මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

වර්ගවාදය යනු ඇතැම් ‘ජනවර්ග’(race) අනෙක් ජනවර්ග වලට වඩා වෙනස්වනවා  පමණක් නොව අනෙක් ඒවාට වඩා උසස්ය යන විශ්වාසයයි. මෙහි ප්‍රතිපලයක් ලෙස අපහාසාත්මක චර්යාවේ සහ අසමාන හෙවත් විෂම සැලකිල්ලේ සිට බලෙන් සිදුකරන විසංගමනය (ජන වර්ග වෙන්කර තැබීම) හා ජනසංහාර පවා දක්වා වූ  පරිහාරිය(වෙනස් අන්දමකට සැලකීමේ) භාවිතයන්, ඇබ්බැහි ඇතිවිය හැකිය. එවන් විශ්වාශයන් සහ භාවිතයන් පොදුවේ ගත්  කල සදාචාරාත්මක සහ විද්‍යාත්මක පදනම් මත පිහිට වර්තමානයේ ගර්හාවට ලක්වන නමුත් දෙවන ලෝක සංග්‍රාමය තෙක් සහ ඉන් ඔබ්බටත් ප්‍රචලිතව පැවතිණ.

‘ජනවර්ගය’ කියන සංකල්පයම පවා සංකීර්ණ මෙන්ම සැකමුසුය. අතිතයේ දී සන්නිවේදනයේ සහ ගමනාගමනයේ සීමාවන් නිසා ප්‍රජාවන් පිටස්තරයන් දෙස බැලුවේ සැකයෙන් හා අවිස්වාශයෙනි. එහෙත් එය බොහෝකොට භාෂාව සහ චාරිත්‍ර පදනම් කර ගනිමිනි. අප දැන් ජනවර්ගත්වය(ethnicity) යනුවෙන් හඳුන්වන්නේ එයයි. පිටස්තරයා, ප්‍රජාවේ ගති පැවතුම් වලට අනුගත වුයේ නම ඔහු හෝ ඇය පිළිගැනීමට ලක් විය හැක. ජනවර්ගය පිලිබඳ මෙම අදහසෙහි සහජයෙන් එන වෙනස්කම් යයි දෙයක් නැත.

යුරෝපිය නොවන විජිතවාසි ජනතාවන් කෙරෙහි දක්වන නව උච්චතා (superiority) ආකල්පයක් දහනවවන සියවසේ දී මතුව ආවේය.  මේ ආකල්ප,  ජනවර්ගය පිලිබඳ ව්‍යාජ-විද්‍යාත්මක න්‍යායන් ප්‍රකටවිමට පටන්  ගැනීමෙන්  තවත් බලවත් විය; ප්‍රතිසාධනය විය. මෙහිදී  ලොවපුරා මනුෂ්‍යයන් , (නුතන ජාන විද්‍යාඥයන් විසින් ඉතාමත් නොසැලකිය යුත් වෙනස්කම් ලෙස බැහැර කරන) සමෙහි පාට සහ දේහ ලක්ෂණ විද්‍යාව (physiognomy) වැනි ශාරිරික ලක්ෂණ අනුව විවිධ ‘උප විශේෂ’ ලෙස වර්ග කෙරිණ. මේ ව්‍යාජ-විද්‍යායාත්මක ‘න්‍යායන්’ අනුව සුදු ජාතික යුරෝපීයයන්,  ශාරිරිකව මෙන්ම මානසිකව ද  වඩාත් ‘පරිණාමය’ වූ හෝ ‘වැඩිදියුණු’ වූ මානවයන් ලෙස සැලකිණ.

සුජනකවාදීන්ට එරෙහි උද්ඝෝෂණයක්(1971)

මෙම න්‍යායන් හිස් මුදුනෙන් පිළිගත් (මනුෂ්‍යන්ගේ  කටයුතුවල දී උචිතොන්නොතිය පෙරට ගෙනා) සමාජ ඩාවින්වාදීන් සහ සුජනකවාදීන්(eugenicists) තරයේ කියා සිටියේ, ‘සංහතියේ’(stock)  ගුණාත්මක අගය හිනා නොවීම පිණිස,  බුද්ධිමය හෝ ශාරිරික හෝ  ජනවාර්ගික හෝ වශෙයන්  ‘පහත් හෝ බාල’  මිනිසුන්ගේ බෝවීම සිමා කල යුතයි යනුවෙනි. විසිවන සියවසේ මුල් කාලයේ දී සුජනකවාදින් සැලකුණේ බෙහෙවින් වැදගත් පිරිසක් ලෙසිනි. එහෙත් ඔවුන් සදහටම නට්සිවාදීන් හා සමබ්න්ධවිමත් සමගම ප්‍රසාදයෙන් ගිලිහින. හිට්ලර් ජනවාර්ගිකත්වය උච්චම අන්තයට ගෙනයමින් ඔවුහු ‘අර්ධ-මනුෂ්‍යයන්’ ලෙස සැලකු යුදෙව්, ස්ලාව්, ජිප්සී, සහ අනෙකුත් අය  මිලියන 14ක තරම පිරිසක් සම්මුලඝාතනය කළහ. එය ඉතිසාසයේ විශාලතම — එහෙත් අවසන නොවන — මිනිස් සංහාරයයි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Racism යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending