දිය ඇලි සුදුපාටට පෙන්නේ ඇයි?

ජලය අවර්ණයි කියල අපි කවුරුත් දන්නවා. එත්, දිය ඇල්ලකදී සිදුවෙනවා වගේ උස ස්ථානයකින් පහලට වැටෙන කොට ජලය සුදුපාටට පේන්න පටන්ගන්නවා. එත් එහෙම වෙන්නේ ඇයි?
මෙය සිද්ධ වන්නේ මෙන්න මෙහෙමයි: ජලයෙහි ඔක්සිජන් දියවී ඇති අතර උස ස්ථානයක සිට ජලය පහතට වැටෙන විට දියවී තිබෙන ඔක්සිජන් වායූවක ස්වරුපයෙන් වාෂ්ප වී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා දිය බුබුළු මිලියන ගණනක් සෑදෙනවා. ඉතින්, මේ කුඩා දිය බිඳිති කුඩා කැඩපත් ලෙස ක්‍රියාකරමින් විවිධ කෝණවලින්, විවිධ දිශාවන්ට ආලෝකය පරාවර්තනය කරයි.මෙය හැඳින්වෙන්නේ ආලෝක ප්‍රකිරණය(scattering of light) ලෙසටයි. ආලෝකය ප්‍රකිරණය වූ විට හෙවත් විසිරුණු විට එය සුදු පැහැගැනී, ඊට හේතුව විසාරි පරාවර්තනය(diffuse reflection ) යන සංසිද්ධියයි. හුමාලයෙන් වැසීගිය ජනෙල් වීදුරුවක මතුපිට මෙන් හෝ ඒ ආකාරයේ බල්බයක මතුපිට මෙන් විදුරු වගේ පැහැදිලි ද්‍රව්‍යයක විෂම පෘෂ්ටය(මතුපිට) ආලෝකය පතිත වුන විට ද මෙම විසාරි පරාවර්තනය දැකගත හැකියි.
සුළඟට කුඩා ගින්නක් නිවා දැමීමටත්, ලොකු ගින්නක් තවත් ඇවිලිමටත් හැකිවන්නේ කොහොමද?

කුඩා ගින්නක් පවතින විට දැඩි සුළං රැල්ලක් හමද්දී එය නිවී යනවා. එහෙම වෙන්නේ ඇයි කියලා මුලින් බලමු. ගින්නක දැල්ල හා තාපය දැවෙන වායුවල ප්‍රතිඵලයක්. තද හුලන් පාරකට පුළුවනි දැල්ල ඉන්ධනයෙන් වෙන්කොට තබන්න. එවිට ගින්න නිවී යනවා. ඒ එක්කම ගින්නක් දැල්වී තිබීමට ඔක්සිජන් අවශ්‍යයි. ඉතින් ගින්නකට ඔක්සිජන් අහිමි කලොත් එය නිවී යනවා.
තවද, සුළං හැමිමෙන් ගිනි තව තවත් වැඩිවෙමින් දැල්වෙනවා ඔබ දැක ඇති. එහෙම වෙන්නේ ඇයි? වාතයේ ඔක්සිජන් තිබෙන බව ඔබ දන්නවා. ඉතින් සුළං හමන්න, හමන්න ඔක්සිජන් සැපයුම වැඩිවෙනවා. එය තමයි ගින්න පෝෂණය කරන්නේ. ඉතින් සුළඟට එකිනෙක වෙනස් කාර්යයන් දෙකක් ඉටු කල හැකියි. පුදුමයි නේ?
බිත්තර කටුව ඇතුලේ කුකුළු පැටවා හුස්ම ගන්නේ කොහොමද?

මිහිපිට ඉන්නා කාටත් ජීවත්වීමට නම් ඔක්සිජන් අවශ්‍යවන බව අප කවුරුත් දන්නා කාරනාවක්. ඔව්, ඔබටත් මටත් වගේම බිත්තර කටුවක් ඇතුලේ ඉන්න කුකුල් පැටියාටත්! ආ, එත් බිත්තර ඇතුලේ ඉඳගෙන හුස්ම ගන්නේ කොහොම ද?
මිනිස් බිලිඳුන්ට — අනික් සතුන්ගේ වුණත් මවගේ සිරුර ඇතුලේ මුල් කාලය ගත කරමින් වැඩේන බිලින්දුන්ටත් — සිය මවගේ රුධිර ධාරාවෙන් ඔක්සිජන් ලබා ගන්ටත් අප ද්‍රව්‍යයක් ලෙස නිපදවන කාබන් ඩයොක්සයිඩ්(CO2) බැහැර කිරීමටත් පෙකෙණි වැලක් (umbilical cord) තියෙනවා. එහෙත් බිත්තර කටු ඇතුලේ වැඩෙන සත්ව ‘බබාලා’සතුව පෙකෙණි වැලක් නැහැ. ඔවුනට ඒ සඳහා පිහිට වන්නේ බිත්තරයේ තද කට්ටම එක්ක තියෙන පටල දෙක අතර පිහිටි ඔක්සිජන් පිරි වා පැසයි(air sac). බිලිඳා වැඩෙත්ම මේ වා පැස තුල තියන ඔක්සිජන් භාවිත කරන අතර නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් ද ඊට මුදා හැරෙනවා. අනතුරුව බිත්තරයේ තද කටුවෙහි ඇති ඉතා කුඩා සිදුරු තුලින් කාබන් ඩයොක්සයිඩ් පිට කෙරෙන අතර අලුතෙන් ඔක්සිජන් ඇතුලට ගන්නවා. ඉතින් බිත්තර කටුවක් ඇතුලේ හිටියත් පැටවෙකුට හුස්ම ගන්නත් වැඩේන්නත් අවස්තාව ලැබෙන්නේ ඔය විදිහටයි.
TELL ME WHY No. 87 (Manorama) හි පළවූ
Why do waterfalls appear white in colour?
Why can the wind extinguish small fires and fan large ones?
How does an unborn chick breathe inside its shell? යන කොටස් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න