මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය මත අනෙකුත් ජීව ස්වරූප අතර අපි සුවිශේෂි වන්නෙමු. එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන් මිනිස් විශේෂය සතු සිතීම, පරිකල්පනය, නිර්මාණය සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.
අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.
මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

මානසික සෞඛ්‍යය
යහපත් මානසික සෞඛ්‍යයට මනෝවිද්‍යාත්මක, ශරීර විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක, සමාජයීය හා සංස්කෘතික පද්ධතිවල අන්තර් කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයි. සිය පෞද්ගලික, වෘත්තීය සහ සමාජමය ජීවිත තුළ මනුෂ්‍යයන්ට අභිමුඛවන සාමාන්‍ය සිදුවීම් සම්බන්ධයෙන් සාර්ථකව කි‍්‍රයාකිරීමට ඇති හැකියාව මානසික සෞඛ්‍ය ලෙස සාමාන්‍ය වශයෙන් පිළිගනු ලැබේ. කෙසේ වෙතත්, යහපත් මානසික සෞඛ්‍යය සමන්විත වන්නේ කුමකින්ද යන්න ගැන ඇති අදහස් එක් සංස්කෘතියක සිට තවත් සංස්කෘතියකට, එක් කාලවකවානුවක සිට තවත් කාලවකවානුවකට වශයෙන් වෙනස් වේ. යම් එක් සංස්කෘතියක සම්පූර්ණයෙන්ම උන්මාදනීය ලෙස සැලකෙන චර්යාවන් හෝ චර්යාවක් වෙනත් සංස්කෘතියක දී හුදු අසම්මත හැසිරීමක් ලෙස හෝ දිව්‍යමය අනුප්‍රාණයක් ලෙස පවා සැලකිය හැකිය. දිගින් දිගටම ආගමික හෝ දේශපාලන බලධාරීන් සමග මතභේදවලට එළැඹෙන්නන් ඇතැම් සංස්කෘතියන්වලදී මානසික රෝගවලින් පෙළෙන්නන් ලෙස හංවඩු ගැසීමට ඉඩ තිබේ. එපමණක් නොව, අසාමාන්‍ය මානසික තත්ත්වයන් සම්බන්ධයෙන් නිසියාකාරව ප‍්‍රතිකාර කිරීම කෙලෙස කළ යුතු ද ය න්න ගැන අදහස්ද විවිධය. කිසියම් සංස්කෘතියකදී අසාමාන්‍ය චින්තනය පිළිබඳ තොරතුරු ඕනෑකමින්ම දණ්ඩනයට යටත් කරන අතර අනෙකුත් සංස්කෘතීන්වලදී සමාජීය කැපවීම මගින් හුදකලා කිරීම මගින් සමාජ සහයෝගීතාව ඉහළ දැමීම මගින් යාඥා මගින් විස්තීරණ සම්මුඛ සාකච්ඡ මගින් හෝ වෛද්‍යමය කි‍්‍රයාමාර්ග මගින් කටයුතු කිරීමට ඉඩ තිබේ.
ආතති ජනක පරිසරවලද කි‍්‍රයාකිරීමේදී දක්වන හැකියාව ඒ ඒ පුද්ගලයන් අතර විශාල වශයෙන් වෙනස් වේ. ළමා අවධීයේ ආතති සම්බන්ධයෙන් කටයුතු කිරීම විශේෂයෙන්ම අසිරුය. තවද එය දරුවාකේ පසුකාලීනව එන අත්දැකීම් හා චින්තනය හැඩගැස්වීමට ඉඩ ඇති හෙයින් එවැනි පුද්ගලයෙකුගේ මනෝවිද්‍යාත්මක සෞඛ්‍යය හා සමාජ හැඩගැස්ම කෙරෙහි දිගු කාලීන බලපෑම් ඇති කළ හැකිය. තවද, මනෝවිද්‍යාත්මක කැළඹීමක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් කොපමණ හොඳින් කටයුතු කරන්නේද යන කාරණාව අතින්ද පුද්ගලයන් අතර වෙනසක්ම් ඇත. බොහෝ විට මනුෂ්‍යයන් මානසික වේදනාවට ප‍්‍රතිචාර දක්වන්නේ තමන්ට මානසික ගැටලූවක් ඇතැයි යන්න ප‍්‍රතික්ෂේප කරමිනි. එවැනි ප‍්‍රශ්නයක් තමන්ට තිබෙන බව හඳුනා ගත්තද ඒ සඳහා උපකාරයක් කිරීමට ඔවුනට මුදල්, කාලය හෝ සමාජමය සහයෝගය නොමැති විය හැකිය. කැළඹිලි සහගත චර්යාව දිගින් දිගටම පැවතීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස පවුලෙන්, වැඩපොළ ප‍්‍රධානීන්ගෙන් හා ප‍්‍රජා අධිකාරින්ගෙන් දැඩි ප‍්‍රතිචාර එල්ල වීමට පුළුවන. එවැනි ප‍්‍රතිචාර පුද්ගලයාගේ ආතතිය තවත් වැඩි කරයි.
මානසික කැළඹිලිවල රෝග ස්වභාවය නිර්ණය කිරීම සහ ප‍්‍රතිකාර කිරීම විශේෂයෙන්ම අසීරු විය හැකිය. ඊට හේතුව වන්නේ කෙනෙකුගේ මානසික ජීවිතයේ වැඩි කොටසක් සාමානයයෙන් එම පුද්ගලයාටද දැන ගත නොහැකිවන හෙයිනි. නිදසුනකින් මෙය පැහැදිලි කරගමු. අපට කෙනෙකුගේ නම මතක් කිරීමට වුවමනා වූ විට එය ඉබේටම මතකයට එනවා මිස නම සොයන්නට යෙවුණු කි‍්‍රයාදාමය ගැන දැනුමක්අපට නැත. එලෙසම අපට කෝපය, බිය සහ සහ විෂාදය (මානසික අවපාතය), ඒ ඇයි දැයි යන්න නොදැනීම, ඇති විය හැකිය. මානසික කැළඹිල්ල පිළිබඳ ඇතැම් සිද්ධාන්ත අනුව එවන් හැඟීම්, අතිශය කැළඹිලිසහගත සිතුවිලි හෝ සවිඥානකවීම වළක්වනු ලැබූ මතකයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවීමට පුළුවන. එවන් සිද්ධාන්ත මත පදනම්ව සිදු කෙරෙන ප‍්‍රතිකාරවලදී වද දෙන අවිඥානක සිතුවිලි පිළිබඳ හෝඩුවාවන් රෝගියාගේ සිහින තුළ හෝ මුවෙන් ඉබේටම පිටවන දේ තුළ සෙවිය හැකි අතර අදහස් එළියට ගැනීමට අවස්ථාව සලසා ගැනීම පිණිස දිගු වේලා කතා කිරීමට රෝගියා දිරිමත් කෙරේ. එසේ එළියට ගත් අදහස ගැන එවිට කි‍්‍රයා කළ හැකිය.

ඇතැම් වර්ගවල බරපතල මනෝවිද්‍යාත්මක කැළඹිලි පදනම්ව ඇත්තේ ජීව විද්‍යාත්මක විපරීතතා තුළය. මේවා කලක් සැලකුණේ මුළුමනින්ම අධ්‍යාත්මක හෝ මානසික ලෙසටයි. ටියුමර(පටකවල් අසාමාන්‍ය වැඩිමක්) හෝ බිඳුණු රුධිර වාහිනී හේතුවෙන් මොළ පටකයේ විනාශය හේතුවෙන් විවිධ චර්යාමය රෝග ලක්ෂණ ඇති විය හැකිය. නිදසුනක් ගතහොත්, මොළයේ හානි පැමිණීම හේතුවෙන් තේරුම් යන ආකාරයකට වචන යොදා ගැනීම හෝ අන් අය කියන දේ වටහා ගැනීමට නොහැකි වීම හෝ තේරුමක් නැති චිත්තවේගී හැසිරීම් හටගැනීම හෝ කෙරෙහි බලපෑ හැකිය.
මොළය තුළ ඇතැම් රසායන අඩුවෙන් නිපදවීම හෝ අතිරික්තව නිපදවීම හේතුවෙන් භ‍්‍රාන්තිය (hallucinations) සහ කල්පවතින විෂාදය ඇති විය හැකිය. වයස්ගත අයගේ ඇතිවන මානසික පරිහානිය සමහර විට මොළයේ සැබෑ රෝග හේතුවෙන් ඇති විය හැකිය. ජීව විද්‍යාත්මක විපරිතතාව හේතුවෙන්ම මානසික දුෂ්කි‍්‍රයාකාරිත්වයක් අවශ්‍යයෙන්ම හට ගන්නේ නැති වුවද පුද්ගලයෙකු අනෙකුත් කැළඹිලි කාරකවලට ගොදුරුවීමේ අවදානම අතිශය වැඩිය.

ප‍්‍රතිවිරුද්ධව නැතිනම් විලෝම වශයෙන් ගත් කළ තීව‍්‍ර චිත්තවේග තත්ත්වයන්ගේ කැපී පෙනෙන ජෛවරසායන බලපෑම් ඇතිවියහැකිය. බිය හෝ කෝපය රුධිරධාරාවට හෝමෝන මුදාගැනීමට සලස්වන්නේ ශරීරය කි‍්‍රයාකාරිත්වයට — එනම් නැවතී සටන් කිරීමට හෝ පළායාමට — සූදානම් කරයි. මානසික ව්‍යසන ද කෙනෙකු ජීවි විද්‍යාත්මක රෝගයන්ට ගොදුරු කිරීමේ හැකියාව කෙරෙහි බලපායි. තීව‍්‍ර හෝ කල්ගත චිත්තවේගී තත්ත්වයන් සමහර විට ස්නායු, අන්ත රංගික(හැඟීම් පාදක visceral) සහ ප‍්‍රතිශක්ති පද්ධතියෙහි වෙනස්කම් ඇති කරයි. නිදසුනකට, භීතිය, කෝපය විෂාදය හෝ හුදු අපේක්ෂා භංගත්වය පවා හිස කැක්කුම්, අල්සර (වණ ulcers ) හෝ ආසාදන වර්ධනය වීමට මඟපෑදිය හැකිය. එවැනි බලපෑම්, පුද්ගලයා මානසික ආතතිය ඇතිකිරීමේ හැකියාව පවා තවත් වැඩි කරයි. මෙය දුෂ්කි‍්‍රයාකාරකම්වලට මග පාදන දුෂ්ට චක‍්‍රයක් නිර්මාණය කරයි. අනෙක් අතට, සමාජමය සම්බන්ධතා සහ සහයෝගය ඇතැම් රෝගවලට ප‍්‍රතිරෝධ දැක්වීම් හෝ ඒවායේ (රෝග) බලපෑම් අවම කිරීමට ද හේතුවන බවට සාක්ෂි තිබේ.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම් 6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි MENTAL HEALTH යන කොටස ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න