මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for sovereignty

උත්තරීතර බලය යන අර්ථයෙන් ගත් විට ස්වාධිපත්‍යයට ආකාර හෝ අංග දෙකක් ඇත. ජ්‍යාත්‍යාන්තර නීතිය අනුව ස්වෛරී රාජ්‍යයක් යනු සිය දේශ සීමාව ඇතුළත සිමා රහිත බලයක් පවතින රාජ්‍යයක් ලෙස ජ්‍යාත්‍යාන්තර වශයෙන් පිළිගැනිමට ලක්වන්නකි. කෙසේවෙතත්, ජාතියක ස්වාධිපත්‍යය යම් ආකාරයක සම්මුතිගතවිමකට ලක් විය හැකිය. නිදසුනක් ලෙස යුරෝපා සංගමය වැනි ජාතික සීම ඉක්මවන සංවිධානයක සාමාජිකත්වය මගින් එවැනි සම්මුතියකට එළඹිය පැමිණිය හැකිය. තවද, ප්‍රතිවාදීන් කිසියම් සන්තක ප්‍රදේශයක් ගැන ප්‍රතිවාදීන් එකිනෙකා අයිතිය කියාපෑමක් ඉදිරිපත් කිරීමෙන් රාජ්‍යයන් අරගලවලට ලක්වේ.

Related image

රාජ්‍යයක් ඇතුළත ගතහොත් ස්වාධිපත්‍යය රැඳී පවතින්නේ කොයිබද යන ගැටලුව මතුවේ. ආගමික හෝ අධ්‍යාත්මික අධිකාරි බල සීමාව සම්බන්ධයෙන් ඇත්තටම රෝමානු කතෝලික සභාව සමග මතභේද තිබුණෙ වී නමුත් කලින් යුරෝපයේ රාජාණ්ඩුවල, එය රජු තුළ පවතින්නේයයි පෙනී ගියේය. බ්‍රිතාඥයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙද්දී, විධායක තීරණ ගැනිමේ බලය ඒ අවස්ථාවේ පවතින කැබිනට් මණ්ඩලය සතු වී නමුත්  තත්ත්වාකාරයෙන් නැතිනම් ඇත්තවශයෙන්ම ‘පාර්ලිමෙන්තුවේ රජු හෝ රැජන’  තුළ නෛතික ස්වාධිපත්‍යය  පවතින්නේය යන මතය ඉස්මතුවන්නට විය.  එක්සත් ජනපදයේ අභ්‍යන්තර පැවරී ඇත්තේ ව්‍යවස්ථාව වෙතය.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Sovereignty යන කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending