දත් බෙහෙත් ගිලින්න හොඳ නැහැ කියලා තමයි නිර්දේශ කෙරෙන්නේ. මේ හන්දා තමයි වයස අවුරුදු හයෙන් පහළ ළමුන්ට ගෙදර දොරේ වැඩිහිටියන් භාවිත කරන සාමාන්‍ය දත් බෙහෙත් සුදුසු නැහැ කියලා කියන්නේත්.
දන්තාලේපයක ඇති ප්‍රධාන ජෛවක්‍රියාකාරී ද්‍රව්‍යය(bioactive ingredient) වන්නේ සෝඩියම් ෆ්ලුරයිඩ්ය. දන්තාලේප ටියුබයක අඩංගුව පවතින ෆ්ලුරයිඩ්, හය හැවිරිදි දරුවෙකුට මරණය ළඟා කරදීමට ඔනෑ තරම් ප්‍රමාණවත්. අනික දන්තාලේප කුඩා දරුවන් ආශාකරන මින්ට්, ස්ට්‍රෝබෙරි ආදී විවිධ රසයන්ගෙන් ද නිපදවන නිසා එවා කුඩා දරුවන්ට පහසුවෙන් ගැනීමට නොහැකි ආකාරයකට තැබිය යුතුයි. එසේ අනතුරු හඟවන නමුත් ඒ ආකාරයේ ගැටළුකාරී අවස්ථා වාර්තාවී අත්තේ ස්වල්පයකි. ඒවා අතරින් වුණත් දරුණුම ඒවා පවා මාරාන්තික වී නැහැ.

ආමාශයේ ආස්තරයට නැතිනම් ඇතුල්පැත්තට හානි පැමිණවිමට ෆ්ලුරයිඩ්වලට හැකියි. එසේවූවිට සාමාන්‍යයෙන් වමන දැමිම සිදුවන නිසා එ මගින් දන්තාලේපයෙන් බොහොමයක් ඉවත්වීමෙන් රුධිර ධාරාවට ෆ්ලුරයිඩ් අවශෝෂණය වෙන්නේ නැහැ.
කුඩා ළමුන් සඳහාම නිපදවන දන්තාලේපවල සාමාන්‍යයෙන් ෆ්ලුරයිඩ් අඩංගු නැත. ඒ නිසා ගිලුණත් ගැටළුවක් ව්න්නෙත් නැහැ. කුඩා අවධියේ දරවන්ට ඇත්තේ ‘කිරිදත්’ නමින් හඳුන්වනු ලබන තාවකාලික දත් නිසා ෆ්ලුරයිඩ් වලින් සැලසෙන සෙත ඒවාට නොලැබි ගියාට දිගු කාලීන දන්ත ගැටළුවලට බලපෑමක් නැහැ.
දත් බෙහෙත් සෑදි ඇත්තේ මොනවායින්ද?යනුවෙන් තතු මැයි 18 දා කලාපයෙහි පළවූ ලිපියද කියවා බලන්න.
Why Milk Is White & 200 Other Curious Chemistry Questions (2013) ග්‍රන්ථයේ Are there chemicals in toothpaste that can hurt
you? and . . . Why can’t you swallow toothpaste when you can
swallow a mint? කොටස ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න