මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ලෝකයේ රටවල් බොහොමයකට  ලිඛිත ව්‍යවස්ථාවක් ඇත. ව්‍යවස්ථාව යනු ආණ්ඩුවේ බලතල නිශ්චිතකෙරෙන සහ සීමාකෙරෙන, ආණ්ඩුවක් තෝරා පත්කෙරෙන්නේ කෙසේ දැයි පැහැදිලිකෙරෙන, සහ තනි තනි පුරවැසියාගේ අයිතිවාසිකම් විදහාදක්වන මූලික නීති සමූහයකි. ව්‍යවස්ථාපිත ආණ්ඩුවක් තුළ දේශපාලන නිදහස සහ ජනතාවගේ අභිමතය අන්තර්ගත කෙරෙතැයි අපේක්ෂිතය.

Related image

සමාජ සම්මුතිය යන අදහස මත පිහිටා ඉස්මතුවෙමින්  ව්‍යවස්ථානුකූලවාදී චින්තනය වැඩිදියුණු කෙරුණේ දාහත් සහ දහ අට වෙනි ශතවර්ෂවලදීය. ලෝකයේ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්  මුලින්ම ස්ථාපිත කළ රටවල් අතුරෙන් මහා බ්‍රිතාඥය එකකි. ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක රජුගේ බලතල පාර්ලිමේන්තුවේ අභිමතයෙන් සීමා වෙයි. කෙසේවෙතත්, මහා බ්‍රිතාඥය සතුව ලිඛිත ව්‍යවස්ථාවක් නොමැතිවීම අසාමාන්‍යය දෙයකි.

Image result for Constitutionalism

ලෝකයේ ප්‍රථම වැදගත් ලිඛිත ව්‍යවස්ථාව, 1780 ගණන්වල වැඩි දියුණු කෙරුණු එක්සත් ජනපද ව්‍යවස්ථාවයි. මෙ මගින්  ජනතාව, මහ  ආණ්ඩු සහ ෆෙඩරල් ආණ්ඩු  අතරේ සංවරණ හා තුලන(checks and balances)  පෙළක්ම තහවුරු කෙරුණු  අතර වර්තමානයේ රටවල් බොහොමයක දැකිය හැකි බලය බෙදීමේ සිද්ධාන්තය ඉන් ස්ථාපිත කෙරුණි.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Constitutionalism යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending