ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද? එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම් සම්භාරයක් ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

අපිප‍්‍රවේණිය(EPIGENETICS)
Kat Arney විසිනි
ඔබේ ජාන වෙනස් කිරීමට ඔබේ ජීවන රටාවට හැකිය!
ජිරාෆ්ට දිග ගෙලක් ලැබුණු අන්දම ගැන කතාව අහලා තියෙනවා නේද? ඔන්න බොහොම ඉස්සර කාලේ සිව්පාවෙක් හිටියා සෑම උදේකම දුවිලි පාර දිගේ දිය වල වෙත ඇවිදගෙන ගිය. මේ සැවානා බිම් යායේ ඇතැම් තැනක බොහොම රසවත්, බොහොම මාංසල රසැති කොළ (පත්‍ර) තිබෙන ගස් පේළියක් මේ සතාගේ ඇස ගැටෙනවා. වතුර බීමට යන ගමන නවත්තලා මේ සිවුපාවා ගෙල උඩටම උස්සන්නේ එම ගස් පෙළෙන් කොළයක, දෙකක රස බලන්න. ඒත් ඉතින් උස මදියි ටිකක්. එහෙමයි කියලා එම සිවුපාවා සහ ඇගේ සහෝදර සහෝදරියන් උත්සාහය අත් හැරියේ නැහැ. දවසක් එක් අයෙකුට කොළ කිහිපයක රස බලන්න හැකි වුණා. ඔය විදිහට කාලය ගෙවී ගියා. අර මුලින් කිව් (ජිරාෆ් යනුවෙන් හඳුන්වනු ලබන) සිවුපාවාගේ දරුවන්ගේ, දරුවන්ගේ දරුවෝ ආදී වශයෙන් පරම්පරා ගණනාවක් ගත වෙද්දී මේ ජිරාෆ් මුල් පරපුරේ අයට වඩා දිග ගෙලක් ඇති වෙන්න පටන් ගත්තා. ක‍්‍රම ක‍්‍රමයෙන් මේ පුරුද්ද දිගටම ඔවුන්ගේ බෙල්ල අද තිබෙන තරමට දික්වෙලා.

මේ කතාව සමහර විට රුඩියාඞ් කිප්ලිංගේ වන කතාවලින් තොරා ගත් කතාවක් කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි චමත්කාරජනක ආදර්ශය අප කාටත් එක වරම වැටහී යයි: නොකඩවා අධ්‍යයනයෙහි යෙදෙන්න; පුහුණු වන්න. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගන්න. එවිට යහපතක් අත්වන ආකාරයට ඔබට වෙනස් විය හැකිය. එපමණක් ද නොව ඔබේ ප‍්‍රයත්නයන් කල් පවතින අතර ඔබේ අනාගත පරපුර ද ඉන් ඵල ප‍්‍රයෝජනය ලබයි.
එහෙත් ලැජ්ජාවට කාරණාවක් වන්නේ ඩාවින් සහ ඉන් අනතුරුව පැමිණි විද්‍යාඥයෝ ඉහත දැක් වූ චිත‍්‍රය එහෙම පිටින්ම වැරදි බව කියා සිටීමයි. ස්වභාවික වරණයේ(natural selection) බලවේග මගින් ගාල් කරනු ලැබූ DNAචල අහඹු විකෘති වීම් පරිණාමීය විපර්යාසයන් බලගන්වයි. මෙකී මූලික චිත‍්‍රයෙහි වෙනසක් නැතත්, අප කිව් ජිරාෆ් සතාගේ කතාවෙහි ඇතැම් මූලික කරුණු යථාර්ථයට සම්පූර්ණයෙන්ම පටහැණි නොවන බව පෙනී යයි. අපේ DNA යනු අනම්‍යශීලී උපදෙස් අත්පොතක්ය යන්න සම්මුතිගත වී ඇතත් ඇතැම් පර්යේෂණ වලින් දැක්වෙන්නේ අපේ DNA නම්‍යශීලීය, එමෙන්ම අප කලින් සිතා සිටියාට වඩා වැඩි ප‍්‍රමාණයකින් වෙනස්කම් සිදු කළ හැකිය යන්නය.

ඔබේ සෛල සියල්ලෙහිම එකම ජාන 20,000 ක් හෝ ඒ සමාන සංඛ්‍යාවක් දැරුව ද ඒ ඒ සෛළ වර්ග සෑම එකක්ම ඒවාට සුවිශේෂී වූ ජාන කට්ටල යොදා ගනු ලැබේ. ජාන නිවැරදි වේලාවට, නිවැරදි තැනදී ක‍්‍රියාත්මක හා ක‍්‍රියාවිරහිත කළ යුතුවේ. මෙය සිදුවන යාන්ත‍්‍රණය හඳුන්වනු ලබන්නේ අපිප‍්‍රවේණිය(epigenetic) යනුවෙනි. එනම් ජානමය ක්ෂේත‍්‍රයට ඔබ්බෙන් හා උඩින් ක‍්‍රියා කරමිනි.

අපිප‍්‍රවේණිමය තොරතුරු ජානවලට ලියනු ලබන්නේ ජීව විද්‍යාත්මක ලකුණු මාලාවක් මගිනි. මේ ලකුණු පාදකවන DNA අනුක‍්‍රමණයට බලපෑමක් නොකරයි. DNA පොදි ගසන ප්‍රෝටීන වලට හෝ DNA වලටම පවා රසායනික ලේබල සවි කළ හැකිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ෙසෙලයේ ජාන කියවන යාන්ත‍්‍රණයෙන් අපගේ ජෙනෝම වල ඇතැම් කොටස් ආවරණය කර දැමීමට (සැඟවීමට) හෝ ඒවා වඩාත් ආකර්ශණීය කිරීමට හැකිවේ. වඩාත් වැදගත් හෙවත් තීරණාත්මක ලෙස ජාන ක‍්‍රියා කරවීමට හා කි‍්‍රයා විරහිත කිරීමට හැකිවන අයුරින් අපිප‍්‍රවේණිය ලකුණු නැවත ලිවීමට සහ මකා දැමීමට අපේ සෛලවලට හැකිය.
අපගේ අපිප‍්‍රවේණිමය ලකුණු වඩා යහපත් අතට හැරවීමට සම්බන්ධ ක‍්‍රියාකාරකම් කිහිපය අතරට මල් ගෝවා(broccoli) ආහාරයට ගැනීම, හරිත තේ පානය මෙන්ම ව්‍යායාම් වල යෙදීම ආදිය දැක්වේ. හැබැයි මෙය අනෙක් අතටද ක‍්‍රියා කරයි. අපිප‍්‍රවේණිමය මංමාරු(epigenetic switches) හෙවත් වෙනස්වීම්, අසාත්මිකතාවේ සිට පිළිකා, ඇල්සයිමර්ගේ රෝගය ආදී රෝග ආබාධ ගණනාවකට වගකිව යුතු යයි ඇතැම් පර්යේෂකයෝ දොස් නගති.
අපිප‍්‍රවේණීමය වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට පැවරිය හැකි දැයි අප ප‍්‍රශ්න කරන්නට පටන් ගන්නා විට මාතෘකාව තවත් ආකර්ෂණීයවේ. මෙය සැබෑවක් නම් ඉන් හැඟන්නේ දෙමාපියන්ගේ චර්යාව ඔවුන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් පවා වර්ධනය වන ආකාරය කෙරෙහි ද, එමෙන්ම ජීවිතයේ පසු කලෙක ඔවුන් ගොදුරු වෙන රෝග කෙරෙහි ද බලපෑ හැකි බවයි. මෙය සිදුවීමට නම් එක් කොන්දේසියක් සැපිරිය යුතුය. එනම් ඩිම්බයේ හෝ ශුක‍්‍රධාතුවල DNA තුලට අපිප‍්‍රවේණිය ලකුණු ලිවිය යුතුවේ.ඒවායේ එකතුවේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන ජනිතයා තුළ සංරක්ෂිත වන අයුරින් පරම්පරා අතර අපිප‍්‍රවේණීය දෝෂ මගහරවා යලි නව ආරම්භයක් ඇති කළ හැකි යාන්ත‍්‍රණ ද ඇත. එහෙත් මෙය සැමවිටම පරිපූර්ණ ආකාරයෙන් සිදු නොවන බව ඇතැම් අධ්‍යයන පෙන්නුම් කරයි.

තවද, අතීත පරම්පරා ඊට පසු පරම්පරා කෙරෙහි බලපෑමක් කරන බව පෙනී යන ඇතැම් ගුප්ත නිදසුන් ද ඇත. මේ සම්බන්ධයෙන් ප‍්‍රකට සිද්ධියක් ලෙස ‘ලන්දේසි සාගත ශීත සෘතුව’(Dutch Hunger Winter) නම් සිද්ධිය දැක්විය හැකිය. දෙවන ලෝක සංග‍්‍රාමය හේතුවෙන් ඇති වූ සාගතයේදී ගැබ්ගත් ස්ත‍්‍රීන්ගේ දරුවන් සාමාන්‍යයට වඩා කුඩා බව සොයා ගැනිණ. එලෙසම යුද්ධයෙන් පසු ඇති වූ සෞභාග්‍ය සමයේ ජීවත් වුවද එකී ස්ත‍්‍රීන්ගේ මුණුබුරු පරම්පරාව ද සාමාන්‍යයට වඩා කුඩා විය.
වර්තමානයේ ගතහොත් දැනට මීට අදාලව මිනිසුන් තුළ මෙය සිද්ධවන බවට දැඩි සාක්ෂි විරලය. එහෙත් සාක්ෂි එන්ට එන්ටම වැඩි වේ. ඇත්තම එය අවධානයෙන් යුතුව නිරීක්ෂණය කළ යුත්තකි. ඔබගේ ව්‍යායාම චර්යාවන්, පිට්සා සඳහා ඇති කෑදරකම හෝ කැෆේන් වලට ඇති ආශක්ත වීම ඔබේ නූපන් දු දරු මුණුබුරු මිණිබිරියන් වෙත බලපෑම් ඇති කළ හැකිය. එහෙයින් ඔබ ඒ ගැන දැන සිටිය යුතුමය.
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි NEED TO KNOW: EPIGENETICS යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න