මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සත්තාව හෙවත් සත්වයා පිලිබඳ අධ්‍යයනය හඳුන්වනු ලබන්නේ සත්භාවවේදය හෝ සත්භාව විචාරය(ontology) ලෙසටය. එහි මුලික අවධානය කුමක් පවතීද, කුමක් නොපවතිද යන්න ගැනය. එවැනි දේ අතර සාමන්‍යයෝ(universals), දේහ හෙවත් ශරීර වලින් තොර මනස්, ස්වච්ඡන්දය(free will), සාරයන්(essences) සහ දෙවියන් ඇතුලත්ය.
ප්‍රශ්නෝගත ‘දෙය’ පවතින්නේය(අස්තිත්වය) යනුවෙන් සැලකෙන්නේ නම් එවිට එය මනසින් හෝ භාෂාවෙන් තොරව හෙවත් ස්වාධීනව පවතින්නේ ද යන ප්‍රශ්නය පැන නගී. එමෙන්ම එය සංක්ෂේප කළ නොහැකි ද හෝ එය වෙනත් සංඝටකවලින් සමන්විතවන්නේ ද යනුවෙන් ද ප්‍රශ්න කළ හැකිය. අනෙකුත් දේවලට සාපේක්ෂව ද්‍රව්‍යයන් වශයෙන් හෝ ගුණ වශයෙන් හෝ ජාති ලක්ෂණ වශයෙන් හෝ යම් දේ පැවතිය හැකිද යන ප්‍රශ්න ද නැගිය හැකිය.

දර්ශනවාදයේ වඩාත් කල් අල්ලා සිටින විවාදයන් අතරින් එකකදී සලකා බැලෙන්නේ “නීල” හෝ “බළලා” වැනි සාමාන්‍යයන් සහ සුවිශේෂයන් යන පදවල තත්ත්වයයි. “යථාර්ථවාදීන්”( Realists) කියා සිටින්නේ සාමාන්‍යයන, මනසින් තොරව පවතින බවයි. අනෙක් අතට ආවලියේ අනික් කෙලවරේ සිටින “නාමමාත්‍රවාදීන්”( nominalists) තර්ක කරන්නේ එවන් සාමාන්‍ය පදයන්ගෙන් දැක්වෙන වස්තු අතර එම සාමාන්‍ය පදය හැරුනුකොට වෙනත් පොදු යමක් නොමැති බවයි,
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Being යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න