බටහිර රටවල ප්‍රකට තේරවිල්ලක් තියෙනවා,  අන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධ. කතාව මෙහෙමයි.  කලින් කතා කර ගැනීමක් නොමැති ව අන්ධ පුද්ගලයන් දෙදෙනෙක් සුපිරි වෙළඳසැලකට ඇතුල් වෙන්නෙ එකම වේලාවට ය.

එකම කවුන්ටරයට ගිහින් දෙදෙනාම මේස් කුට්ටම්  පහ බැගින් ඇනවුම්  කරනවා. මේස් කුට්ටම් 5,  වෙන වෙනම පාට වලින්. හදිසියේ අන්ධයෝ දෙදෙනෙක් එකම වෙලාවකට ඇවිල්ලා එකම විදිහට මේස් කුට්ටම් ඉල්ලා සිටිමෙන් අන්දමන්ද වෙලා හිටිය වෙළෙඳ සේවකයා මේස් කුට්ටම් දහයක්ම ( කළු2යි,  නිල් 2යි, අළු 2යි, කොළ 2යි, දුඹුරු 2යි බැගින්) එකම බෑගයකට දමා එක අයකුට එම බෑගය ද අනෙක් අන්ධ තැනැත්තාට හිස් බෑගයක ද  දෙනවා. සුපිරි වෙළෙඳසැළෙන් පිටතට යන ඔවුන් දෙදෙනා එළියේ දී මුණ ගැහෙනවා. එහිදී තමයි ඔවුන් දැන ගන්නේ ඔවුන් දෙදෙනා වෙන වෙනම ඉල්ලූ මේස් කුට්ටම් දහයම එකම බෑගයකට දමා ඇති බව. දැන් මොකද කරන්නේ? ඇස් පේන්නෙත් නැත්නම්, වෙනත් කෙනෙකු ගේ උදවු පතන්නෙත් නැතිනම් ඇත්තටම දෙදෙනා වර්ණ පහකින් මේස් කුට්ටම් පහ බැගින් තෝරා බේරා ගන්නේ කොහොමද?

Image result for sister  chromatids

අපට මෙහිදී උනන්දුව ගෙනදෙන සහසිද්ධියක් ගැන මතක් වෙනවා. ඒ තමයි අන්ද මිනිසුන් දෙදෙනා මුහුණ දෙන අභියෝගය ම සෛල ද  මුහුණ දෙන බව. ජනකයන් හෙවත් දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයකුගෙන් එක් කට්ටලය බැගින් උරුමකරගත්  ජානමය තොරතුරු කට්ටල දෙකක් ජීවීන් බොහොමයක් සතුව තිබෙනවා. සෛල විභාජනයට පෙර එක් එක් ත්‍රෝමසෝමයේ DNA, ප්‍රතිචලනයකරයි(replicates). ප්‍රති චලනයෙන් පසුව, දැන් එක් එක් ත්‍රෝමසෝමයේ පිටපත් දෙකක් ඇත. ඒවා, ස්වසෘ වර්ණ දේහාංශ(sister  chromatids) ලෙස හැඳින්වේ.  ඒ ඒ ත්‍රෝමයෝමයේ සෛල විභාජනය අවසානයේ ඇතිවන නව සෛල දෙකෙන් එක් එක් සෛලයට ජානමය ද්‍රව්‍යවල සම්පූර්ණ පිටපතක් ලැබීම වැදගත්ය. හරියට අන්ධයන් දෙදෙනා අතරින් ඒ ඒ අන්ධයා මේස් කුට්ටම් සම්පූර්ණ කට්ටලයක් ගෙදර ගෙන යා  යුතු වාගෙයි.

 

අන්ධයන්ගේ තේරවිල්ල විසඳන එක අසීරු නැහැ. මේස් විකුණන්නේ කුට්ටම් නැතිනම් ජෝඩු වශයෙන්. සාමාන්‍යයෙන් මේස් දෙක දෙක, එක ජෝඩුවක් හැටියට රැහැනකින් යා කර තිබෙනවා. බෑගයෙන් එක්  අන්ධයකු අත දමා එක් මේස් ජෝඩුවක් එලියට ගත් පසු ඒ ජෝඩුවට අයත් මේස් දෙක දෙපැත්තට අදින ගමන් ඒවා යාකරන රැහැණ සාක්කුවේ තිබු කුඩා පිහියක් එලියට ගෙන කපයි. එතකොට ඒ ඒ අන්ධයා තමන්ට ලැබෙන තනි මේස් එක  තමන්ගේ බෑගය තුළ දාගන්නවා.  මෙලෙස මේස් කුට්ටම් දහයම දෙකට බෙදී දෙදෙනාගේ බෑග් ඇතුලට යනවා. (මතකනේ? එක පාටකින් මේස් කුට්ටම් දෙක බැගින් තියෙනවා).  මේ ක්‍රියාදාමය අවසන් වන විට එක් එක් අන්ධයාට කළු මේස් දෙකයි, නිල් මේස් දෙකයි, යනාදී වශයෙන් මේස් දහයක් නැත්නම් ජෝඩු පහක් ලැබෙනවා.

Related image

පුදුම හිතෙන කාරණාව,  සෛල ද  නව දුහිතෘ සෛල(daughter cells) ලෙස ඒවායේ ක්‍රෝමසෝම වෙන් කර වෙත ලැබෙන්න සලස්වන්නෙ අන්ධයන්ගේ පිළියමට සමාන එකකික් වීමයි. ප්‍රතිචලිත ක්‍රෝමසෝම, විභාජනයට ලක්වෙමින් සිටින සෛලයක කේන්ද්‍රය වෙත පෙළ ගැසෙන අතර තේරවිල්ලේ මේස් වලදී මෙන්ම එක් එක් ක්‍රෝමසෝමයේ ස්වසෘ වර්ණ දේහාංශ විරුද්ධ දිශාවට අදිනු ලැබේ. separase නම් අණුක පිහියකින් වෙන්කරනු ලබන තෙක් (මේස් ජෝඩුවක් එකට එක් කර තිබු  රැහැනමෙන්) cohesin යනුවෙන් දැක්වෙන අණුවක් ස්වසෘ වර්ණ දේහාංශ එක් කර තබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන ක්‍රෝමසෝම වෙන්වන අතර සෛල විභාජනය වේ. මේ ක්‍රියාවලිය නිසා ඒ සෛලයේ ක්‍රෝමසෝම සම්පූර්ණ කට්ටලයක් තැන්පත්වීම සහතික කෙරෙනවා.

කෙසේ වෙතත් මෙම සාදෘශ්‍යයේදී අන්ධ මිනිසුන් සහ සෛල  එක් වැදගත් කාරනාවක් සම්බන්ධයෙන් වෙනස්කමක් දක්වනවා. අන්ධ  මිනිසුන් අතින් වැරැද්දක් සිදු වුණොත් එයින් එක් අන්ධයකුට මේස් එකක් අතිරේකව ලැබෙන අතර අනෙකාට ලැබෙන්නේ මේස් එකක් අඩුවෙන්. ඒත් ඉතින් ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙත් මනුෂ්‍ය සෛල සම්බන්ධයෙන් නම් ඒ දෙයම කියන්න බැහැ. උවමනාවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ක්‍රෝමසෝම නිපදවමින් ක්‍රෝමසෝම වෙන්වීමේදී දෝෂ ඇතිවීම, සෛලවලට  නිරතුරුවම මාරාන්තිකයි. මන්ද එය පිළිකාවට, ප්‍රජනනය බිඳවැටීමට හෝ ඇතැම් විට දරුණු ආබාධිත තත්ත්වයන් සහිත ළමුන් හට ගැනීමට මඟ පාදන හෙයිනි.

මේ තේරවිල්ල  සෛල ප්‍රජනන ක්‍රියාදාමය  ගවේෂණයෙහිලා කදිම පූර්විකාවක් වන්නට පුළුවන.

Genetics Essentials by Benjamin A. Pierce(THIRD EDITION) නම් ග්‍රන්ථයෙහි  Chromosomes and Cellular Reproduction:The Blind Men’s Riddle කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending