර තිබු ස්පිකර ද ක්‍රියාත්මක කරමිණි. එම ස්පීකරවලින් එක්කෝ ගෙම්බන්ගේ හඬ හෝ නැතිනම් මිනිසුන්ගේ කතාබස් හඬ නිකුත්වුණි.

මිනිස් හඬ ඇසුණු සැනින්ම පියුමා සත්තු සැමවිටම වාගේ ගොදුර කා දැමීම නතර කර පැන දිවුහ. ඉන් බොහෝ දෙනෙක් ගොදුර කෑමට ආපසු පැමිණියේම නැත. ආපසු පැමිණි අයද එසේ කළේ බොහෝ වෙලා ගත වීමෙන් පසුවය. එහෙත් ගෙම්බන්ගේ හඬ ඇසීමෙන් පසුව ඔවුන් කෑම නතර කළේ හෝ පලා ගියේ කලාතුරකිනි.  තවද ඔවුන් මුලින් මිනිස් හඬ ඇසීමෙන් පසුව ගෙවුණු පැය24 ඇතුළත  අනුභවය සඳහා ගත කළේ මුලින් ගෙඹි හඬ ඇසීමෙන් පසුවට ගත කළ කාලයෙන් අඩක් පමණකි.

Image result for several pumas  eating prey

මෙවන් පිහිටීමක නැතහොත් අවස්ථාවල මානවයන්ගේ විද්යාමනවිම බොහෝ ප්‍රතිපල ඇති කිරීමට සමත් වෙයි. මිට පෙර සිදු කෙරුණු පර්යේෂණයකදී පෙනීගියේ සැන්ටා ක්රුස් පියුමා සතුන් ජනයා අඩු ප්‍රදේශ හා සන්සන්දනය කරන විට මිනිසුන් පදිංචි ප්‍රදේශ ආසන්නයේ දී  මුවන් සියයට 36 ක් වැඩියෙන් මරා දමන බවයි. මෙයට හේතුව නව අධ්‍යනයේ සොයා ගැනීම් මගින් පැහැදිලි කල හැකිය: ගොදුර කා අවසන් කිරීමට කලින් එය අතහැර දමා බිය නිසා පලා යාමට සිදුවීමෙන් ඇතිවන අවාසිය මග හරවා ගැනීමට වැඩියෙන් මුවන් ගොදුරුකර ගැනීමට පෙළඹීමයි. මෙලෙස මුවන් ගහනය අඩුවන විට, ගහ කොළ කා දැමීමට ඇති සතුන් පිරිස ද අඩුවී යන බව මෙම අධ්‍යනයට සම්බන්ධ නොවූ, වර්තමානයේ වික්ටෝරියා සරසවියේ සංරක්ෂණ මහාචාර්යවරයෙකුවන ක්‍රිස් ඩේරිමොන්ට් පෙන්වා දෙයි. මෙලෙස සමස්ත ආහාර දාමයම අවුල් කිරීමට මිනිසසු සමත් වෙති. අප කෑම පිණිසම දැන් සතුන් මරා නොදමුවත් මිනිසා අද ලෝකයේ අංක එකේ විලොපියා බවට පත්ව ඇතැයි මහාචාර්ය ඩේරිමොන්ට් පෙන්වා දෙයි.

Scientific Americanහි පළවූ  Scaredy-Cats  යන ලිපිය ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending