අද ලෝකයේ ‘පෙත්ත‘ (“the pill”) කියූ පමණින් හඳුනා ගැනීමට හැකි, කාන්තාවට දරු උපත් පිහිටීම වලක්වා ගැනීමට ගන්නා ගිලින පෙත්ත භාවිතයට ඇවිත් දැන් වසර 50කට වැඩි කාලයක් ගතවී ඇත. ‘ගිලින පෙත්ත‘ යැයි කියූ පමණින් එය කුමක්දැයි හඳුනා ගැනීමට තරම් එය ව්‍යාප්ත ව භාවිත කෙරේ. එහෙත් මෙම කාර්යය සඳහා පිරිමින්ට ගිලින පෙත්තක් නිපදවීමට විද්‍යාඥයන් කාලයක් තිස්සේ ඒ ගත් උත්සාහය වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි වී නැත.

කෙසේ වෙතත් පිරිමින් සදහා උපත් පාලන පෙත්තක් නිපදවීමේ කාර්යය සාර්ථකත්වයක් කරා ගෙන යාමට ළංවෙමින් සිටිනා බව දැන් විද්‍යාඥයෝ කියා සිටිති. මේ සම්බන්ධයෙන් සිදුකළ මුලික සමීක්ෂණයකදී පර්යේෂකයන්ට පෙනී ගියේ පිරිමි අය මේ අත්හදා බැලීමේ පෙත්ත දිනපතා මාසයක් තුළ ගත් විට එහි අඩංගු ඖෂධය ශුක්‍රාණු(sperm) නිෂ්පාදනය කිසියම් ආකාරයකට අවහිර කිරීමේ විභවයක් ඇති ව ක්‍රියා කරන බවකි. එමෙන්ම එය ආරක්ෂා සහිත බවත් ය. මෙම ඖෂධය හඳුන්වනු ලබන්නේ ‘ඩයිමෙතන්ඩ්‍රොලෝන් අන්ඩකැනොවේට්‘යනුවෙනි. ඉංග්‍රීසියෙන් දක්වන්නේ නම් dimethandrolone undecanoate හෝ කෙටියෙන් DMAU යනුවෙනි. (ලිපියේ ඉතිරි කොටසේ දී මේ ඖෂධය DMAU යන කෙටි ඉංග්‍රීසි යෙදුමෙන් දැක්වේ.) ‘පිරිමින් සදහා දිනකට වරක් පාවිච්චි කරන ගිලින පෙත්තක්’ වැඩිදියුණු කිරීමේ ව්‍යායාමයේ දී මෙය වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකියයි අධ්‍යයනයේ ජේෂ්ඨ කර්තෘ, ආචාර්ය ස්ටෙෆ්නී පේජ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඇය, සියැටල්හි වොෂින්ටන් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරියකි. මෙම පෙත්තෙහි අඩංගු ඖෂධය, ටෙස්ටොස්ටෙරෝන්(testosterone) වැනි පුරුෂ හෝමෝනයක් වන ඇන්ඩ්‍රොජනයක් හෙවත් පුං-ජනකයක් (androgen) ලෙසද, තවත් ලිංගික හෝමෝනයක් වන ප්‍රොජස්ටින් (progestin) ලෙසද ක්‍රියා කරයි. කෙසේ වෙතත්, මෙය ඇත්තටම ශුක්‍රාණු නිෂ්පාදනය අවහිර කරන්නේ ද යන්න සනාථ කිරීම පිණිස තවත් දීර්ඝ කාලීනව සිදු කෙරෙන අධ්‍යයන අවශ්‍ය බව පර්යේෂකයෝ කියා සිටිති.

අධ්‍යයනය, චිකාගෝ නුවර දී පැවැති අන්තෝසර්ග සංගමයේ (Endocrine Society), ENDO 2018 ලෙසින් හැඳින්වුනු 100 වැනි වාර්ෂික රැස්වීමට පසුගිය ඉරිදා (මාර්තු 18) ඉදිරිපත් කෙරිණ. අධ්‍යයනයේ සොයා ගැනීම තවමත් සමපදස්ථායන් සමාලෝචනයේ යෙදෙන සඟරාවක(peer-reviewed journal) පළ වී නොමැතිය.

වර්තමානයේ පිරිමින් සඳහා උපත් පාලන ක්‍රම ලෙස ඇත්තේ සම්භෝගයේ දී කොන්ඩම (රබර් කොපු) භාවිතය සහ ශුක්‍රාණු පහ වීමට පෙර ශිෂ්ණය ඉවත් කිරීම යන ක්‍රම දෙක පමණකි. එම ක්‍රම, ස්ත්‍රී න් භාවිතා කරන හෝමෝනමය උපත් පාලන ක්‍රම වලට වඩා කාර්යක්ෂමතාවයෙන් අඩු ය. මීට අමතරව පිරිමින් සදහා වාසෙක්තමි(vasectomy) ලෙස දැක්වෙන වන්ධ්‍යාකරන සැත්කම සිදුකළ හැකි නමුදු එය වඩාත් ආක්‍රමණශීලී ක්‍රමයක් වන අතර බොහෝවිට ආපසු හැරවිය නොහැක.
පිරිමින් සදහා වඳ පෙත්තක් හෙවත් උපත් පාලන පෙත්තක් නිපදවීමේ ප්‍රයත්න නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය. නිදසුනක් ගතහොත් මුඛයෙන් ගන්නා ටෙස්ටොන්ටෙරෝන් ඖෂධ ඉක්මනින් ශරීරයෙන් ඉවත් වේ. ඉන් කියවෙන්නේ ඖෂධය ඵලදායී වීමට නම් පිරිමින්ට ‘ගිලින පෙත්ත‘ දවසකට දෙවරක් ම ගත යුතු බව යයි පේජ් පෙන්වා දෙයි. එහෙත්, DMAU සතුව ඇති දිගු-දාම මේදඅම්ල අණුවක් මගින් (ශරීරයෙන්) ටෙස්ටොස්‍ටෙරෝන් ඉවත් කිරීම මන්දගාමී කරන අතර ටෙස්ටොන්ටෙරෝන් ශරීරය තුළ වැඩි කාල සීමාවක් පවතින බව ඉන් දැක්වෙන්නේ යයි ඇය පෙන්වා දෙයි.
DMAU සම්පරීක්ෂා කිරීම
![]()
නව අධ්‍යනය සඳහා වයස අවුරුදු 18 සිට 50 දක්වා පිරිමි 100 යොදා ගැනින. ඔවුනට අහඹු ලෙස මාත්‍රා 3 ක(මිලිග්‍රෑම් 100, 200 සහ 400 වශයෙන්) හෝ ගෞණ කල්පයක් (placebo- ඔසු පිරික්සීමේදී දෙන පෙනුමෙන් සමාන එහෙත් ඖෂධ රහිත) සැපයින. සහභාගීවන්නන් විසින් දිනකට වරක් බැගින් දින 28ක් මුළුල්ලේ ගනු ලැබිණ. නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් DMAU ආහාර සමග ගත යුතු යයි පර්යේෂකයෝ පෙන්වා දෙති.
වැඩිම මාත්‍රාවක් (මිලි ග්‍රෑම් 400) පෙති ගත් පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමෙහි මෙන්ම ශුක්‍රාණු නිපදවීමට අවශ්‍ය හෝමෝන දෙකක් වන luteinizing හෝමෝනයේ සහ follicle-ප්‍රබෝධක හෝමෝනයේ ද කැපී පෙනෙන මැඩපැවැත්වීමක් පෙන්නුම් කළේය. (කෙසේ වෙතත් අධ්‍යවේදීන් පිරිමින්ගේ ශුක්‍රාණු ගණනය සිදු නොකිරිනි). එවන් අඩු මට්ටම්, පිරිමි උපත් පාලනය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍යවන මට්ටම සමග ගැළපෙන බව පේජ් කියයි. පරික්ෂනයට ලක්වූවන්ගේ ටෙස්ටොන්ටෙරෝන් මට්ටම මෙලෙස පහළ ගිය ද ටෙස්ටොන්ටෙරෝ ඌනතාවය නිසා ඇතිවන චිත්ත ස්වභාව වෙනස් වීම් හෝ ශිෂ්ණ උදර්ජන(ශිෂ්ණය සෘජුවිමේ) අපහසුතාව වැනි ගැටලු වාර්තාවුයේ පරීක්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් ඉතා සුළු පිරිසකගෙනි. කෙසේ වෙතත් බර වැඩිවීම සහ යහපත් ක්ලෙස්ටරෝල් පහල වැටීම් වාර්තා වූවත් ඒ බලපෑම මද වශයෙන් දැනුන බවයි පේජ් කියා සිටියේ.
“මේ නව අධ්‍යයනයේ ප්‍රතිඵල ප්‍රබෝධජනකය” යි යනුවෙන් නිව්යෝර්ක් හි, බේ ෂෝ සවුත් සයිඩ් රෝහලේ අන්තෝසර්ගවේදී රොබට් කවුග්‍රි කියයි. හෙතෙම අධ්‍යයනයට සම්බන්ධ අයෙකු නොවේ. කෙසේ වෙතත් මේ අධ්‍යයන සාපේක්ෂව කුඩා එකක් හෙයින් වැඩිදුර පර්යේෂණ සිදුකළ යුතු බව ENDO 2018 රැස්වීමට සහභාගීවූ කවුග්‍රි ප්‍රකාශ කරයි. අතුරු බලපෑම් හීන බව වැඩිදුර පර්යේෂණ තුළින් පෙනී ගිය පසුව මෙම පිරිමි වඳ උපත් පාලන පෙත්තක් ලෙස වෙළෙඳ පළට එවීමේ හැකියාව ඇති බවයි ඔහු අදහස් කරන්නේ.
Live Science හි පල වූ Male Birth Control Pill Blocks ‘Sperm Hormones,’ But Will It Work? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න