මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
සෞන්දර්ය යනු සුන්දරත්වයෙහි(beauty) ස්වභාවය සහ කලාකෘති පිළිබඳව අප සිදුකරන විචාරාත්මක වීනිශ්චවයන්හි(critical judgments) පදනම පරික්ෂාවට ලක්කරන දර්ශනවාදයේ ශාඛාවයි. තවද, එමගින් ‘කලාව යනු කුමක් ද?’ සහ ‘ (කලාවට යම් අරමුණක් ඇත් නම්) කලාව කුමක් සඳහා ද?’ වැනි ප්‍රශ්න ඇසිය හැකිය.

කලාව පිලිබඳ වඩාත්ම කල් පවතින සංකල්පයන් අතුරෙන් එකක් වන්නේ එය නිරුපණාත්මකයි( representational) යන්නය — එනම් එය, හැම්ලට්ගේ වචන වලින් කියතහොත් ‘ස්වභාව ධර්මය වෙත කැටපත’ අල්වාගෙන, අප නිරීක්ෂණය කරන ලෝකය අනුකරණය කරයි යන්නය. පුරාණ ග්‍රීසියේ දී ප්ලේටෝ කියා සිටියේ පරමාදර්ශ යහපත මෙන්ම පරමාදර්ශ සුන්දරත්වය පවතින්නේ අභෞතික ස්වරූපයකින් පමණක් බවයි. ඒ අනුව සැබෑ කලා කෘති යනු බාල අනුකරණවලට වැඩි යමක් නොවන අතර සත්‍යයය හෝ යහපත හෝ වෙනුවෙන් ඇති මගපෙන්වීම් ලෙසට විශ්වාසයට නොගත යුතුය. මේ හේතුව මත ප්ලේටෝ සිය පරමාදර්ශ සමුහාන්ඩුවෙන්(ideal Republic) කවියන් සහ අනෙකුත් කලාකරුවන් බැහැර කළේය.
මිට ප්‍රතිවිරෝධිව කලාකෘති, ස්වභාව ධර්මය වැඩිදියුණු කරමින් දේවල් වල විශ්ව හරය පිලිබඳ අන්තර්ඥානයක් සපයන බව ඇරිස්ටෝටල් විශ්වාස කළේය. ඔහු කියා සිටියේ කලාව තුළ ධනාත්මක සමාජ හරයක් ඇති බවය: ශෝකාන්තයක් නිදසුන් ලෙස ගතහොත් ඉන් ප්‍රේක්ෂකයා තුළ ‘අනුකම්පාව සහ භීතිය’ පිලිබඳ හැඟීම් ඇතිකරවමින් භාව ශෝධනයේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.
කලා කෘතියක ගුණාත්මකභාවය නිර්ණය කිරීමෙහිලා ඇරිස්ටෝටල් යම් මිනුම් දඩු(නිර්ණායක) ගෙන හැර පෑවේය. උදාහරණයක් ලෙසට, ශෝකාන්තය තුළ ‘රංග සාම්‍යය’(unity of action) පැවතිය යුතුය. (මෙයටම, පසුකාලීන විචාරකයෝ ස්ථාන සාම්‍යය(unity of place) සහ කාල සාම්‍යය (unity of time) එක් කළහ). ප්ලේටෝට අනුව නම් නිදසුනක් වශයෙන් සංගීත ඛණ්ඩයක විශිෂ්ටත්වය නිර්ණය කළ යුත්තේ ‘දැනුමෙන් හා සද්ගුණයෙන් විශිෂ්ටත්වයට පත් ’ අයවලුන් කෙතෙක් දුරට එමගින් පිනවන්නේ දැයි යන්න මතය.
කලාකෘතියක ගුණය නිර්ණය කල හැක්කේ දැනුමෙන් හා සද්ගුණයෙන් සපිරි ප්‍රභූ පිරිසකට පමණක් යන අදහස අදටත් නොනැසී පවතින්නකි. කෙසේවෙතත්, විචාරකයන් කළා කෘති මනින නිර්ණායක පසුගිය සිය වස් තුල වෙනසකට බදුන් වී ඇත. දෘශ්‍ය කලා ගතහොත්, හුදු නිරුපණාත්මක උද්දීප්තියෙහි අගය චායාරුප ශිල්පය සොයාගැනීමත් සමග පසෙකට තල්ලු වී ගිය බව නිදසුනක් ලෙස දැක්විය හැකිය. රේඛා, වර්ණ සහ සංයෝජනය වැනි ‘විධිගත’ ගුණාංග මෙන්ම ‘ප්‍රකාශාත්මක’ ගුණයන් ඉස්මත්තට පැමිණියේ අවාස්තවිකභාවයට(Abstraction) මග පාදමිනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න