මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය මත අනෙකුත් ජීව ස්වරූප අතර අපි සුවිශේෂි වන්නෙමු. එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන් මිනිස් විශේෂය සතු සිතීම, පරිකල්පනය, නිර්මාණය සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.
අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.
මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.
ශාරීරික සෞඛ්‍යය
යහපත් කි‍්‍රයාකාරී තත්ත්වයෙන් පසුවීමට නම් මනුෂ්‍ය ශරීරයට විවිධ ආහාර සහ අත්දැකීම් ගණනාවක්ම අවශ්‍ය වේ. පුද්ගලයාගේ ශරීර ප‍්‍රමාණය, වයස, ලිංගිකත්වය (ගැහැනු පිරිමි බව), කි‍්‍රයාකාරී වන මට්ටම සහ පරිවෘත්තීය (metabolic) අනුපාතය අනුව එම පුද්ගලයාට අවශ්‍ය වන ආහාර ශක්තිය (කැලරි) ප‍්‍රමාණය වෙනස් වේ. හුදු ශක්තිය සඳහාම හැරුණු කොට සාමාන්‍ය ශාරීරික කි‍්‍රයාකාරිත්වය සඳහා, ශරීරය සෑදී ඇති ද්‍රව්‍යවලට එකතු කිරිමට හෝ එම ද්‍රව්‍ය ආදේශ කිරීම පිණිස යම් ද්‍රව්‍යයන් අවශ්‍ය වේ: අසංතෘප්ත මේදය (unsaturated fats), ඒවායේ පරමාණු මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන මූල්‍ය ද්‍රව්‍ය ගණනාවක අංශු මාත‍්‍ර ප‍්‍රමාණයන් සහ ඇමයිනෝ අම්ල සහ විටමින් ඇතුළුව මානව සෛලවලට සංස්ලේෂණය කිරීමට නොහැකි ද්‍රව්‍යවල ඇතැම් අංශුමාත‍්‍ර ප‍්‍රමාණ අවශ්‍ය වේ.
ශරීරයේ පද්ධති බොහොමයක් සාමාන්‍ය තත්ත්වය අනුව ඒවා, ඒවයේ අනුවර්තී කාර්ය භාරය(adaptive function) ඉටුකිරීම අවශ්‍ය වේ. නිදසුනක් ගතහොත් මාංශපේශී, චලනයට මඟපෑදිය යුතුය. අස්ථි, බර දරා ගත යුතුය. එමෙන්ම හෘදය වස්තුව, රුධිරය කාර්යක්ෂමව පොම්පකළ යුතුවේ. මේ අනුව, නිත්‍ය පදනමක් යටතේ ව්‍යායාමවල යෙදෙමින් සෞඛ්‍ය සම්පන්න හෘදයවස්තුවක්/පෙනහලූ පද්ධතියක් පවත්වාගෙන යාම, පේශී සෞඛ්‍යය පවත්වාගෙන යාම සහ අස්ථි භංගුරවීමෙන් (බිඳෙන සුළු) වළක්වා ගැනීම පිණිස වැදගත් වේ.

ශරීරයේ කි‍්‍රයාකාරිත්වයට බාධා පමුණුන ද්‍රව්‍යවලට අධික ලෙස නිරාවරණයවීම වළක්වා ගැනීම මත යහපත් සෞඛ්‍යය රඳා පවතී. ඒ ඒ පුද්ගලයාට පාලනය කර ගත හැකි මේවා අතර ප‍්‍රධාන තැනක් ගන්නේ (ළය පිළිකාව, එම්පිසිමාව(emphysema ) සහ හෘද රෝගවලට බලපාන) දුම්කොළ, (මානසික හා ස්නායු පද්ධති රෝගාබාධවලට බලපාන) ආසක්තකාරි හෙවත් ඇබ්බැහි ඇතිකරන ඖෂධ සහ (අක්මාව, මොළය සහ හෘදයවස්තුව කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇතිකරවන) අධික ප‍්‍රමාණවලින් මධ්‍යසාරය ගැනීම යන්න ආදියයි. මෙයට අමතරව, (ඊයම්, ඇතැම් පලිබෝධ නාශක සහ විකිරණශීල සමස්ථානික වැනි) ද්‍රව්‍ය, මිනිසුන්ට හානිකර විය හැකි අන්තරායකාර මට්ටම්වලින් පරිසරයේ පැවතිය හැකිය. එහෙයින්, වාතය, පස හා ජලය ගැන සැලකිල්ලෙන් සිටිමින් ඒවා ආරක්ෂාකාරීව තබා ගැනීම පිණිස ජනතාව පොදුවේ ගන්නා සාමූහික ප‍්‍රයත්න මතද ඒ ඒ පුද්ගලයන්ගේ යහපත් සෞඛ්‍යය රඳා පවතී.
මිනිසුන්ගේ සිරුරේ සාමාන්‍ය කි‍්‍රයාකාරිත්වයට, අනෙකුත් ජීවීන්ගෙන්ද බාධා පැමිණිය හැකිය. ඇතැම් බැක්ටීරියා හෝ දිලීර වර්ග ශරීරය ආසාදනයට පත් කර ඒවාට අභිමත ඉන්ද්‍රීයයන්ගේ හෝ පටකවල ගනාවාස පිහිටුවා ගනී. වෛරස සෞඛ්‍යසම්පන්න සෛල ආක‍්‍රමණය කර ඒවා ලවා තව තවත් වෛරස සංස්ලේෂණය කරවා ගන්නේ සාමාන්‍යයෙන් එම කි‍්‍රයාදාමයේ දී එකී සෛල මරා දමමිනි. බඩවැල්වල, රුධිරධාරාවේ හෝ පටකවල පැළපදියම් විය හැකි සත්ව පරපෝෂිතයන් මගින්ද බෝවෙන රෝග ඇතිවෙයි.

බෝවෙන රෝග කාරකවලට එරෙහිව ශරීරයේ මුල්පෙළ ආරක්ෂක විධිවිධානය වනුයේ එවන් රෝග කාරක ශරීරයට ඇතුල්වීම හෝ ශරීරයෙහි පදිංචිවීම වළක්වාලීමය. ඒවා ඇතුල්වීම අවහිර කිරීම පිණිස සම, ඒවා පිටතට රැගෙන යාම සඳහා කඳුළු සහ කෙළ (ඛේටය), ඒවා මරා දැමීම පිණිස ආමාශ සහ යෝනි ස‍්‍රාවයන්ද මුල්පෙළ ආරක්ෂකව සඳහා ඇති යන්ත‍්‍රණ අතරට අයත් වේ. ආක‍්‍රමණශීලී ජීවීන්ට එරෙහිව මීට අදාළ ආරක්ෂක පියවර අතර සම පිරිසිදුව තබාගැනීම, නිසියාකාරව ආහාර ගැනීම, අපවිත්‍ර හෝ දුෂණයට ලක්වූ (contaminated ) ආහාර සහ දියරවර්ග ප‍්‍රයෝජනයට නොගැනීම සහ අනවශ්‍ය ලෙස රෝගවලට නිරාවරණයවීම සාමාන්‍යයෙන් වැළකී සිටීම ද ඇතුළත් වේ.
ශරීරයේ දෙවැනිපෙළ ආරක්ෂාව වන්නේ (ශරීරයේ) ප‍්‍රතිශක්ති පද්ධතියයි. ශ්වේතානු (white blood cells) ආක‍්‍රමණිකයන් වට කිරීමට මෙන්ම, ආක‍්‍රමණිකයාට පහර දෙන (හෝ අනෙකුත් ශ්වේතාණුවල ප‍්‍රහාරයන්ට මඟ පාදන) විශේෂිත ප‍්‍රතිදේහ(antibodies) නිපදවීම යන කාර්යයන් දෙකම ඉටු කරයි. ආක‍්‍රමණයෙන් ගැලවීගෙන පැවතීමට පුද්ගලයාට හැකිවුවහොත් මෙකී ප‍්‍රතිදේහවලින් සමහරක්, ක්ෂණිකව ඒවා තවත් බොහෝමයක් හැකියාවද සමගින් (ශරීරය තුල) රැඳී සිටියි. ඉතිං එතැන් පටන් වසර ගණනාවක්ම යනතුරු ඇත්තටම මුළු ජීවිත කාලය පුරාවටම පවා ප‍්‍රතිශක්ති පද්ධතිය ඒ ආකාරයේ ආක‍්‍රමණික ජීවීන්ට මුහුණදීමට සැරසී සිටින අතර රෝගය සීමා කිරීමට හෝ වැළැක්වීමට හැකිවේ. එසේ නම් කෙනෙකුට ආක්‍රමණිකයන් ගෙන සෑදෙන සෙම්ප‍්‍රතිෂ්‍යාව නැවත නැවත සෑදෙන්නේ මන්දැයි විමතියක ඇතිවන්නට පුළුවන. මන්ද , පුද්ගලයෙකුට ‘සෙම්ප‍්‍රතිෂ්‍යාව’ කිහිපවරක්ම වැළඳිය හැකි බව අප දන්නා හෙයිනි. එසේ වන්නේ , එක සමාන සෙම්ප‍්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ සාදන එක ආක්‍රමණිකයෙකු හෙවත් විෂබීජ එකක් නොව විෂබීජ ගණනාවක්ම ඇති හෙයිනි.

අසාත්මික (Allergic) ප‍්‍රතිචාර හට ගන්නේපරාග(රේණු)වල, සතුන්ගේ ලොම්වල හෝ ඇතැම් ආහාරවල දැකිය හැකි අන්දමේ පරිසරයේ ඇති ඇතැම් ද්‍රව්‍යවලට අසාමන්‍ය ලෙස ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර දැක්වීම හේතුවෙනි. සමහර අවස්ථාවල අපගේ ප‍්‍රතිශක්ති පද්ධතිය අක‍්‍රමත්ව කි‍්‍රයා කිරීමෙන් සිරුරේ සෞඛ්‍ය සම්පන්න සෛලවලටම පවා පහරදීමට පුළුවන. ඒඞ්ස් වැනි ඇතැම් වෛරසමය රෝග ප‍්‍රතිශක්ති පද්ධතියේ වැදගත්ම සෛල විනාශ කර දැමීම හේතුවෙන් බහුවිධ බෝවෙන රෝග කාරකයන් සහ පිළිකාමය ෙසෙල සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීමේදී සිරුර අසරණ වේ.
කෙසේ වෙතත් මනුෂ්‍ය සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ බෝවෙන රෝගම පමණක් නොවේ. තනිකරම ශාරීරාභ්‍යන්තර හේතු නිසාවෙන් සිරුරේ කොටස් හෝ පද්ධතිවල කි‍්‍රයාකාරිත්වය බෙලහීනවීමට හෝ හානි හට ගැනීමට හැකිය. ශරීර කි‍්‍රයාදාමයන් වැරදි ආකාරයට කි‍්‍රයා කිරීමට අපගාමී ජාන(deviant genes) හේතු විය හැකිය. පහසුවෙන් රුධිරය වහනයවීම වැනි ඍජු, ප‍්‍රත්‍යක්ෂව පෙනෙන බලපෑමක් ඒවාට තිබිය හැකිය. නොඑසේ නම් ධමනි අවහිරවීම හෝ මානසික විෂාදය වැනි සුවිශේෂ රෝග වර්ධනය පිණිස ඇති ශරීරයේ ග‍්‍රාහීතාව (susceptibility) හෙවත් නැඹුරුව පමණක් වර්ධනය කරනවා විය හැකියි. එවන් ජාන සහජයෙන් උරුම කරගන්නවා විය හැකිය. නැතහොත් පුද්ගලයකුගේ වර්ධනය සිදු වීමේදී එක ෙසෙලයක හෝ ෙසෙල කිහිපයක විකෘතියක ප‍්‍රතිඵලයක් විය හැකියි. ජානයක කාර්ය භාරයන්නිසියාකාරව ඉටු කරනු පිණිස ජාන යුගලයකින් නියමාකාරයෙන් කි‍්‍රයාකාරී එක් සෛලයක් ප‍්‍රමාණවත් වන හෙයින් බොහෝ ජානමය රෝග දෙමාපිය දෙදෙනාගේම ජානයක වැරදි ස්වරූපයක් උරුම කර ගැනීමකින් තොරව ඇති නොවේ. මේ හේතුව නිසාම දෙමාපිය දෙදෙනාට වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමට ඉඩ ඇත.

මෙයට බොහෝ කාලයකට පෙර මනුෂ්‍ය කායිකවේදය අනුගත වී තිබුණාට වඩා බොහෝ සෙයින් වෙනස් භෞතික සහ සමාජීය වටපිටාවක ජනතාව අතුරෙන් වැඩිකොටසක් ජීවත් වන්නේය යන කාරනාව පොදුවේ ගත් කල ජනගහනයේ සෞඛ්‍ය තීරණය කරන සාධකයකි. නුතන, කාර්මික රටවල එක් ‘විපරිතයක් හෙවත් අසාමාන්‍ය තාවක්’ වනුයේ අහාර වේලයි. කලින් සිටි මිනිසුන්ගේ ආහාරවේලට ඇතුල් වුණේ ප‍්‍රධාන වශයෙන් නොපිසූ ශාක සහ සත්ව කොටස්ය. එහෙත් දැන් අතිරික්ත ප‍්‍රමාණයෙන් සීනි, සංතෘප්ත මේද සහ ලවණ මෙන්ම කැෆේන්, මද්‍යසාර, නිකටින් සහ අනෙකුත් මත්දරව්‍ය ඇතුළත්ය. ප්‍රාග්ඓතිහාසික යුගයේ ක්‍රියාකාරී ජිවන රටාවට පටහැනිව අද මානවයන් බොහෝ දෙනා ගෙවන ජීවිතය ව්‍යායාම් වලින් තොරවීම තවත් විපර්යාසයකි. එපමණක් නොව පාරිසරිකදුෂකවලට මුහුණදීමට සිදුවීම සහ ජනාකීර්ණ, කාර්ය බහුල සීග්‍රයෙන් වෙනස්වනසුළු පරිසරයක ජීවත්වීමේ මානසික පීඩනයද තවත් සාධක ලෙස ගත යුතුය. අනෙක් අතට නව වෛද්‍යමය ක‍්‍රමවේදය, කාර්යක්ෂම සෞඛය සත්කාර සැපයුම් පද්ධති, වැඩිදියුණු ස්වස්ථතාව සහ රෝග ස්වභාවය ගැන වඩාත් පුළුල් අවබෝධයක් ජනතාවට තිබීම යන සාධක හේතුවෙන් සිය මුතුන් මිත්තන් ගතකලාට වඩා සෞඛ්‍ය සම්පන්නව සිටීමට අද ජීවත්වන මිනිසාට වැඩි අවස්ථාවක් උදා වී ඇත.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම් 6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි PHYSICAL HEALTH යන කොටස ඇසුරෙනි.
6 වෙනි පරිචේදයෙහි ලිපි පෙළ මින් අවසන් . ලබන සතියේ සිට 7 පරිචේදය යටතේ ලිපි ලිපි පෙළ පළවේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න