ජීව විශේෂයක් ලෙස ගත් කල. අප අනෙකුත් මිනිසුන්ගේ සමාගමෙහි අපගේ ජීවිතය ගෙවා දමන සමාජ ජීවියෙකි. එඬේර කණ්ඩායම්, ගම්, පුරවර, රටවල් වැනි විවිධ ආකාරයේ සමාජමය කණ්ඩායම් වශයෙන් අපි සංවිධාන වන්නෙමු. අප කටයුතු කරගෙන යන්නේ, වෙළහෙළඳාම් කරන්නේ, කී‍්‍රඩා කරන්නේ, ප‍්‍රජනනය කරන්නේ සහ වෙනත් බොහෝ ආකාරවලින් අන්තර් කි‍්‍රයා කරන්නේ එම සමාජ කණ්ඩායම් තුළය. අනෙකුත් සත්ව විශේෂමෙන් නොව අපි සමාජීය චර්යාවෙහි සහ සංවිධානයෙහි ඕනෑකමින් සිදු කරන වෙනස්කම් සමග සමාජානුයෝජනය(සමාජයට හැඩගැසීම ) කලක් ගත වන විට එක්කරන්නෙමු. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මානව සමාජයේ හැඩතල නැතිනම් රටා තැනින් තැනට, යුගයෙන් යුගයට සහ සංස්කෘතීන් අතර වෙනස්කම් දක්වන්නේ සමාජයීය ලෝකය ඉතා සංකීර්ණ මෙන්ම ගතික පරිසරයක් බවට පත්කරවමිනි.
මානව චාර්යාව පිළිබඳ අන්තර් ඥානය, මූලයන් බොහොමයකින් පැමිණේ. මේ ලිපි මාලාවෙන් අදහස් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක සොයා බැලීම පදනම් කරගෙනය. මූලිකවම එසේ වුවද, සාහිත්‍යය, නාට්‍යය, දර්ශනවාදය සහ අනෙකුත් විද්‍යා නොවන ශික්ෂණයන්ද අප ගැන අපට තිබෙන අවබෝධය කෙරෙහි කැපී පෙනෙන ආකාරයට දායක වෙයි. සමාජ විද්‍යාඥයෝ ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවේශයන් යොදා ගනිමින් විවිධ සංස්කෘතික දේශපාලනික ආර්ථික සහ මනෝවිද්‍යාත්මක පර්යාලෝකයන්ගෙන් මානව චර්යාව අධ්‍යයනය කරති. පුද්ගලයන් මෙන්ම සමාජ චර්යාවන්හි සමානුයෝගී රටා මෙන්ම එම රටාවල විද්‍යානුකුල පැහැදිලි කිරීම් ඔවුහු සොයා බලති. ඒවා, බොහෝ දෙනා සවිඤ්ඤානකව ලෝකය ගැන සිතූ ආකාරයෙහි කොටසක් නොවීමට ඉඩ ඇතත් සමහර අවස්ථාවල එවැනි රටා පෙන්වා දුන් කල ඒවා දැබසිටි බවක් හුරු බවක් පෙනී යන්නේය. අනෙක් අවස්ථාවලදී මෙම රටා විද්‍යානුකූල පරීක්ෂණ මගින් හෙළිදරව් කෙරුණු රටා ලෙස මානව චර්යාඑරි ඇතැම් අංග සම්බන්ධයෙන් ජනයා බොහෝ කල් තිස්සේ දරා සිටින විශ්වාසයන් වැරදි බව පෙන්වා දෙනු ඇත.
මෙම පරිච්ඡ්දයේදී මානව සමාජයේ කේන්ද්‍රීය පැතිකඩ හතක් ගැන විස්තර කෙරේ.

සමාජ කණ්ඩායම් චර්යා
ජනතාව, තමන් උපත ලබන සමාජයීය හෝ සංස්කෘතික වටාපිටාවට අයත් වනවා පමනක් නොව සමාන නැතිනම් පොදුවේ රැකියා, විශ්වාසයන් හෝ ඇළුමක් දක්වන දෑ පදනම් කරගනිමින් ස්වේච්ඡවෙන් (සංගම්, දේශපාලන පක්ෂ හෝ සමාජ වැනි) කණ්ඩායම්වලට එක්වෙති. මේවායේ සාමාජිකත්වය දැරීමෙන් ජනතාව තමන්, තමන් ගැනම සිතන ආකාරය මෙන්ම අනිත් අය ඔවුන් ගැන සිතන අන්දම කෙරෙහි ද බලපෑම් ඇති කරයි. මෙම කණ්ඩායම්, සිය සාමාජිකත්වයේ චර්යාව වඩාත් කල් ඇතිව පුරෝකතනය කළ හැකිවන පරිදි අපේක්ෂාවන්(අරමුණු) සහ අණ පණත් පනවති. මෙම නීතිරීති දැඩි විධිමත් බවකින් තොර, සාමාජික හෝ වෙනත් පිරිසක් සමග සමාගමයේදී හැසිරිය යුතු ආකාරය වැනි ආදර්ශයෙන් පළ කරන ඒවා විය හැකියි. එසේත් නැතිනම් දැඩිව තදින් කි‍්‍රයාත්මක කරන ලිඛිත නීතිරීති විය හැකියි. තමන් සිය සාමාජිකත්වයෙන් බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ හැසිරීමක්ද හෙවත් චර්යාවක්ද යන්න නිලමය හෙවත් වඩාත් විධිමත් කණ්ඩායම් විසින් (ප‍්‍රශංසා කිරීම, ත්‍යාග සහ වරප‍්‍රසාද වැනි) ප‍්‍රතිලාභ මගින් සහ (තර්ජන, දඩ සහ කණ්ඩායමෙන් ඉවත්කිරීම වැනි) දඬුවම් මගින් සන්කරනු ලැබේ.
ස්වේච්ඡාවෙන් එකතු වූවා හෝ ඒ තුළ උපත ලැබූවා හෝ වේවා කිසියම් කණ්ඩායමකට අනුබද්ධවීමෙන් විශාල පිරිසක් සමග එකට එක්ව සිටීමේ වාසි අත් පත් වේ. එනම් (මුදල් හෝ ශ්‍රමය වැනි) සම්පත් සැමටම ප‍්‍රයෝජනයට ගැනීමට හැකි වීම (වැඩ වර්ජන, උද්ඝෝෂණ හෝ ඡන්දයදීම වැනි අවස්ථාවලදී) එකට එක්ව කි‍්‍රයාකිරීම, (සංවිධාන, සංකේත ලාංජන හෝ මාධ්‍යයේ අවධානය දිනාගැන්ම) වැනි අනන්‍යතාව හා පිළිගැනීම වේ. සෑම කණ්ඩායමක් තුළම තමන්ගේ කාණ්ඩය සෙස්සන්ට වඩා ඉහළය යනුවෙන් බොහෝවිට සිතීම වැනි සාමාජිකයන් දරන ආකල්ප ඇතුළත්ව තම කණ්ඩායම පිළිබඳ හැඟීමක් තිබීම බොහෝ විට ඇතුළත් වන තම කාණ්ඩය තුළ සංසක්තියක් හෙවත් ඒකාබද්ධභාවයක් තහවුරු කිරීමට උපකාරී වුවද අනෙකුත් කාණ්ඩ සමග තදබල ගැටුම්වලට ද මඟපෑදිය හැකිවේ. අනෙකුත් කාණ්ඩයම් කෙරෙහි දක්වන ආකල්පය ඒකාත්මික කිරීම(stereotyping) හා සම්බන්ධ වේ — කණ්ඩායමක සියලූම සාමාජිකයන් එක වගේ යයි සිතා එලෙස සැලකීම සහ එම ජනතාවගේ සැබෑ චර්යාව තුළ නිරීක්ෂකයාගේ ප‍්‍රාග් විනිශ්චයන්ට අනුකූලවන ගුණයන් පමණක් තේරුම් ගැනීම ඒ ආකාරයේ ඒකාත්මික කිරීම්ය. එවන් සමාජයීය පූර්ව මතයන්ට අතරට වෛද්‍යවරුන්ට, පූජක පක්ෂයට වැනි ඇතැම් ප‍්‍රවර්ගවල පිරිස්වලට අන්ධානුකරණයෙන් ගරු කිරීම මෙන්ම පිටරැටියන්ට හෝ කාන්තාවන්ට වැනි අනෙකුත් ප‍්‍රවර්ගවල ජනතාවට අන්ධානුකරණයෙන් නිගරු කිරීමද අයත් වේ.

කණ්ඩායම්වලට හැසිරීම යනු ඒවායේ එක් එක් සාමාජිකයාගේ හැසිරීමෙහි එකතුවක් ලෙස අවබෝධ කර ගත නොහැක. නිදසුනක් ලෙස දක්වතොත්, එක් එක් පුද්ගලයන්ගේ ආක‍්‍රමණශීලී ප‍්‍රවණතාව හෙවත් නැඹුරුව එකට එකතු කිරීමෙන් නූතන යුද වැදීම් හෝ ගැටීම් වටහා ගත නොහැක. පුද්ගලයකු ආගමික මෙහෙයකදී හෝ පාපන්දු තරගයකදී හෝ උද්ඝෝෂනයකදී වැනි පිරිසක් සමග සිටියදී තනිව හෝ පවුලේ සාමාජිකයන් හා සමග සිටින විටදීට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකට හැසිරේ. ගැටවර ළමයි කිහිප දෙනෙකු එක්වූ විට ගොඩනැගිල්ලක් නිකරුනේ කඩා බිඳ දමා අලාභ හානි පැමිණිය හැකි නමුත් ඉන් එක අයෙකුවත් තනි තනිවම එවන් කිසිවක් සිදු නොකරනු ඇත. ඒ අර්ථයෙන්ම ගත් විට වැඩිමහළු අයෙකු යම් සමාජයක හෝ ආගමික සංවිධානයක සාමාජිකයෙකු වශයෙන් ඉන්නා විට පෞද්ගලිකව සිදු කරනවාට වඩා වැඩි වශයෙන් ත්‍යාගශීලීවනවා මෙන්ම අන් අයගේ අවශ්‍යතා ගැන සැලකිලිමත්වේ. කණ්ඩායමක ගත කිරීමේ අවස්ථාව, කණ්ඩායමේදී හවුලේ කරන කාර්යයන් සඳහා ප‍්‍රතිලාභ සහ පිළිගැනීම සපයන අතර එක් තනි පුද්ගලයකුට දෝෂ දැක්වීම හෝ ගෞරවය ලබාදීම අපහසු කරයි.
සමාජ සංවිධාන එවා නිල වශයෙන් පෙනී සිටින කාර්යයන්ට ඔබ්බෙන් ගිය හෙවත් ඉක්මවා ගිය අරමුණු බොහොමයක් වෙනුවෙන් සේවය කළ හැකිය. නිදසුන්: විනෝදාස්වාදය සඳහා කැප වූ පෞද්ගලික සමාජ බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරික ගනුදෙනු සිදු කිරීම පිණිස යොදා ගැනේ; ඉගෙනීම සහ ශික්ෂණය ප‍්‍රවර්ධනය කිරීම නිල අරමුණු වශයෙන් පවතින විශ්ව විද්‍යාල පන්ති භේදය ප්‍රවර්ධනයට හෝ අඩුකිරීමට බලපානු ඇත; ව්‍යාපාරික හා ආගමික සංවිධානවලට, බොහෝ විට ලාභයක් උපයා ගැනීමට හෝ ආගම උගැන්වීමට එහා ගිය දේශපාලන හෝ සමාජීය න්‍යායපත‍්‍ර ඇත. බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ තමන්ගේ කටයුතුවලින් එක්තරා ප‍්‍රවර්ගයක ජනතාව ඈත් කර තැබීම(කණ්ඩායම්වල) අප‍්‍රකාශිත කාර්යයක් බවට පත්වීමයි. මෙය ද වෙනස් ආකාරකින් සැලකීමේ (discrimination) තවත් ස්වරූපයකි.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ HUMAN SOCIETY නම් 7 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 7 වෙනි පරිචේදයෙහි GROUP BEHAVIOR යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න