මේකත් අහන්න ඕන ප‍්‍රශ්නයක්ද කියලා කෙනෙකුට එකවරම සිතෙන්නට පුළුවන. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝකයක විශේෂයෙන්ම බ‍්‍රහස්පති හෝ සෙනසුරු වැනි යෝධ කැපී පෙනෙන ග‍්‍රහයෙකුගේ අනුරූපයකට ඇඟිල්ල දිගුකොට ‘මෙන්න ග‍්‍රහයන්’ යයි පෙන්වීමට අද ජීවත්වන කුඩා ළමයෙකුට වුවද හැකිය. එහෙත් ‘ග‍්‍රහයා’ යන වචනයෙහි අර්ථය ඊට වඩා සියුම් ගතියක් දක්වන අතර කාලයත් සමග අර්ථයෙහිද වෙනස්කම් ඇති වී තිබේ. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඉමෙහි ග‍්‍රහවස්තූන් ගණනාවක් සොයා ගැනීමත් සමගම 2006 වර්ෂයේදී තාරකා විද්‍යාඥයන් බොහෝ පිරිසකට ‘ග‍්‍රහලෝකය’ යන්න විධිමත් ආකාරයකට විග‍්‍රහ කිරීම අවශ්‍ය විය. ඒ අනුව, අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (International Astronomical Union) එම වසරේ දී ග‍්‍රහයා (a planet) යන්න විග‍්‍රහ කරමින් තීරණයක් ගත්තේය. ඒ අනුව යම් වස්තුවක්
* සූර්යා වටා කක්ෂ ගතව ගමන් කරයි ද
*වටකුරු හෝ වටකුරු හැඩයට ආසන්න වීමට තරම් ප‍්‍රමාණවත් ස්කන්ධයකින් යුක්ත ද
*වෙනත් අභ්‍යාවකාශ වස්තුවක චන්ද්‍රිකාවක් (satellite) හෙවත් චන්ද්‍රයෙකු නොවන්නේ ද
* එහි කක්ෂ වටපිටාවෙන් සුන් බුන් හා කුඩා වස්තූන් ඉවත් කර ඇත් ද
ඒ අනුව එම වස්තුව ග‍්‍රහයෙකු ලෙස විග‍්‍රහයක් කෙරේ.

මේ සමගම 2006 දී අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය නව වර්ගීකරණයක්ද හඳුන්වා දුන්නේය. එනම් ‘වාමන ග‍්‍රහලෝකය’ (dwarf planet) යන්නයි. වාමන ග‍්‍රහලෝකයක් යනු ඉහත ‘එහි කක්ෂයමත වටපිටාවෙන් වෙනත් වස්තූන් ඉවත් කර තිබීමේ කොන්දේසිය හැර ග‍්‍රහලෝකයකට තිබිය යුතු වෙනත් කොන්දේසි සපුරාලන ග‍්‍රහ වස්තුය. මේ නව විග‍්‍රහයට අනුව එතෙක් ග‍්‍රහලෝකයක් ලෙස සැලකුණු ප්ලේටෝ එම තත්ත්වයෙන් පහත හෙළමින් වාමන ග‍්‍රහයෙකු බවට පත්විය.

බහුතර ඡන්දයෙන් මෙම විග‍්‍රහයන් සම්ම්ත කර ගනු ලැබූවද හැම තාරකා විද්‍යාඥයෙකුම ඊට එකඟවූයේ නැත. විශේෂයෙන්ම New Horizons අභ්‍යවකාශ යානය 2015 දී ප්ලේටෝ ආසන්නයෙන් පියඹායාමෙන් අනතුරුව මතභේද යළි ඉස්මත්තට පැමිණියේය. එම යානය මගින් හෙළිකරනු ලැබුවේ ප්ලේටෝ භූවිද්‍යාත්මක විපර්යාසයන්ගෙන් හෙබි සංකීර්ණ ලෝකයක් බවයි. මීටර 3,500ක් තරම් උස කඳු, මීතේන් අයිස් සහ වෙනත් ද්‍රව්‍යවලින් සමන්විත, හෘද වස්තුවක හැඩය ගත් ටොම්බව් රේගියෝ(Tombaugh Regio) (ප්ලේටෝ සොයා ගත් එ.ජ. තාරකා විද්‍යාඥයාගේ ටොම්බව් ය.) යන අන්වර්ත නාමයෙන් දැක්වෙන තලයක් මෙන්ම සර්ප හැවක් සේ පෙනී යන අමුතුම පෙනුමක් ඇති අයිස් වැටියෙන් යුතු භූමි භාගය, ප්ලටෝගේ භූවිද්‍යාත්මක විපර්යාස ගතිලක්ෂණ අතර වේ. මෙකී චාරිකාවෙන් පසුව New Horizons මෙහෙයුමේ සාමාජිකයන් විද්‍යා ලේඛන ඉදිරිපත් කිරීම් මගින් තර්ක කර සිටින්නේ ප්ලේටෝ ග‍්‍රහයෙකුම වන බවයි. ‘විද්‍යාත්මක සොයා ගැනීම් දිගටම මහජනයා පුදුමයකට පත් කිරීමට සමත් වෙනවා’ යයි New Horizons මෙහෙයුම් ප‍්‍රධාන පරීක්ෂක ඇලන් ස්ටර්න් 2018 දී පැවසීය.
ග‍්‍රහලෝක පිළිබඳ ඉතිහාසය :

ග‍්‍රහයෙකු හඳුන්වනු ලබන “planet” නම් ඉංගී‍්‍රසි වචනය මුලින් බිඳී විත් ඇත්තේ ‘තැනින් තැන’ යන්නා(wanderer) තේරුම ඇති ගී‍්‍රක වචනයකිනි. පුරාණ සංස්කෘතින් ගණනාවකට අයත් ජනයා මේ ‘ගමන් කරන තාරකා’ නිරීක්ෂණය කළ ද තාරතා විද්‍යාත්මකව, ඒවා ගැන වඩාත් විස්තරාත්මක වශයෙන් සොයා බැලීමට 1600 ගණන්වල ටෙලස්කෝපය සොයා ගන්නාතුරු හැකි වූයේ නැත. කුඩා ටෙලස්කෝප බ‍්‍රහස්පති වටා ඇති ‘චන්ද්‍රයන්’ අනාවරණය කිරීමට සමත් විය. මෙය ගැලීලියෝ ගැලීලි පමණක් නොව කතෝලික සභාවේ ඔහුගේ විරුද්ධවාදීන් ද පුදුමයට පත් කලා නොඅනුමානය. එපමණක් නොව ග‍්‍රහලෝක පිහිටියේ දුර ඇත නිසාත් ඒවා පියවි ඇසින් දැක ගැනීමට අසීරු නිසාත් ආදි කාලයේ මනුෂයන් නොදැන සිටි අභ්‍යාවකාශ වස්තූන් හෙළිකිරීමට ද ටෙලස්කෝප් භාවිතය අවස්ථාව සලසාදුනි.
තාරකා විද්‍යාඥ විලියම් හර්ෂෙල් යුරේනස් සොයා ගන්නේ 1781 මාර්තු 13 දා ය. අඟහරු හා බ‍්‍රහස්පති අතර පිහිටි සෙරෙස් (Ceres) සොයා ගැණුනේ 1801 දී ය. එය මුලින් ග‍්‍රහයෙකු ලෙස වර්ග කෙරුණ ද පසු කලෙක ග‍්‍රහක (asteroids) ලෙස නම් කෙරුණු වස්තූන් අතර පළමු වැන්නා බවට පත් විය. නෙප්චූන් සොයා ගැනුනේ1846 දිය.

විද්‍යාඥයෝ සෞර ග‍්‍රහ මණ්ඩලයේ පිටත ප‍්‍රදේශ දිගින් දිගටම සොයා බැලූවේ ‘X ග‍්‍රහයා’ (Planet X) යයි විරුදාවලි ලත් ‘ග‍්‍රහයා’ සෙවීමටය. මේ ‘ග‍්‍රහයා’ නෙප්චූන් සහ යුරේනස්ගේ කක්ෂයන්ට බාධා පමුණුවන්නේ යයි සැක කෙරිණි. මේ ගැන පසුව උනන්දුව හීන වී ගිය නමුත් ක්ලයිඞ් ටොම්බව් ට 1930 දී වඩාත් කුඩා අභ්‍යාවකාශ වස්තුවක් සොයා ගත හැකි විය. නෙප්චූන්ගේ කක්ෂයට ඔබ්බෙහි පිහිටි මේ වස්තුව එකළ ග‍්‍රහයෙකු ලෙස හඳුන්වනු ලැබූ ප්ලෝටෝය. ඉන් අනතුරුව පරම්පරා දෙකක් යනතුරු සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් වෙන වස්තු සොයා ගැනීමට නොහැකි විය. එහෙත් මේ තත්ත්වය 2000 ගණන්වල දී වෙනස් විය. කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ තරුණ තාරකා විද්‍යාඥයෙකු වන මයික් බ‍්‍රවුන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙහිදී පෙරමුණ ගත්හ. සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ප‍්‍රදේශ ගැන නිරතුරු සෙවිල්ලෙන් සිටි මේ පිරිසට ‘ඌටි වලාකුළ’ නමින් හැඳින්වෙන දුර ඈත අයිස්මය කලාපය තුළ කැපී පෙනෙන වස්තුන් ගණණාවක් 2001 ත් 2005 ත් අතරෙදි සොයා ගනු ලැබීය. කුවොසර්, සෙඞ්නා, හමුමියා, එරිස් (සහ එහි චන්ද්‍රයා වන) ඩයිස් නොමියා සහ මකෙමකේ ඒ අතර කැපී පෙණින. මේ සොයා ගැනීම්මාලාවන් සමගම අන්තර්ජාතික තාරකාවිද්‍යා සංගමය ඒ පිළිබඳ සාක්ෂි පරීක්ෂා කරමින් වසර දෙකක් ගත කර 2006 වර්ෂයේ අගෝස්තු මස මහ සභා රැස්වීමක් කැඳවීය. ග‍්‍රහලෝකය මෙන්ම අලූතෙන් එකතු වූ ‘වාමන ග‍්‍රහයා’ යන්න පිළිබඳ අර්ථ නිරූපණය සැකසුනේ එහිදීය. තත්ත්වයෙන් පහළ වැටුණු ප්ලේටෝ සමග අ.ජා.තා. සංගමය වාමන ග‍්‍රහයන් ලෙස සලකන්නේ තවත් හතරක් පමණි. සෙරස්, එරිස්, මකෙමකේ සහ හමුමියා. කෙසේ වුවද, වාමන ලෙස නම් කළ හැකි තවත් වස්තුන් 200ක් පමණ සෞරග‍්‍රහ මණ්ඩලයේ සහ කුයිපියර තීරයේ ඇතැයි ඇතැම් තාරකා විද්‍යාඥයෝ කියති. අ.තා.ස. තීරණය ගෙන දැනට දශකයට වැඩි කාලයක් ගත වී ඇතත් ප්ලේටෝගේ ‘ග‍්‍රහ’ තත්ත්වය පිළිබඳ විවාදය දිගටම පවතී. මේ අතර වාරයේ පිටත සෞර ග‍්‍රහ මණ්ඩලය තුළ ග‍්‍රහලෝක සෙවීමේ ප‍්‍රයත්නයන්ද දිගටම සිදුවේ. ඉන් වඩාත් ප‍්‍රකට කුයිපියර් පථයේ වස්තූන්ගේ කක්ෂයට බලපාන ‘න්‍යායකූල ග‍්‍රහලෝකයක්’ ලෙස සලකන 9 වැනි ග‍්‍රහයයි(Planet Nine).
Space.com හි පළවූ What Is a Planet? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න