සමහර මුහුදු පක්ෂීන් ක්ෂණිකව පහලට පියඹා යන්නෙ මුහුදු ජලය මතුපිට ආසන්නයට එන රසවත් ගොදුරක් ඩැහැගන්නා අටියෙනුයි. ඒත් ඔවුන් පුදුමයටත්, විමතියටත් පත් කරමින් ඔවුන්ගේ හොටයට හසුවන්නේ ප්ලාස්ටික් ගොඩකි. මුහුදු ආශ්‍රිත ජීවීන් විසින් ආහාර යයි වරදවා සිතා සාගරයේ ඇති ප්ලාස්ටික් සුන්බුන් පරිභෝජනය කිරිම සාගර සංරක්ෂණයේදී පැන නගින ප්‍රධාන ගැටලුවක් බවට පත්වෙමින් පවතී. මෙ කාරනයම තවත් අවුලට පත් කරන්නක් බවට පත්කරන තවත් සාධකයක් පර්යේෂකයන් විසින් මෑතක සොයා ගනු ලැබ ඇත: එනම්, ඇතැම් පක්ෂින්ට ප්ලාස්ටික් සුන්බුන් ආහාරයක් ලෙස පෙනෙනවා පමනක් නොව ආහාරමය සුවඳක් ද ගෙන එන බවයි.

පක්ෂීන්ට ගොදුරක ඉව දැනේ
ගොදුරු සොයා ගනු වස්, දිගු පියාපත් ඇති මුහුදු පක්ෂි වර්ගයක් වන ඇල්බ්‍රසයා (albatrosses), කුඩා මුහුදු ලිහිණි වර්ගයක් වන පිටරැළයා(petrels) වැනි පක්ෂින් එක්තරා රසායනයක් කෙරෙහි අවධානය යොමු කරන බව කලින් සිදු කල අධ්‍යන වලින් පැහැදිලි විණ: එනම් කවචයන්(crustaceans), දැල්ලන් සහ අනෙකුත් සාගර සත්වයින් ආහාරගනිමේ දි ශාක ප්ලවාංග මගින් නිපදවෙන ඩයිමීතයිල් සල්ෆයිඩ් නැතිනම් කෙටියෙන් දක්වතොත් DMS ය. ඇත්තටම DMS කෑමට කැඳවන සීනුවක් වැනිය: “ඔන්න දැන් ගොදුරු මුහුදෙ පිහිනමින් ඉන්නවා, ඇවිදින් කන්න” කියා කුරුල්ලන් කැඳවන්නාක් වැනිය.
එහෙත් පක්ෂීන්ගේ අවාසනවට දෝ සාගරය මත පාවෙන ප්ලාස්ටික් කැබලි වාසභූමි කරගන්නා ඇල්ගී මගින් ද DMS නිපදවනු ලැබේ. ඉන් සිදුවන්නෙ ‘ඔන්න දැන් ගොදුරු දිය මත පීනනවා’ යන වැරදි පණිවුඩය ප්ලාස්ටික් මත විසුම් ගත් ඇල්ගී නිපදවන DMS මගින් කුරුල්ලන්ට ලබාදිමයි. කුරුල්ලන්ට එය දැනෙන්නෙ තවත් ආහාර වේලක සුවඳ මෙනි. එහෙත් යුහුසුළුව පහළට පියාසර කරන පක්ෂීන් ඩැහැගන්නේ රසවත්, පෝෂ්‍යදායී ආහාරයක් නොව ඔවුන්ගේ ආමාශයෙදී දිරවිමට නොහැකි ප්ලාස්ටික් කසළය.
සාගර මතුපිට පාවෙන ප්ලාස්ටික් රොඩු බොඩු මගින් ඇත්තටම DMS නිපදවෙන්නේ දැයි සොයා බැලීම පිණිස කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සුලබ ප්ලාස්ටිශ් වර්ග තුනක් පිරවූ බෑග සති තුනක් තිස්සේ මුහුදේ පාවෙන්නට හැරියහ(බෑග්වල බහා ප්ලාස්ටික් දැමුවේ සුවඳ ආවත් ඒවා පක්ෂින්ට ආහාරයට ගැනිමට නොහැකි වන සේය). මෙ පර්යෙෂණයෙන් ද අනාවරණය වූයේ මුහුදේ පාවෙන ප්ලාස්ටික් සුන්බුන් වලට කුරුල්ලන් ප්‍රතිචාර දක්වන බවයි. මෙම හෙළිදරව්ව මිට පෙර කෙරුණු අධ්‍යන ප්‍රතිඵල සනාථ කරයි. මේ දෙයාකාර තර්ජනය — පෙනිම හා සුවඳ — සාගර පක්ෂී විශේෂ ගණනාවකට මරු කැඳවන්නකි.
(මෙහෙම බලන කොට, මුහුදට සත්ගව්වක් දුරින් පිහිටි ප්‍රදේශවල ජීවත්වන අය පවා කුරුලු ඝාතනයට නොදැනුවත්ව හෝ සම්මාදම්වනවා නේද? — පරිවර්තක)
Discover(On line) සඟරාවේ පළවූ Something Stinks: Why Seabirds Eat So Much Plastic යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න