මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

සිවිල් සමාජයට ප්‍රතිවිරෝධිව රාජ්‍යයක් යනු මායිම් වෙන් කරන ලද භුමිප්‍රදේශයක් තුල ක්‍රියාත්මක කිරීමට බලයක් හිමි නීති පද්ධතියක් සහ  ආණ්ඩුවක් සහිත විධිමත්ව සංස්ථාපනය කල පුද්ගලයන්ගේ අභිසංගමයකි. රාජ්‍යයක්, සමහර අංශවලින්  පුද්ගලකුට සමානය: එය, එහි ක්‍රියාවන් සඳහා  – ජනප්‍රිය පිළිගනිම අනුව මෙන්ම ජ්‍යාත්‍යන්තර නිතිය අනුවද – වගකිව යුතු යයි සැලකෙන අතර එයට අයිතිවාසිකම් හා බන්ධනයන්ද ඇතැයි සැලකේ.  කාලය ගතවීමත් සමගම රාජ්‍යයට පෞද්ගලික අනන්‍යතාව වැනි දෙයක් අත්පත් කර ගනියි. තවද, ඇත්තටම රාජ්‍යයන් බොහෝ විට Uncle Sam (ඇමරිකා එක්සත් ජනපදය ලෙස  –  චිත්‍රය බලන්න) හෝ  John Bull (එංගලන්තය ලෙස – චිත්‍රය බලන්න) වැනි චරිත ස්වරූප අනුව පුද්ගලාරෝපණය කෙරේ.

රාජ්‍යය යනු තම තමන්ගේ අන්‍යොන්‍ය  වාසිය පිණිස එකට එක්වන පුද්ගලයන්ගේ ස්වේච්ඡා අභිසංගමයක් ලෙස ද දැකිය හැකිය. සමාජ ගිවිසුමේදී(social contract) අදහස්වෙන්නේ මෙයයි. විකල්ප වශයෙන් ගත් කල, යම් නිශ්චිත භුමිප්‍රදේශයක් ඇතුළත ප්‍රචණ්ඩත්වය තනි අයිතියට ගැනීම  සහ  නිත්‍යානුකුල කිරීම ලෙස රාජ්‍යය,  බලයට සම්බන්ධ කරමින්  සැලකිය හැකිය. මාක්ස්වාදීන් රාජ්‍යය යන්න  සුනිශ්චිතව දකින්නේ ආර්ථික සංවර්ධනයේ එක්තරා අවධියක නැතිනම් අදියරක දී ධනේශ්වර නිෂ්පාදනය සුරක්ෂිත කිරීම පිණිස මතුවී එන්නාවූ ආයතනයක් ලෙසිනි.

(රාජ්‍යය සහ ආණ්ඩුව යන දෙකම බොහෝ විට එකම අර්ථය දැක්වීම පිණිස යොදනු ලැබේ. ඇතැම් ශබ්ද කෝෂවල පවා එලෙස අර්ථ දැක්වීම් දැකගත හැකිය. ලබන සතියේ මෙම ලිපි මාලාව යටතේ  thathu හි පලවන ආණ්ඩුව යන ලිපිය මේ දෙක වෙන්කොට හඳුනා ගැනීමට උපකාරී වනු ඇත – thathu සම්පාදකවරු)

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ The State යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending